බිල්පත් ගෙවීම සඳහා කොම්බෑන්ක් Q+ ගෙවීම් ඇප් සේවාවට එයාර්ටෙල් සහ හච් ඇතුළත් කරයි

Airtel Hutch added to ComBank Q+

 




 

 

ඩයලොග් සහ මොබිටෙල් පෙර-ගෙවුම් සහ පසු-ගෙවුම් පහසුකම් දැනටමත් ඇතුළත් කර තිබෙන කොමර්ෂල් බැංකුවේ කොම්බෑන්ක් Q+ ගෙවීම් ඇප් සේවාවේ ‘In-App Bill Payments’ අංගය සඳහා බැංකුව විසින් අළුතෙන් එයාර්ටෙල් සහ හච් යන දුරකතන සමාගම් දෙකද ඇතුළත් කර තිබේ.

මේ අනුව, ජාතික ක්ෂණික ප‍්‍රතිචාර (QR) කේත පද්ධතිය වන LANKAQR යටතේ එළිදැක්වූ පළමු QR කේත පදනම් කරගත් ඇප් සේවාව වන කොම්බෑන්ක් Q+ ගෙවීම් ඇප් සේවාවට එයාර්ටෙල් සහ හච් එකතුවීමත් සමග ශ‍්‍රී ලංකාවේ සියළුම ජංගම දුරකතන ග‍්‍රාහකයින්ට මෙම ඇප් සේවාව මගින් දුරකතන බිල්පත් ගෙවීමට, රීලෝඞ් කිරීමට අවස්ථාව හිමිවේ.

තමන්ගේ දුරකතනයෙන් මෙම ඇප් සේවාව මගින් ගෙවීම් කිරීමට මුලින්ම කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන් කොම්බෑන්ක් Q+ ගෙවීම් ඇප් පහසුකම App Store හෝ Google Play Store වෙතින් ඩවුන්ලෝඞ් කරගත යුතුය. ඉන්පසුව, අවශ්‍ය තොරතුරු (භාවිතා කරන්නාගේ හඳුනාගැනීම සහ ඊ-මේල්) ඇතුළත් කර ලියාපදිංචි වෙමින් Q+ ගිණුමක් නිර්මාණය කරගත යුතුවේ. මෙහිදී, මූල්‍ය ගෙවීම් කිරීමට ගනුදෙනුකරුවන් තමන්ගේ කොමර්ෂල් බැංකු ක්‍රෙඩිට්, ඩෙබිට් හෝ පෙරගෙවුම් කාඞ්පත් මෙයට ඇතුළත් කළ යුතුවේ. ඉන්පසුව, එය භාවිතා කරන්නන්ට ගෙවීම් කිරීමට හැකිවේ.

මෙම ගෙවීම් ඇප් පහසුකම තුළින් මේ වනවිට අංශ 08 ක ගෙවීම් සිදුකළ හැකි අතර ඬේටා රීලෝඞ්, පෙර-ගෙවුම් සහ පසු-ගෙවුම් ජංගම දුරකතන, ස්ථාවර දුරකතන, වෙනත් බිල්පත්, ජල සහ විදුලි බිල්පත් (විදුලි බල මණ්ඩලයේ සහ LECO), ගාස්තු ගෙවන රූපවාහිනී බිල්පත්, ක්‍රෙඩිට් කාඞ්පත් ණය සහ පෙර-ගෙවුම් කාඞ්පත් ගාස්තු ගෙවීම් මෙයට ඇතුළත් වේ. අධ්‍යාපන ආයතන සහ රක්ෂණ සමාගම්ද මෙයට ඇතුළත් කරමින් මෙම පහසුකම තවදුරටත් ඉදිරියේදී වැඩිදියුණු කරන බව බැංකුව සඳහන් කරයි.

පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම 11 වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 932 ක් ක‍්‍රියාත්මක කරයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව