පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම 2021/22 මූල්‍ය වර්ෂයේදී ඉතිහාසගත ලාභයක් වාර්තා කරයි.

Mr Sujeewa Rajapakse-Chairman Peopel's Leasing & Finace PLC (LBN Fill)

 



 

 

 

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ^NBFI& ක්ෂේත්‍රයේ විශ්වාසනීය ප්‍රමුඛයා වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම අවිනිශ්චිතතා සහ අභියෝග රැසක් මධ්‍යයේ වුවද වර්ෂ 1996 සිට මේ දක්වා ලබාගත් වාර්ෂික ලාභ අතරින් වාර්තාගත ඉහළම බදු පසු ලාභය (PAT) වන රු. බිලියන 4.66ක මූල්‍ය සාධනයක් 2021/22 මූල්‍ය වර්ෂය තුළ වාර්තා කරමින් ඉතිහාසය නැවත අළුත් කිරීමට සමත් විය.

බදු පසු ලාභය පෙර වසරට සාපේක්‍ෂව 15.5%ක කැපී පෙනෙන වර්ධනයක් අත්කරගෙන ඇති අතර බදු පෙර ලාභය ලෙස රු. බිලියන 6.65 ක ලාභයක් ළඟා කර ගනිමින් 13.2% ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරයි.

සර්වකාලීන ඉහළ මූල්‍ය ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෂමින්ද්‍ර මර්සිලින් මහතා අදහස් දක්වමින් පවසා සිටියේ, “අපගේ විශිෂ්ට මූල්‍ය කාර්ය සාධනය පිළිබිඹුකිරීම සඳහා 2021/2022 මූල්‍ය වර්ෂය තුළ සේවක කැපවීම, පාර්ශවකරුවන්ගේ ගැටළු විසඳීම සඳහා වන උපාය මාර්ග පෙළගැස්වීම, හිතකර මෙහෙයුම් පරිසරයක් සහතික කිරීම සඳහා ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි නැවත යාවත්කාලීන කිරීම ආදිය සිදු කළ බවය. පෙර වසර හා සමානව Covid-19 හි තෙවන රැල්ල හමුවේ රටේ සර්ව ආර්ථික දර්ශකවල ක්‍රියාකාරිත්වය අඩාල කරමින්  ව්‍යාපාරවලට ක්‍රියාත්මක වීමට අපහසු පරිසරයකට තුඩු දුන් භයානක අභියෝග රැසකට ව්‍යාපාරවලට මුහුණ පෑමට සිදුවිය. කෙසේ වෙතත්, සමාගමක් ලෙස පීපල්ස් ලීසිං මෙම අභියෝග ජය ගනිමින් ඓතිහාසික මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කිරීමට සමත්විණි.

මෙම දුෂ්කර අවස්ථාවේ එම සමාගමේ 2,000කට අධික අභ්‍යන්තර කාර්ය මණ්ඩලයේ සහ ශ්‍රී ලාංකීක ප්‍රජාවගේ යහපැවැත්ම සහතික කරමින් ආකර්ෂණීය බදු පසු ලාභයක් සාක්ෂාත් කර ගත් බව ෂමින්ද්‍ර මර්සිලින් මහතා තවදුරටත් සඳහන් කළේය.

සමාගමේ අක්‍රීය වත්කම් අනුපාතිකය පහත යාම තුළින් පෙන්නුම් කළේ ණය අවදානම් කළමනාකරණය කිරීම සහ අයකර ගැනීම් වැඩිදියුණුකිරීම සඳහා යොමුකරන ලද සම්පත් සහ උත්සහයන්හි ප්‍රතිඵලයන් වේග ණය සහ ලැබිය යුතු මුදල් සඳහා අපහායන ගාස්තු රුපියල් මිලියන 1,044 සිට රුපියල් මිලියන 656 දක්වා 37.2% කින් අඩු විය.

මෙම කාල පරිච්ඡේදය තුළ ප්‍රාග්ධනය සහ ගණුදෙනුකරුවන්ට ලබාදුන් ණය පමා සහන කාලය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවන ලද නියාමන හා කොන්දේසි අභිබවා එම නියාමන අවශ්‍යතාවයන් පවත්වාගැනීමට සමාගම සමත් වූ අතර අක්‍රීය ණය ^NPL& අනුපාතයද ක්ෂේත්‍රයේ සාමාන්‍යයට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවත්වා ගෙන ගියේය.

තවද අවදානම් කළමනාකරණය කරමින් වර්ධන වේගය ඉහළ නැංවීමට පියවරගැනීම සහ ප්‍රතිපත්ති රාමුව ශක්තිමත්කිරීම ප්‍රධාන වශයෙන් ඉලක්කකරන පාර්ශවකරුවන් කේන්ද්‍ර කරගත් නායකත්වයක් අනුගමනය කරමින් සමාගම විසින් වසර පුරා සිය පාර්ශවකරුවන් සඳහා වටිනාකමක් නිර්මාණය කෙරුණි.

මර්සිලින් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ‘ඉදිරි දැක්ම සමාගමට අතිශය අභියෝගාත්මක බවත් එබැවින් පවතින උද්ධමන පීඩනය සහ ප්‍රතිපත්ති අනුපාත ඉහළ නැංවීම සමාගමේ ණය කළඹට බලපානු ඇතැයි අපේක්ෂා කරන අතරම මෙම බලපෑම පියවා ගැනීමට නම් අපි ආදායම් උත්පාදනය සඳහා විකල්ප මාර්ග සෙවිය යුතුය’ යන්නය.

සමාගම වසර පුරා සිය ඩිජිටල්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුකළ අතර එම ක්‍රියාවලියේ කොටසක් ලෙස, අභ්‍යන්තර සහ බාහිර පාරිභෝගික කේන්ද්‍රීය යෙදුම් දියත් කරනු ලැබීය. පිරිවැය කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධතා වැඩි දියුණු කිරීමට එය වර්තමානයේ ප්‍රධාන ප්‍රමුඛත්වයක් බවට පත්ව ඇත.

අප සමාගම දිවයින පුරා විසිරි සිටින 38,000කට අධික ගණුදෙනුකරුවන් සඳහා 2021/22 මූල්‍ය වර්ෂය තුළ රු. බිලියන 8.39කට අධික ණය පමා සහන ලබාදුනි. තවද, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝගවලට අනුකූලව යමින් ලිසිං වාරික ගෙවා නොමැති පුද්ගලයන්ගේ වාහන නැවත සමාගමට අත්පත් කර ගැනීම් අත්හිටවු අතර ණය පහසුකම් නැවත ප්‍රතිව්‍යුහගත කළේය.

අනෙකුත් වසර වලදී මෙන්ම පීපල්ස් ලීසිං සමාගම දිවයිනේ උතුරු, නැගෙනහිර, බස්නාහිර සහ දකුණු යන ප්‍රදේශ ආවරණය කරමින් සමාජ සත්කාර ව්‍යාපෘති රැසක් දියත් කරන ලදී.

වසර පුරා මුහුණ දුන් අභියෝග හමුවේ වුවද 2021/22 මූල්‍ය වර්ෂය තුළ අප ලබා ගත් විවිධ පිළිගැනීම් සහ ඇගයීම් තුළින් පීපල්ස් ලීසිං සමාගමේ නොසැලෙන ශක්තිය දෘශ්‍යමාන විය. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් විසින් සංවිධානය කරන ලද 2021 වසර සඳහා වන විනිවිදභාවය පිළිබඳ ආයතනික වාර්තාකරණය (TRAC) තුළ අප සමාගම ශ්‍රී ලංකාවේ පොදු සීමිත සමාගම් 75ක් අතරින් හොඳම සමාගම් 20 අතරට ඇතුළත් විය. තවද බිස්නස් ටුඩේ සඟරාව මඟින් 2020/21 හොඳම මූල්‍ය කාර්ය සාධනය මත තෝරා ගත් ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී ලැයිස්තුගත සමාගම් ’TOP 40’ අතර පීපල්ස් ලීසිං සමාගමට 27 වැනි ස්ථානයට පත්වීමට හැකියාව ලැබිණි.

සමාගම සාර්ථකත්වය කරා ගෙන යාමේ සැබෑ නායකත්වය වෙනුවෙන් ලෝක මානව සම්පත් කොංග්‍රසය විසින් සංවිධානය කළ ‘වසරේ විශිෂ්ඨතම ප්‍රධාන විධායක නිලධාරී- 2022’ (Sri Lanka Best Employer Brands Award- 2022) යන නාමය පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සි හි ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ෂමින්ද්‍ර මර්සිලින් මහතා හිමිකර ගනු ලැබීය.

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම වර්ෂ 1995 දී මහජන බැංකුවට පූර්ණ හිමිකාරීත්වය දරන පුද්ගලික සීමිත වගකීම් සමාගමක් ලෙස සංස්ථාපිත කරන ලද අතර වර්ථමානය වනවිට පීපල්ස් ලීසිං සන්නාමය ශ්‍රී ලාංකිකයන්ගේ හදවතේ නොමැකෙන නාමයක් බවට පත් වී තිබේ. රටේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයට මුල්‍ය සම්පාදනය කිරීමේ ප්‍රධාන නියමුවා වන පීපල්ස් ලීසිං සමාගම කොවිඩ් 19 වසංගතය හේතුවෙන් අඩාල වු පුද්ගලික මගී ප්‍රවාහන සේවාව යළි පණ ගැන්වීමට ප්‍රමුඛතාවය දීමේ අරමුණින් පුද්ගලික මගී ප්‍රවාහන අංශය නැවත ගොඩ නැගීමේ දුෂ්කරතාව ජය ගැනීම සඳහා “හිත මිතුරු” නමින් නව සහන යෝජනා ක්‍රමයක් දියත් කළේය.

ශක්තිමත් ප්‍රාග්ධන තත්ත්වයක් සහ ශේෂ පත්‍රයක් සමඟින්, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනැන්ස්  සමාගම ශ්‍රි ලංකාවේ  ඉහළම ශ්‍රේණිගත කළ බැංකු නොවන මුල්‍ය සමාගමක් ලෙස ෆිච් රේටින් ආයතනය විසින්  “A+(Ika)” ලෙස ශ්‍රේණිගත කර ඇත. එසේම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ ජනතාවට අන්‍යෝන්‍ය අරමුණු සහ අභිලාෂයන් ග්‍රහණය කර ගැනීමට සහාය වෙමින් පීපල්ස් ලීසිං අඛණ්ඩව සේවය කරනු ඇත.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − ten =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව