බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරය පසුගියදා පැවති 2023 Women-Friendly Workplace Awards හිදී තවත් ශ්‍රී ලාංකික සමාගම් 9 ක් සමඟ ‘වඩාත් විශිෂ්ටතම කාන්තා හිතකාමී සේවා ස්ථාන’ සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. AICPA, Chartered Institute of Management Accountants (CIMA) සහ SATYN Magazine එක්ව මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලද අතර, එහිදී ස්ත්‍රී පුරුෂ සමානත්වය සහ කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් දක්වන ලද මහඟු දායකත්වය අගයමින් බ්‍රැන්ඩික්ස් වෙත මෙම සම්මානය පිරිනමන ලදි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපනයනකරු වන බ්‍රැන්ඩික්ස්, කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් මෙන්ම ඔවුන්ගේ යහපැවැත්ම, වෘත්තීය දියුණුව හා අන්තර්කරණය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කැපීපෙනෙන කාර්යභාරයක් ඉටු කර තිබේ. මෙරට තුළ බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ කාර්ය මණ්ඩලයේ කාන්තා නියෝජනය 77% ක් වන අතර, ඉහළ පෙළ තනතුරු තුළ ඔවුන්ගේ නියෝජනය 27% කි. එමෙන්ම සමාගමේ නායකත්ව වැඩසටහන් සඳහා කාන්තා සහභාගීත්වය 40% ක් වන අතර, අධ්යක්ෂ මණ්ඩලයේ කාන්තා නියෝජනය 17% ක් වේ.
බ්‍රැන්ඩික්ස් සමූහය මේ වනවිට රැකියා ස්ථානය තුළ අපයෝජනය සහ පීඩාවට පත්කිරීම් වැළැක්වීමේ ප්‍රතිපත්තිය සහ විවෘතව අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමේ ප්‍රතිපත්තිය ඇතුළුව අන්තර්කරණය ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්ති රාශියක් හඳුන්වා දී ඇත. එමෙන්ම දරුවන් රැකබලාගැනීමට සහය වීම, නම්‍යශීලී රැකියා විධිවිධාන පිරිනැමීම සහ සමාන වැටුප් ලබාදීම ආදී වශයෙන්, කාන්තාවන්ට හිතකර වූ විධිවිධාන හඳුන්වා දීමටද සමූහය නිරන්තරයෙන් පියවර ගෙන තිබේ.
සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් තෝරාගැනීමේදී කාන්තාවන්ට හිතකර ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම, සෑම මට්ටමකදීම කාන්තාවන් නියෝජනය වීම, වැටුප්, පුහුණු හා සංවර්ධන අවස්ථා පිරිනැමීම සහ කාන්තාවන්ට හිතකර රැකියා පරිසරයක් පවත්වාගෙන යාමට කැපවීම වැනි සාධක සැලකිල්ලට ගන්නා ලදි. මෙම සෑම කාණ්ඩයකදීම බ්‍රැන්ඩික්ස් සමූහය ඉදිරියෙන්ම සිටි අතර, විශේෂයෙන්ම කාන්තාවන්ට විශේෂ වූ ගැටලු ආමන්ත්‍රණය කිරීමේදී බ්‍රැන්ඩික්ස් සමූහය කැපීපෙනෙන ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බව එහිදී නැවත වරක් තහවුරු විය.