බැංකු ක්ෂේත‍්‍රයේ “Oscar” සම්මානය ලෙස සැලකෙන ‘The Banker’ වසරේ බැංකුවට හිමි කිරුළ කොමර්ෂල් බැංකුවට

Commercial-Bank

 



 

 

එක්සත් රාජධානියේ ගෞරවනීය ‘ද බෑන්කර්’ සගරාව විසින් කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ ‘වර්ෂයේ බැංකුව’ ලෙසින් සම්මානයෙන් කිරුළු පළඳා ඇති අතර, මෙම සම්මානය බැංකු ප‍්‍රජාව තුළ හඳුන්වනු ලබන්නේ ඔස්කාර් සම්මානයට සමාන සම්මානයක් ලෙසිනි.

කොමර්ෂල් බැංකුව මෙම සම්මානය දිනාගත් 12 වැනි අවස්ථාව මෙය වන අතර, එය බැංකු ක්ෂේත‍්‍රයේ විශිෂ්ඨත්වයට අදාල ප‍්‍රමිතිය අගය කිරීමක් ලෙස සැලකෙයි. ප‍්‍රතිලාභ ලබා දීමට, උපාය මාර්ගික වාසි ලබා ගැනීමට සහ වෙළෙඳ පොළට සේවය කිරීමට බැංකුව සතු හැකියාව අගය කරමින් මෙම විශිෂ්ඨ සම්මානය බැංකුව වෙත පිරිනමා ඇත.

‘වර්ෂයේ බැංකුව’ යන නාමය පිරිනමනු ලබන්නේ, වර්ධනය සහ කාර්ය සාධනය, උපාය මාර්ගික මුලපිරීම්, තාක්‍ෂණයේ නවෝත්පාදනයන්, නව හෝ වැඩිදියුණු කරන ලද නිෂ්පාදන සහ සේවා මෙන්ම, ක්ෂේත‍්‍රයේ අනෙකුත් කැපී පෙනෙන ජයග‍්‍රහණවලින් විශිෂ්ඨ වූ මූල්‍ය ආයතන වෙතය.

කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා, ‘12 වතාවක් වර්ෂයේ බැංකුව ලෙස නම් කිරීම  ඕනෑම ප‍්‍රමිතියකට අනුව කැපී පෙනෙන ජයග‍්‍රහණයක් වෙනවා. 2022 වසරට අදාළව මෙම සම්මානය දිනා ගැනීම විශේෂයෙන්ම කැපී පෙනෙන කරුණක් වන්නේ පවතින තත්ත්වයන් යටතේදීයි. දැඩි පීඩනය යටතේ වුවද අපගේ කාර්ය සාධනය අඛණ්ඩව ලබාදුන් සමස්ත කොමර්ෂල් බැංකු කණ්ඩායමට මෙය උපහාරයක් වන අතර, එම මෙහෙවර වසරේ දිනාගත් ජයග‍්‍රහණයන් රැසකටම මගපාදනු ලැබුවා’ යැයි ප‍්‍රකාශ කර සිටියේය.

ශ‍්‍රී ලංකා බැංකු ක්ෂේත‍්‍රයේ අද්විතීය මිණුම් ළකුණක් මෙන්ම, පුද්ගලික අංශයේ විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුවේ වත්කම් 2022 පළමු මාස 09 තුළ රුපියල් ටි‍්‍රලියන 2.390 දක්වා 20.51%කින් වර්ධනය වූ අතර, එය රටේ ප‍්‍රබලතම බැංකුවක් ලෙස එහි තත්ත්වය යළි තහවුරු කළේය. බැංකුව පළමු මාස නවය සඳහා රුපියල් බිලියන 195.573ක දළ ආදායමක්ද, 2022 තුන්වන කාර්තුව සඳහා රුපියල් බිලියන 76.056ක්ද ලබාගත් අතර, එය පිළිවෙළින් 62.91%ක සහ 89.58%ක ශක්තිමත් වර්ධන අනුපාතයක්ද පිළිබිඹු කරමින්, රුපියල් බිලියන 6.283ක ශුද්ධ ලාභයක්ද එම කාල සීමාව සඳහා වාර්තා කළේය.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 269 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 943 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව