ප‍්‍රමුඛතම සියැට් අලෙවි නියෝජිතයින් නව ආකෘතියකින් සම්මානයට පාත‍්‍ර කරයි

CEAT dealer awards 2020-21 (LBN Fill)

 



 

 

 

සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගමේ වර්ධනය සඳහා 2020-21 වසරේ විශේෂ දායකත්වයක්  ලබාදුන් අලෙවි නියෝජිතයින් පවතින වාතාවරණය අනුව සම්මාන රාත‍්‍රියක් පවත්වා සම්මානයට පාත‍්‍ර කිරීමට නොහැකි නිසා එම අලෙවි නියෝජිතයින් සිටින ස්ථාන වලටම ගොස් ඔවුන්ට හිමි සම්මාන කුසලාන, මුදල් ත්‍යාග සහ සහතික පත‍්‍ර ප‍්‍රදානය කරමින් ප‍්‍රමුඛතම ටයර් අලෙවි නියෝජිතයින් 99 දෙනෙකු සම්මානයට පාත‍්‍ර කරන ලදී.

තරු පහ පන්තියේ හෝටලයක සති අන්තයේ පවත්වන අති උත්කර්ශවත් සම්මාන ප‍්‍රදානය කිරීමේ රාත‍්‍රිය වෙනුවට මෙම නව ආකෘතියේ සම්මාන ප‍්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ කුසලාන 14 ක්, සහතිකපත් 85 ක් සහ මුදල් චෙක්පත් 85 ක් ප‍්‍රදානය කළ බව සමාගම සඳහන් කරයි. මෙහිදී, සමස්ත කාර්ය සාධනය සහ ප‍්‍රමුඛතම අලෙවි කාර්ය සාධනය මැණීම සඳහා රේඩියල් ටයර්, ට‍්‍රක් ටයර්, ලයිට් ට‍්‍රක් ටයර් සහ තී‍්‍රි රෝද රථ ටයර් යන නිෂ්පාදන අංශ හතර සැලකිල්ලට ගෙන ඇත.

මෙහිදී, අදාළ වසරේදී වැඩිම අලෙවි ආදායමක් වාර්තා කළ ප‍්‍රමුඛතම ටයර් අලෙවි නියෝජිතයින් 10 දෙනාට සහ සෑම ටයර් කාණ්ඩ සඳහා ද රන් සම්මානය දිනාගත් ටයර් අලෙවි නියෝජිතයින්ට ද කුසලාන ප‍්‍රදානය කරන ලදී.

මීට අමතරව, සියැට් විසින් ඉහළම කාර්යසාධනයක් පෙන්වූ ටයර් අලෙවි නියෝජිතයින්ට මීට පෙර ලබාදුන් විදේශීය සංචාර වෙනුවට මෙවර මුදල් චෙක්පත් ලබාදුන් අතර මෙම විදේශ සංචාර ඔවුන්ට හිමිවූයේ ප්ලැටිනම්, ගෝල්ඞ්, සිල්වර් ලෝයල්ටි වර්ගීකරණයට අනුවයි.

‘පවතින වාතාවරණය සම්මාන රාත‍්‍රියක් පැවැත්වීමට නුසුදුසු නමුත්, අපට පක්ෂපාතී මේ වනවිට බොහෝ අභියෝගයන්ට ලක්වී සිටින වෙළෙඳ නියෝජිතයින් ඇගයීම ඉතාමත් වැදගත් කාර්යයක් යැයි අපි දැඩිව විශ්වාස කරනවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, රවී ඩඞ්ලානි මහතා පැවසීය. ‘සම්මාන රාත‍්‍රිය පැවැත්වීමට හැකියාව ලැබුණු විට යළිත් වතාවක් මෙම වෙළෙඳ නියෝජිතයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සමග එක්වීමට අපි බලාපොරොත්තු වෙනවා.’

වෙනදා නොවූ ආකාරයෙන් පැවැත්වූ මෙවර අලෙවි නියෝජිත සම්මාන ප‍්‍රදානයේ තේමාව ලෙස ‘Striving for unity to conquer’ යන්න තෝරාගෙන තිබූ අතර එයින් අවධාරණය කෙරුණේ ශ‍්‍රී ලංකාව තුළ ව්‍යාපාර කිරීමට ඇතිවී තිබෙන අභියෝගයක් එක්ව ජයගනිමු යන්නයි.

2020-21 වසරේ සියැට් ප‍්‍රමුඛතම අලෙවි නියෝජිතයින් 10 දෙනා අතරට කොළඹ 02 U&H වීල් සර්විසස්, අම්බලන්ගොඩ සුමිත් මාර්කටිං, වව්නියාව නන්ද ටයර් හවුස්, කුරුණෑගල සුමිඩැග් ටයර් කම්පනි, කොළඹ 14 පැරමවුන්ට් ටයර් ටේ‍්‍රඩර්ස්, අනුරාධපුර ශ‍්‍රීපාලි ටයර් හවුස්, මහනුවර සුපිරි ටයර් හවුස්, කොළඹ 14 ක‍්‍රවුන් ටයර්ස්, වලස්මුල්ල ටයර් ලින්ක් සහ මාදම්පේ අසංක ටයර් හවුස් අයත් වේ.

ශ‍්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවයෙන් අඩක් නිෂ්පාදනය කරන සියැට් කැළණි සමාගම මෙරට නිෂ්පාදන අංශය තුළ ඉතාමත් සාර්ථක ඉන්දියා – ශ‍්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසින් සැලකේ. මේ දක්වා මෙම ඒකාබද්ධ ව්‍යාපාරය විසින් සමස්තයක් ලෙස රුපියල් බිලියන 08 කට වැඩි මුදලක් ආයෝජනය කර තිබෙන අතර නිෂ්පාදන ධාරිතාවය, තාක්ෂණය දියුණු කිරීම සහ නව නිෂ්පාදන සංවර්ධනය සඳහා තවත් රුපියල් බිලියන 3.2 ක මුදලක් 2022 වසරේදී ආයෝජනය කිරීමට එකඟ වී තිබේ. සමාගම විසින් මගී මෝටර් රථ, වෑන්, SUV වාහන, වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්) යතුරු පැදි, ත‍්‍රිී රෝද රථ සහ කෘෂි කාර්මික වාහන සඳහා ටයර් මෙරට නිෂ්පාදනය කරයි.

සියැට් සන්නාමය මේ වනවිටත් මෙරට රේඩියල් ටයර් වෙළෙඳ පොළින් 48% ක කොටසක්ද, ට‍්‍රක් රථ ටයර් වෙළෙඳ පොළින් 80% ක කොටසක්ද, සැහැල්ලූ ට‍්‍රක්රථ ටයර් වෙළඳ පොළින් 84% ක කොටසක්ද, ති‍්‍රි රෝද රථ ටයර් වෙළෙඳ පොළින් 51% ක කොටසක්ද, යතුරු පැදි ටයර් වෙළෙඳ පොළින් 36% ක කොටසක්ද, කෘෂිකාර්මික ටයර් වෙළෙඳ පොළින් 72% ක කොටසක්ද අත්පත් කර ගැනීමට සමත්ව ඇත. සියැට් ශ‍්‍රී ලංකා විසින් නිෂ්පාදනය කරන ටයර් වලින් 20% පමණ දකුණු ආසියාවේ, මැදපෙරදිග, අපි‍්‍රකාවේ සහ අග්නිදිග ආසියාවේ රටවල් 16 ක් වෙත මේ වන විට අපනයනය කරයි.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව