බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සංස්කෘතික ප්‍රදාන තුළින් එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර නව කලාත්මක සහයෝගීතාවක් එළිදැක්වේ

British Council_Logo

කොළඹ, 2025 ඔක්තෝබර් 29: එක්සත් රාජධානිය සහ ජාත්‍යන්තර හවුල්කරුවන් අතර කලාත්මක හා සංස්කෘතික සහයෝගීතාව වර්ධනය අරමුණු කරමින් ක්‍රියාත්මක කරනු ලබන, Connections Through Culture (CTC) මූල්‍යාධාර ප්‍රදානය කිරීමේ වැඩසටහනේ 2025 වසර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් ප්‍රකාශයට පත් කළ බව බ්‍රිතාන්‍ය කවුන්සිලය සතුටින් නිවේදනය කරයි.




මෙම වසරේ, ගෝලීය වශයෙන් ව්‍යාපෘති 127ක් සඳහා මූල්‍යාධාර ප්‍රදානය කර ඇති අතර, ඉන් 06ක් ශ්‍රී ලංකාවට හිමි වී ඇත. මෙම සෑම ප්‍රදානයක් මඟින්ම එක්සත් රාජධානියේ සහ ලෝකයේ විවිධ ප්‍රදේශවල කලාකරුවන් සහ සංවිධානවලට අදහස් හුවමාරු කර ගැනීමට, සාමූහිකව නිර්මාණ කිරීමට සහ වර්තමානයේ වඩාත්ම උග්‍ර ගෝලීය අභියෝග කිහිපයකට කැපී පෙනෙන නව විසඳුම් සෙවීම සඳහා දායකත්වය සපයයි.

සාම්ප්‍රදායික කලා ශිල්ප නවීකරණය කිරීමේ සිට, ඩිජිටල් තාක්‍ෂණය, රූප මඟින් කතාන්දර කීම සහ විවිධ ඉදිරිපත් කිරීම් ඔස්සේ දේශගුණික විපර්යාසයන් පිළිබඳ දැනුවත් කිරීම දක්වා විවිධ වූ තේමාවන් රැසක් මෙවර ප්‍රතිලාභීන් විසින් තෝරාගෙන තිබූ අතර, මේ සෑම ව්‍යාපෘතියක්ම නවෝත්පාදනය, සංවාදය සහ වෙනසක් ඇති කිරීම සඳහා කලාවේ ඇති අසමසම බලය පිළිබිඹු කරන නිර්මාණ විය.

“2025 වසරේ ඉදිරිපත් වූ ව්‍යාපෘති සෑම එකක්ම කිසියම් සාමාජීය ගැටලුවක් පිළිබඳ කලාත්මක මතයක් ඉදිරිපත් කිරීම, පර්යේෂණාත්මක කලා කෘති හෝ සාමූහිකව අලුත් දෙයක් නිර්මාණය කිරීම වැනි එකකට එකක් වෙනස් අනන්‍යතාවන්ගෙන් යුතු නිර්මාණ වේ. මෙම සහයෝගීතාව තුළින් අපට සිහිපත් කර දෙන්නේ අන්‍යෝන්‍ය හුවමාරුව මත කලාව සංවර්ධනය කළ හැකි බවත්, විවිධ සංස්කෘතීන් නියෝජනය කරන මිනිසුන් එකට සම්බන්ධ වන විට, ඔවුන් තමන්ගේ දේශසීමාවලින් ඔබ්බට සිතමින් විශිෂ්ට කලා කෘති නිර්මාණය කරන බවයි,” යනුවෙන් ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය කවුන්සිලයේ දේශීය අධ්‍යක්ෂ ඔර්ලන්ඩෝ එඩ්වර්ඩ්ස් පැවසීය.

වැඩසටහනේ වර්ධනයට සමගාමීව, මේ වන විට එහි ව්‍යාප්තිය ද වැඩි වී ඇත. ආසියා පැසිෆික් කලාපය තුළ ප්‍රථම වරට දියත් කරන ලද Connections Through Culture වැඩසටහනේදී යුරෝපයෙන් සහ දකුණු ආසියාවෙන් ප්‍රතිලාභීන් තෝරාගෙන තිබූ අතර, නේපාලය මෙම වසරේ වැඩසටහනට සම්බන්ධ වන්නේ ප්‍රථම වරටයි. මෙම පුළුල් ව්‍යාප්තිය නිසා අන් කවරදාටත් වඩා කලාකරුවන්ට එක්සත් රාජධානිය සමඟ සම්බන්ධ වීමට, දැනුම හුවමාරු කර ගැනීමට සහ සංස්කෘතික විවිධත්වය සැමරීමට මෙන්ම පොදු අනාගත අපේක්ෂාවන් පිළිබඳ විමසා බලන සාමූහිකව නිර්මාණ සිදු කිරීමටත් අවස්ථාව උදා වී ඇත.

බ්‍රිතාන්‍ය කවුන්සිලයේ කලා අංශයේ අධ්‍යක්ෂ රූත් මැකෙන්සි CBE අදහස් දක්වමින්, “Connections Through Culture වැඩසටහන මෙතරම් සුවිශේෂී වන්නේ එහි ඇති විචිත්‍රවත් විවිධත්වය නිසයි. මේ වේදිකාව නිර්මාණය වී තිබෙන්නේ විවිධ සම්ප්‍රදායන්, අදහස් සහ කලාත්මක භාවිතයන් යොදාගෙන අලුත් අලුත් දේ නිර්මාණය කිරීම වෙනුවෙන්. වැඩසටහනේ ව්‍යාප්තියත් සමඟ, තව තවත් කලා ප්‍රකාශනයන් සහ ප්‍රජාවන් මීට සම්බන්ධ වී තිබෙනවා. දේශසීමාවලින් ඔබ්බට විහිදෙමින් සාමය, විශ්වාසය සහ සමෘද්ධිය ඇති කිරීම උදෙසා කලාවේ කාර්යභාරය ශක්තිමත් කරන්නට මේ ව්‍යායාමය තුළින් ලැබෙන්නේ සුවිසල් දායකත්වයක්.” යනුවෙන් පැවසුවාය.

මෙම වැඩසටහන හරහා, බ්‍රිතාන්‍ය කවුන්සිලය ගෝලීය වශයෙන් පවුම් 1,200,000කට අධික අරමුදලක් ප්‍රදානය කිරීමට නියමිත අතර, ප්‍රතිලාභීන්ට අවදානමක් ගනිමින් යම් යම් කලාත්මක අත්හදා බැලීම් සිදු කිරීමට සහ දේශසීමා ඉක්මවන නිර්මාණාත්මක කටයුතු සිදු කිරීමට අවශ්‍ය සහාය මේ තුළින් ලැබෙනු ඇත.

එක්සත් රාජධානිය – ශ්‍රී ලංකාව සහයෝගීතා ව්‍යාපෘති පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා, පිවිසෙන්න: https://www.britishcouncil.lk/programmes/arts/connections-through-culture-grantee-2025

Connections Through Culture Grants ගැන

Connections Through Culture Grants වැඩසටහන සැලසුම් කර ඇත්තේ එක්සත් රාජධානිය සහ ආසියා-පැසිෆික් සහ යුරෝපයේ රටවල් අතර නව සංස්කෘතික හවුල්කාරිත්වයන් පෝෂණය කිරීමේ අරමුණින් වේ. මෙම ප්‍රදානයන් කලාකරුවන්ගේ සහ නොයෙකුත් සංස්කෘතික සංවිධානවල නව අදහස් හා සහයෝගීතාවයන්ට ඕනෑම අදියරකදී සහාය වීම සඳහා සූදානමින් සිටියි. මෙම ප්‍රදානයන් ඔස්සේ නව සබඳතා, සංස්කෘතික හුවමාරු සහ සහයෝගීතාවයන්ට සහාය වීමද අරමුණු කර ඇත.

 

Home  Facebook



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව