පීපල්ස් ලීසිං හිගුරක්ගොඩ ශාඛාව ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනයට සවියක් වෙමින් සිය 6වන සංවත්සරය සමරයි

PLC- Hingurakgoda Branch -6th Anni (LBN)

 



 

 

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි හිගුරක්ගොඩ ශාඛාව පසුගියදා සිය 6වන සංවත්සරය සමරමින් හිගුරක්ගොඩ සහ මැදිරිගිරිය ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනයට  සවියක්වීමේ අරමුණින් සමාජ සත්කාරක වැඩසටහනක් දියත් කෙරුණි.

2017 වර්ෂයේදී හිගුරක්ගොඩ නගරවාසීන්ට නැවුම් මූල්‍ය අත්දැකීම් ලබාදීමට හා මූල්‍ය අවශ්‍යතා ඉටුකිරීමේ අරමුණින් හිගුරක්ගොඩ ශාඛාව විවෘත කෙරුණි.

මේ අනුව සමාජයටද වටිනාකමක් එකතු කරමින් තම ශාඛාවේ අභිමානවත් සංවත්සරය සැමරීමට හිගුරක්ගොඩ ශාඛා කළමනාකරු චානක ප්‍රසාද් මහතා හා කාර්ය මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන්ට පාසල් ලිපිද්‍රව්‍ය හා උපකරණ පරිත්‍යාගකිරීම පසුගියදා සිදුවිය.

එම සද්කාර්යය සම්බන්ධයෙන් පීපල්ස් ලීසිං සමාගfාම් හිගුරක්ගොඩ ශාඛා කළමනාකරු චානක ප්‍රසාද් මහතා පැවසුවේ ප්‍රදේශයේ මූල්‍ය දුෂ්කරතා ඇති දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වැඩිදියුණුකිරීම මෙම වැඩසටහනේ මුලික අරමුණ වු බව හා තිරසාර අරමුණු සාක්ෂාත්කිරීමට දායකත්වය ලබාදීමට මෙමඟින් හැකිවීම පිළිබඳව තමා ඇතුළු කාර්ය මණ්ඩලය සතුටට පත්වන බවය.

පීපල්ස් ලීසිං සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්‍ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව