පිට පිටම 17 වන වසරටත් කොමර්ෂල් බැංකුව මෙරට ‘වඩාත්ම ගෞරවණීය බැංකුව’ බවට පත්වෙයි

Commercial-Bank

 




 

 

සුප‍්‍රකට LMD සඟරාව විසින් මෙරට වඩාත් ගෞරවණීය ආයතන තෝරා ගැනීම සඳහා වාර්ෂිකව සිදුකරන සමීක්ෂණයට අනුව පිට පිටම 17 වන වරටත් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස 2021 වසරේදී කොමර්ෂල් බැංකුව තෝරගෙන තිබේ.

ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව 2005 වසරේ මෙම වර්ගීකරණය ආරම්භ කළදා පටන් මේ දක්වා සෑම වසරකම ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවණීය ආයතන පහ අතරට පැමිණීමට සමත්ව ඇත. 2021 වසරේ ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවණීය ව්‍යාපාර ලැයිස්තුවට විවිධාංගීකරණය වූ සමාගම්, ඇඟලූම් මෙන්ම විදුලි සංදේශ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම සමාගම් සහ ජාත්‍යන්තරව වඩාත් ප‍්‍රසිද්ධියට පත්වූ බහු ජාතික සමාගම් ඇතුළත් විය.

LMD සඟරාව විසින් ‘ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවණීය ආයතන’ තෝරාගැනීමේදී කරුණු 10 ක් කෙරෙහි අවධානය යොමුකරන අතර මූල්‍ය කාර්ය සාධනය, අවංකත්වය, ගුණාත්මකභාවය, කළමනාකරණ කළඹ, ධෛර්යවන්තභාවය, ආයතනික සංස්කෘතිය, දැක්ම, නවෝත්පාදනය, ආයතනික සමාජ වගකීම සහ ජාතික හැඟීම එම කරුණු අතරට අයත් වේ. මෙම කරුණු 10 ට අමතරව මෙවර අළුතෙන්ම ‘මානව සම්පත් සහ පිරිස් කළමනාකරණය’ සහ ‘අර්බුද කළමනාකරණය’ යන කරුණු දෙක ද ඇතුළත් කර ඇත.

මෙම කරුණු 12 අතුරින් හතකට අනුව කොමර්ෂල් බැංකුව මෙරට ආයතනික අංශයේ ප‍්‍රමුඛතම සමාගම් 10 අතරට 2021 වසරේදී වර්ගීකරණය කර තිබෙන අතර මූල්‍ය කාර්ය සාධනය, ආයතනික සමාජ වගකීම සහ තිරසාරත්වය මෙන්ම අර්බුද කළමනාකරණයට අනුව ශ‍්‍රී ලංකාවේ ඉහළම වර්ගීකරණය ලබාගත් බැංකුව බවටද පත්ව තිබේ.

පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම 11 වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 931 ක් ක‍්‍රියාත්මක කරයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව