පීපල්ස් ලීසිං සමාගම Wadi’ah Gold Safekeeping පහසුකම අරඹයි.

PLC - Wadi'ah Gold Safekeeping Facility (LBN)

 



 

 

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම තම ගණුදෙනුකරුවන්ට වඩාත් පුළුල් සේවාවක් සැපයීමේ අරමුණෙන් Wadi’ah Gold Safekeeping නව ශාඛා ඒකක තුනක් පුත්තලම අල්සෆා, පාර්ක් ස්ටි්‍රට් අල්සෆා, මහනුවර අල්සෆා ශාඛා යන පරිශ්‍රයන් හි  පුසගියදා විවෘත කෙරුණි.

සම්ප්‍රදායික රන් ණය පහසුකම සඳහා විකල්පයක්වන පීපල්ස් ලීසිං Wadi’ah Gold Safekeeping පහසුකම, මූල්‍යමය වශයෙන් පීඩාවට පත් ගණුදෙනුකරුවන්ට පහසුම මූල්‍ය විසඳුමකි. මෙම පහසුකම තුළින් හදිසි මුදල් අවශ්‍යතාවන් සඳහා පොලී රහිත ණය ලබාගැනීම තුළින් වැඩි ප්‍රතිලාභ හිමි කරගත හැක.

Wadi’ah Gold Safekeeping පහසුකම දීපව්‍යාප්ත රන් ණය මෙහෙයුම් ශාඛා 75කින් ලබාගත හැකි අතර ගණුදෙනුකරුවන්ගේ පහසුව උදෙසා මාර්තු මස සිට ඉස්ලාමිය මූල්‍ය සේවා සපයන අනෙකුත් ශාඛා 4න්ද මෙම සේවාවන් ලබාදීමට අවශ්‍ය කටයුතු සුදානම් කෙරේ.

පීපල්ස් ලීසිං සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්‍ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine − three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව