මඩකලපුව සහ වැලිමඩ දැනුවත් කිරීමේ වැඩසටහන් සමග කොමර්ෂල් බැංකුව කෘෂිකාර්මික නවීකරණය ප්‍රවර්ධනය කරයි

Farmer programmes in Batticaloa & Welimada (LBN)

ගොවීන්හට, විශේෂයෙන් තරුණයින්හට, නවීන හා තිරසාර වගා පිළිවෙත් වැළඳ ගැනීමට අවශ්‍ය වන මෙවලම්, දැනුම සහ විශ්වාසය ලබා දීමේ අරමුණින්, කොමර්ෂල් බැංකුව මඩකලපුව සහ වැලිමඩ යන ප්‍රදේශවල වැඩසටහන් දෙකක් පවත්වමින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පරිවර්තනය වෙනුවෙන් සිය කැපවීම නැවතත් තහවුරු කර ඇත.

මෙම වැඩසටහන් දෙකම බැංකුවේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ සිදු කරන ලද අතර එමගින් මෙරටට අත්‍යවශ්‍ය අංශයක් වන කෘෂිකාර්මාන්තයේ නව්‍යෝත්පාදනය සහ ප්‍රගතිය සඳහා ප්‍රමුඛ දායකත්වයක් ලබා දෙන්නෙකු ලෙස බැංකුවේ කාර්යභාරය අවධාරණය කරන ලදී.
 



 

මඩකලපුවේ දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථානයේ දී පවත්වන ලද දැනුවත් කිරීමේ සැසිවාරයකට 75 දෙනෙකුට කට වැඩි පිරිසක් සහභාගී වූ අතර එහිදී වී වගාවේ මූල්‍ය සාක්ෂරතාවය, නවීන කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ භාවිතා කිරීම හා උසස් තාක්ෂණය යෙදවීම ආදී තීරණාත්මක පැතිකඩ තුනක් ආවරණය කර ඇත. මෙම සැසියේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිතයින් විසින් වගකිවයුතු මූල්‍ය කළමනාකරණය සහ විධිමත් ණය ක්‍රම ලබා ගැනීමේ හැකියාව පිළිබඳ වූ කරුණු සාකච්ඡා කරන ලද අතර, බ්‍රවුන් සහ සමාගම විසින් ඵලදායීතාව වැඩි දියුණු කිරීම පිළිබඳව දැනුවත් කිරීම සහ ශ්‍රමය මත යැපීම අඩු කිරීම සඳහා නිර්මාණය කර ඇති යන්ත්‍රෝපකරණ හඳුන්වා දීම සිදු කරන ලදී.

ඉන්තිරා සමූහයේ නිර්මාතෘ සහ ස්මාර්ට් කෘෂිකර්මාන්තය පිළිබඳ විශේෂඥයෙකු වන එම්. රාජේතන් මහතා හා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ විද්වතුන් එක්ව මෙම සැසියේදී කෘෂිකර්මාන්තයට ඩ්‍රෝන යානා යොදා ගැනීම, යාන්ත්‍රික බද්ධ කිරීම සහ දත්ත මත පදනම් වූ යෙදවුම් ප්‍රශස්තකරණය වැනි නවීන ශිල්පීය ක්‍රම පිළිබඳව ප්‍රායෝගික අවබෝධයක් ලබා දෙන ලදී. මෙම වැඩසටහන පවත්වන ලද්දේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, මහ බැංකුවේ සහ ප්‍රදේශයේ කෘෂිකර්ම නිළධාරීන්ගේ ද සහාය ඇතිවයි.

වැලිමඩ හා බණ්ඩාරවෙල යන ප්‍රදේශවල ගොවීන් 50 දෙනෙකු ඉලක්ක කර ගනිමින් වැලිමඩ දිවුරුම්වෙල විහාරස්ථානයේදී තවත් මෙවන් වැඩසටහනක් පවත්වන ලද අතර එහිදී ඉඩම් භෝග සඳහා වන අර්ධ ආරක්ෂිත කෘෂිකාර්මික පිළිවෙත් කෙරෙහි අවධානය යොමු කර ඇත. අස්වැන්න හා තිරසාරභාවය වැඩි දියුණු කරමින් දේශගුණික හානි වලින් භෝග ආරක්ෂා කරන උසස් වගා ශිල්පීය ක්‍රමවලින් ගොවීන් සන්නද්ධ කිරීම මෙම මුලපිරීමේ අරමුණ විය. ඊ. එම්. කේ. ඒකනායක මහතා වැනි කෘෂි විද්‍යාඥයින් සහ තාක්ෂණික සේවා සපයන්නන්ගෙන් එම ගොවීන්ට මනා පුහුණුවක් සමඟින් අවශ්‍ය උපදෙස් ලැබුණි. මෙම වැඩසටහන මගින් පළිබෝධ කළමණාකරණය, වාරිමාර්ග පද්ධතිය සහ දේශගුණයට ඔරොත්තු දෙන ගොවිතැන සඳහා වන ප්‍රායෝගික ක්‍රම ආදිය ආවරණය කළ අතර පාංශු සංවේදක සහ බිංදු ජල සම්පාදන පද්ධති වැනි මෙවලම් පිළිබඳව ද සහභාගීවන්නන්ට දැනුම ලබා දෙන ලදී.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ Tier I බැංකුවක් සහ මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් බැංකුව මෑතකදී විවෘත කළ අතර, මෙම සන්ධිස්ථානය කරා ළඟා වූ ශ්‍රී ලංකාවේ පළමු බැංකුව කොමර්ෂල් බැංකුව වේ. එය බැංකුවේ ගෝලීය පියසටහන පුළුල් කිරීම සඳහා සැලකිය යුතු පියවරකි. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව