පීපල්ස් ලීසිං සමාගමේ පාරිභෝගිකයන්ට වැඩි පහසුව සළසන තාක්ෂණිකව වැඩිදියුණු කළ නව වෙබ් අඩවිය මුදල්, ප‍්‍රාග්ධන වෙළෙඳපොල හා රාජ්‍ය ව්‍යාපාර රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා අතින් දියත් වේ.

PLC - WEBSITE Relaunch

 




 

 

ශී‍්‍ර  ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ නව වෙබ් අඩවිය මුදල්, ප‍්‍රාග්ධන වෙළෙඳපොල හා රාජ්‍ය ව්‍යාපාර රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ අතින් මුදල් අමාත්‍යාංශයේදී පසුගියදා දියත් කෙරුණි. පාරිභෝගිකයන්ගේ ගනුදෙනු වඩාත් පහසු කරවීම සහතිකකිරීමක් ලෙස භාෂා ති‍රත්වයෙන්ම පීපල්ස් ලීසිං සමාගමේ වෙබ් අඩවිය නැවත දියත්කිරීමේ අවස්ථාවට මහජන බැංකුව හා පීපල්ස් ලීසිං සමාගමේ සභාපති සුජීව රාජපක්ෂ හා එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධීකාරී ෂමින්ද්‍ර මර්සිලින් යන මහත්වරු සහභාගීවූහ.

පීපල්ස් ලීසිං සමාගමේ නිල වෙබ් අඩවිය මෙසේ නැවත දියත් කෙරුණේ එම 25වන සංවත්සරය පසුගිය මැයි 31 දිනට යෙඳීමෙනි.

පීපල්ස් ලීසිං සමාගමේ වෙබ් අඩවිය දියත් කරමින් මුදල් රාජය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා අවධාරණය කළේ පීපල්ස් ලීසිං සමාගම සැමවිටම යමක් වෙනස් ආකාරයට සිදුකිරීමට මූලාරම්භය ලබාදෙන සමාගමක් බවය.

‘ඩිජිටල් ලෝකයෙන් ලැබෙන තාක්ෂණික පහසුකම් නිවැරදිව භාවිතාකරමින් මෙම නව තත්ත්වය හමුවේ සම්ප‍්‍රදායෙන් පිට පැන පීපලස් ලීසිං සමාගම කටයුතුකරන ආකාරය සෙසු ආයතනවලටත් කදිම ආදර්ශයක්.’ රාජ්‍ය ඇමති කබ්රාල් මහතා තවදුරටත් පැවසීය.

පීපල්ස් ලීසිං සමාගමේ දැඩි උනන්දුවකින් සිදුකරන ඩිජිටල්කරණ පරිවර්තන වැඩසටහන යටතේ වැඩිදියුණු කළ මෙම වෙබ් අඩවිය මගින් එක දොරටුවකින් ඇතුළුවී සියලූ මූල්‍ය අවශ්‍යතා ඉටුකරගැනීමට තිබෙන පාරිභෝගික කේන්ද්‍රගතවීමට කදිම උත්තේජනයක් වනු ඇත.

ශී‍්‍ර ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය හා මූල්‍ය පහසුකම් ක්ෂේත‍්‍ර ප‍්‍රමුඛයාවන පීපල්ස් ලීසිං සමාගම, වසර 25ක් පුරා අගය එක් කළ මූල්‍ය සේවා සැපයීමෙහි මෙරට ප‍්‍රමුඛතම සමාගමක් ද වේ. දිවයින පුරා පිහිටි ශාඛා 112ක් හා මනා කැපවීමකින් යුත් කාර්ය මණ්ඩලය තුළින් පීපල්ස් ලීසිං සමාගම, මෙරට පාරිභෝගිකයන් සංතෘප්තවන ආකාරයේ පුළුල් මුල්‍ය සේවා රැුසක් ඉදිරිපත් කළ කදිම පාරිභෝගික විශ්වාසයක් දිනූ මූල්‍ය සමාගමකි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව