පීපල්ස් රක්‍ෂණ සමාගම නවීන තාක්‍ෂණික සේවා කවුළුවක් මහජන බැංකු මූලස්ථානයේදී විවෘත කරයි

OP1C0658

 




 

 

2021 නොවැම්බර් 02, කොළඹ:

පීපල්ස් රක්‍ෂණ සමාගම, සිය ගනුදෙනුකරුවන් වෙත විශිෂ්ඨ රක්‍ෂණ සේවාවක් ලබා දීමේ අරමුණින් නවීන තාක්‍ෂණයෙන් සමන්විත රක්‍ෂණ සේවා කවුඵවක් නො. 75, සර් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත, කොළඹ 02 යන ස්ථානයේ පිහිටි මහජන බැංකු මූලස්ථානයේ දී විවෘත කිරීම පසුගියදා සිදු විය. රාජ්‍ය ආයත අතර ඇති සම්බන්ධතාවය ශක්තිමත් කරමින් පීපල්ස් රක්‍ෂණ සමාගම, මහජන බැංකුව සමඟ එක්ව මෙම සුවිශේෂී නවීන පහසුකම් සහිත සේවා කවුළුව විවෘත කිරීමට යොමු වූයේ, සිය සමස්ත ගනුදෙනු කරුවන් වෙත රක්‍ෂණ සේවාවන් ලබා ගැනීම සඳහා පහසු ප්‍රවේශයක් නිර්මාණය කිරිමේ අරමුණිනි.

පවතින කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පවත්වනු ලැබූ මෙම නව සේවා කවුළුව විවෘත කිරීමේ අවස්ථාව, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්‍ෂ, පීපල්ස් රක්‍ෂණ සමාගමේ සභාපති ඉසුරු බාලපටබැඳි, මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරී රන්ජිත් කොඩිතුවක්කු, පීපල්ස් රක්‍ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි දීපාල් අබේසේකර යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සිදු විය. තවද එම අවස්ථාව සඳහා ගනුදෙනුකරුවන් සහ මහජන බැංකුවේ සහ පීපල්ස් රක්‍ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී විය.

මහජන බැංකුවේ ස්ථාපිත මෙම නව ව්‍යාපාරික කවුඵව වෙතින් මහජන බැංකුවේ ගනුදෙනුකරුවන් සහ එහි කාර්ය මණ්ඩලය ප්‍රමුඛ සේවාදායකයන් වෙත ආයතනික සහ පුද්ගලික රක්‍ෂණ විසඳුම් මාලාවක් අත්විඳ ගැනීමේ අවස්ථාව මෙයින් සළසා දී ඇත. මේ යටතේ වානිජ දේපළ රක්‍ෂණය, නාවික රක්‍ෂණය, වගකීම් රක්‍ෂණය, කණ්ඩායම් සෞඛ්‍ය රක්‍ෂණය මෙන්ම පුද්ගලික රක්‍ෂණ, නිවාස රක්‍ෂණ, පුද්ගලික සෞඛ්‍ය රක්‍ෂණ, සූර්ය පැනල රක්‍ෂණ, මෝටර් රථ රක්‍ෂණය සහ සංචාරක රක්‍ෂණය ආදී සාමාන්‍ය රක්‍ෂණාවරනයන් ගනුදෙනුකරුවන් වෙත ලබා ගැනීමේ හැකියාව ලබා දී ඇත.

තවද මෙම රක්‍ෂණ කවුළුව මගින් සපයනු ලබන රක්‍ෂණ පහසුකම් වලට අමතරව, පීපල්ස් රක්‍ෂණ ආයතනය විසින් සිය ගනුදෙනු කරුවන් වෙත විශේෂ සේවා රැසක් සැපයීමට ද ඉදිරිපත්ව ඇත. මේ යටතේ මාර්ගගත සේවාව (Online) ඔස්සේ රක්‍ෂණ යෝජනා පිරවීම, රක්‍ෂණ ආවරණ ගැලපීම්, වාරික පියවීම්, රක්‍ෂණ ආවරණ සටහන් නිකුත් කිරීම, රක්‍ෂණ සැලසුම් පිළිබඳ තොරතුරු ලබාගැනීම, මෙන්ම හිමිකම් සැකසීම සහ ලේඛන කළමනාකරණය වැනි මාර්ගගත නොවන (offline) සේවා ද ලබාගැනිමේ අවස්ථාව ලබා දී ඇත.

සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා වඩාත් සාර්ථක ආකාරයෙන් ඉටුකිරීම සිය ඒකායන අරමුණ බවට පත් කර ගනිමින් මෙම නව සේවා කවුළුව මගින් පීපල්ස් රක්‍ෂණ ආයතනය සිය ගනුදෙනුකරුවන් වෙත තරඟකාරී සහ ආකර්ෂණීය ප්‍රතිලාභ රැසක් පිරිනමයි. ඒ යටතේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් වෙත පොලී රහිත පහසු වාරික ගෙවීමේ සැලසුමක් ලබා ගැන්මේ හැකියාව ද ඇත.

නවෝත්පාදන සහ සේවා විශිෂ්ටත්වය තුළින් රක්‍ෂණ වෙළෙඳපොළ මෙහෙයවීම් කාර්යයේ දී, මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ නව සේවා කවළුව විවෘත කිරීම, කාර්ය බහුල ප්‍රදේශයක සියලුම පුද්ගල සහ ආයතනික රක්‍ෂණ ඔප්පු හිමියන්ගේ මූල්‍ය අනාගතය සුරක්‍ෂිත කිරීමේ ගමනේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයකි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව