බ්‍රිතාන්‍යයේ ස්වාධීන පාසල් කොළඹ වරාය නගරයේ ජාත්‍යන්තර පාසලක් ආරම්භ කිරීමේ හැකියාව සොයාබලයි

View 03 (3) (LBN)

 



 

 

කොළඹ වරාය නගරයේ ජාත්‍යන්තර පාසලක් ආරම්භ කිරීමේ හැකියාව සොයාබැලීමේ අරමුණින්, බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ ස්වාධීන පාසල් තුනක ජ්‍යෙෂ්ඨ දූත පිරිසක් මේ මස මුලදී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සහ කොළඹ වරාය නගරයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සමඟ සාකච්ඡා කිරීම සඳහා මෙරටට පැමිණියහ.

16 වැනි සියවස තරම් ඈතට දිවෙන ඉතිහාසයක් සහිත මෙම පාසල් ලොව කීර්තිමත්ම පාසල් එකතුවක් ලෙස සැලකේ. එමෙන්ම මෙම පාසල් වල සිසුන් රාශියක් විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කරමින් සුප්‍රකට රසල් සමූහයට අයත් විශ්ව විද්‍යාල වලට ඇතුළත් වීමටද සමත් වී ඇත.

දකුණු ආසියාවේ සුහුරු නගරයක් ලෙස ගොඩනැගෙන කොළඹ වරාය නගරය තුල ජාත්‍යන්තර වශයෙන් පිළිගත් අධ්‍යාපන පහසුකම් සහිත පාසලක් ස්ථාපිත කිරීම, මෙරට දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ ජාත්‍යන්තර මට්ටමේ තරඟකාරී දරුවන් පිරිසක් මෙරටින් බිහිකිරීමට හැකිවන මහඟු අවස්තාවක් වන්නේය.

ලොව නවීනතම පහසුකම් රාශියකින් සමන්විතව දකුණු ආසියාවේ ජාත්‍යන්තර නගරයක් ලෙසින් ගොඩනැගෙන කොළඹ වරාය නගරය, ලොව නවීනතම පහසුකම් රාශියකින් සමන්විත වේ. තිරසාරත්වයට මුල්තැන දෙන එම නගරය සැලසුම් කර ඇත්තේ, සේවා සැපයීම පදනම් කරගත් විශේෂ ආර්ථික කලාපයක් වශයෙනි.

ශ්‍රී ලංකාවට වර්ග කිලෝමීටර් 2.69 ක භූමි ප්‍රදේශයක් එක්කළ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජන මත ක්‍රියාවට නැංවූ ව්‍යාපෘති අතරින් විශාලතම ව්‍යාපෘතිය ලෙස සැලකේ. මෙහි යටිතල පහසුකම් සංවර්ධන කටයුතු 2023 වසරේ 3 වන කාර්තුව වනවිට අවසන් වීමට නියමිතව ඇත. ව්‍යාපෘති සමාගම මේ සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක සමස්ත දායකත්වයක් දක්වන අතර, දැනටමත් ඉන් ඩොලර් බිලියන 1.2 ක් මේ සඳහා ආයෝජනය කර තිබේ. නියාමන කටයුතු සම්පූර්ණ වූ වහාම මෙහි ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු ආරම්භ වීමට නියමිත වන අතර, ඒ සඳහා තවත් ඩොලර් බිලියන 1.5 ක මුදලක් ආයෝජනය කෙරෙනු ඇත. ඇමරිකානු ඩොලර් මිලියන 7 ක විදයමකින් දකුණු ආසියාවට ප්‍රථම සහ නැවුම් වූ අත්දැකීමක් සමඟ ගොඩනැගෙන තීරු බදූ රහිත සාප්පු සංකීර්ණය 2023 වසරේ අප්‍රේල් මාසයේදී විවෘත වීමට නියමිත අතර, මෙය පාරිභෝගිකයන් සහ සංචාරකයන් විශාල වශයෙන් ආකර්ෂණය වන ස්ථානයක් බවට පත්වනු ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව