පොල්ගහවෙල කර්මාන්තශාලාවෙන් COVID-19 ආසාදිතයන් වාර්තා වීම ඉහළ යාම

Logo_of_MAS_Holdings

 




 

 

මෙරට COVID-19  තුන්වන රැල්ල පාලනය කිරීම සඳහා ගෙන ඇති ආරක්ෂක විධිවිධාන වල එක් පියවරක් වශයෙන් MAS සමූහ ව්‍යාපාරය සිය කර්මාන්තශාලා වල නිතිපතා PCR පරීක්ෂණ සිදුකරයි. මෙමගින්, එතෙක් හඳුනා නොගත් සහ රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් හඳුනාගෙන, ඔවුන් මගින් රැකියා ස්ථානයේ හා සමාජයේ අනෙකුත් පුද්ගලයන් වෙත වෛරසය ආසාදනය වීම වැළැක්වීම සඳහා ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකරවීමට හැකියාව ලැබේ.

මෑතකදී පොල්ගහවෙල පිහිටි ‘තුරුලී’ කර්මාන්තශාලාව තුළ එවැනි PCR පරීක්ෂණ 2,019 ක් සිදුකරන ලද අතර, එහිදී සේවක සේවිකාවන් 380 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනිණි. ඒ අනුව, ගතයුතු ඊළඟ පියවර කුමක්ද යන්න තීරණය කිරීම සඳහා, කර්මාන්තශාලාවේ කළමනාකාරීත්වය මේ වනවිට රජයේ සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටී. ආසාදිත සේවක සේවිකාවන් මේ වනවිට සුරක්ෂිත ලෙස සමාගමේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යවා තිබේ.

MAS සමූහ ව්‍යාපාරය මේ වනවිට COVID-19 පාලනය සඳහා දැඩි විධිවිධාන මාලාවක් ක්‍රියාවට නංවා ඇති අතර, කර්මාන්තශාලා වල මෙහෙයුම් කටයුතු සම්බන්ධ සියලුම තීරණය සෞඛ්‍ය බලධාරීන්ගේ මාර්ගෝපදේශ හා තීරණ මත පදනම්ව සිදුකෙරේ. සෑම විටම සමාගමේ ප්‍රමුඛතම අවධානය යොමුවන සාධකය වන්නේ, සේවක සේවිකාවන්ගේ ආරක්ෂාවයි.

දැනට පවතින අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ධාරිතාව වැඩි කිරීම සහ, විවිධ ප්‍රදේශ වල සහ රෝහල් වල COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම ආදී ක්‍රම ඔස්සේ, රජයේ සෞඛ්‍ය බලධාරීන්ට පුළුල් මට්ටමින් මූල්‍යමය සහ කාර්ය සම්පාදන සහයෝගය ලබාදීමට සමාගම දිගින් දිගටම කටයුතු කරමින් සිටී. COVID-19 ආසාදිතයන් සඳහාම වෙන්කර ඇති ගිරිඋල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී මේ වනවිට රෝගීන් 3,500 කට පමණ ප්‍රතිකාර ලබාදී ඇති අතර, මහනුවර පොල්ගොල්ල ප්‍රදේශයේ නව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා MAS සමූහය මේ වනවිට බලධාරීන් සමග අත්වැල් බැඳගෙන ඇත.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව