මධ්‍යම පළාතේ ගෙවතු වගාව ප‍්‍රචලිත කිරීමට HNB සරු ගෙවත්ත වැඩසටහන දියත් කරයි

Image 02 (LBN Fill)

 



 

 

 

  • නැවුම් එළවළු පළතුරු හා කෘෂි නිෂ්පාදන සඳහා ඍජු වෙළෙඳපොලක් ස්ථාපිත කිරීම
  • ගෙවතු වගාව ප‍්‍රචලිත කිරීමට පැල හා බීජ සහනදායී ක‍්‍රම යටතේ ලබා දීම
  • ගොවීන්ගේ තාක්ෂණික දැනුම වැඩි දියුණු කිරීම සඳහා ඔවුන්ව ඊට අදාල ආයතන වෙත යොමු කිරීම

මෙම අභියෝගාත්මක කාලපරිච්ෙඡ්දය තුළ බිම් මට්ටමේ සිටින ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය නැවත නගා සිටුවීමේ ප‍්‍රයත්නයන්ට සහාය වෙමින්, මෙරට පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව දෛනික ආහාර අවශ්‍යතාවයන් සඳහා එළවළු හා පළතුරු ආදී ගෙවතු වගාවන් ප‍්‍රචලිත කිරීම සඳහා ‘HNB සරු ගෙවත්ත’ වැඩසටහන පසුගියදා දියත් කළේය. මධ්‍යම පළාතේ නාගරික ප‍්‍රදේශවල ගෙවතු වගාව ප‍්‍රවර්ධනය කරන අතරතුර නාගරික ප‍්‍රදේශවල සිටින ගොවීන් සඳහා නව වෙළෙඳපොලක් ස්ථාපිත කිරීම මෙම වැඩසටහනෙහි අරමුණයි.

පළාත් සහ දිස්ත‍්‍රික් කෘෂිකාර්මික කාර්යාල සමඟ එක්ව දියත් කරන ලද මෙම වැඩසටහන කැන්ඩි සිටි සෙන්ටර් හිදී ආරම්භ වූ අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්. ඒ. ද සිල්වා මහතා එහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. මෙම වැඩසටහන ආරම්භ කිරීමෙහිලා පුරෝගාමීත්වය ගෙන කටයුතු කළ HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී-නීති (අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්), තුෂාරි රණවීර, HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී/ප‍්‍රධාන ණය නිළධාරී, නිරෝෂ් පෙරේරා, CBSL කළමනාකරු (මාතලේ), චතුර රත්නායක, HNB කලාපීය ව්‍යාපාර ප‍්‍රධානී (මධ්‍යම), හර්ෂ වික‍්‍රමසිංහ, HNB මහනුවර පාරිභෝගික ඒකකයේ, ජ්‍යෙෂ්ඨ කළමනාකාර, ඉන්දික ඒකනායක, කැන්ඩි සිටි සෙන්ටර් සභාපති තුසිත විජයසේන, ප‍්‍රාදේශීය ලේකම්වරුන් වන වත්සලා මාරඹගේ සහ ආර්. එම්. එස්. එම්. රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී-නීති (අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්), තුෂාරි රණවීර මහත්මිව පැවසුවේ ‘’ශ්‍රී ලංකාව ඉතිහාසයේ දරුණුතම ආර්ථික හා ආහාර අර්බුදයට මුහුණ දෙමින් සිටිනවා. මෙවැනි දුෂ්කර කාලවලදී ජනතාවට උපකාර කිරීමට ප‍්‍රමාණවත් නිෂ්පාදනයක් සිදු කිරීමට අපට හැකි බව සහතික කිරීම සඳහා සියලූම ශ‍්‍රී ලාංකිකයන් එක්ව කටයුතු කිරීම ඉතා වැදගත්. ඉදිරියේදී ඇති වන අර්බුදවල අහිතකර බලපෑම අවම කරමින් දැනට පවතින සියලූ ඉඩම්වල වගා කිරීමට අපගේ ගනුදෙනුකරුවන්ට, මහජනතාවට සහ ගොවීන්ට අවශ්‍ය දැනුම, සහයෝගය හා දායකත්වය ලබා දීමට HNB සරු ගෙවත්ත වැඩසටහන දියත් කිරීමට ලැබීම ගැන අප ආඩම්බර වනවා.’’ යනුවෙනි.

ගොවීන්ට හා පාරිභෝගිකයින් යන දෙපාර්ශවයටම ඔවුන්ගේ අස්වැන්නෙන් යහපත් දිවිපෙවෙතක් ගත කිරීමට සහ ඔවුන්ගේ අත්‍යවශ්‍යතාවන් සඳහා සාධාරණ මිලක් ලබා දීම සඳහා කෘෂි ක්ෂේත‍්‍රයේ සිටින අතරමැදියන් අවම කරමින් රට පුරා සිටින ගොවීන් හා පාරිභෝගිකයින් අතර ඍජු සබඳතාවන් ඇති කිරීමට බැංකුවේ දැනට සිටින පාරිභෝගික ජාලය සමඟ කටයුතු කරන බව HNB පවසා සිටී.

නැවුම් එළවළු, පළතුරු හා කෘෂි නිෂ්පාදන සඳහා ඍජු වෙළෙඳපොලක් ස්ථාපිත කිරීම, ගෙවතු වගාව ප‍්‍රචලිත කිරීමට පැල, බීජ සහ කාබනික පොහොර සහනදායී මිලට සපයා දීම සහ ගෙවතු වගාව සඳහා නවීන තාක්ෂණික ක‍්‍රමෝපායන් පිළිබඳ දැනුම හා ප‍්‍රායෝගික පුහුණුව ලබා දීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ඊට අදාල ආයතන වෙත ගොවීන් හා ගෙවතු වගාකරුවන් යොමු කිරීම ද මෙම මුලපිරීමේ තවත් අරමුණකි.

”මධ්‍යම පළාත යනු ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ වැදගත් කේන්ද්‍රස්ථානයක්. HNB අපි පසුගිය වසර කිහිපයේදී අපගේ පුළුල් වෙළෙඳ ප‍්‍රජාව සමඟ එක්ව එම ප‍්‍රදේශවල ගොවි මහතුන්ට උපකාර කිරීමට කටයුතු කරනු ලැබුවා. පවතින අර්බුදයත් සමඟින් අපගේ ගොවි මහතුන් සඳහා වන මෙම කැපවීම අප තවත් ශක්තිමත් කර තිබෙන අතර මෙම ප‍්‍රයත්නය සඳහා අපට සහාය වීමට කැන්ඩි සිටි සෙන්ටර් වැනි ආයතන ඉදිරිපත් වී සිටින බව අප සතුටින් සඳහන් කිරීමට කැමතියි.’’ යනුවෙන් HNB කලාපීය ව්‍යාපාර ප‍්‍රධානී (මධ්‍යම), හර්ෂ වික‍්‍රමසිංහ මහතා පැවසුවේය.

තවද, මෙවැනි දුෂ්කර කාලවලදී සාමාන්‍ය ජනතාවට සහාය වීම සඳහා ප‍්‍රාදේශීය සහ පළාත් කෘෂිකර්ම නිලධාරීන්ගේ සහාය ඇතිව නියමු ව්‍යාපෘතිය දිවයින පුරා ක‍්‍රියාත්මක කරනු ඇත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙන්ම බීජ හා පැල, වාණිජ කෘෂිකර්මය, කෘෂිකර්ම ප‍්‍රකාශන ඒකකය ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් කිහිපයක් සහ HNB මධ්‍යම කලාපයේ නිලධාරීන් සහ HNB මහනුවර පාරිභෝගික ඒකකයේ නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී විය.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව