පිටරට සිට එවන මුදල් HNB Remittance වෙතින් ලබා ගත් වාසනාවන්ත ගනුදෙනුකරුවන්ට මුදල් ත්‍යාග

Image 02

 




 

සංවර්ධනය සඳහා පේ‍්‍රෂණවල ප‍්‍රබල දායකත්වය පිළිබිඹු කරමින් සහ ශ‍්‍රී ලංකා මහ බැංකුව (CBSL) ශ‍්‍රී ලංකාවට පේ‍්‍රෂණ ගෙන්වා ගැනීම උදෙසා දරණ ප‍්‍රයත්නයන්ට සහයෝගය දක්වමින් මෙරට ප‍්‍රමුඛ පෙළේ පුද්ගලික අංශයේ වානිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෑතකදී ප‍්‍රවර්ධන වැඩසටහනක් දියත් කළේය. හැටන් නැෂනල් බැංකුව විසින් මුදල් පේ‍්‍රෂණ සේවාවන් සමග එක්ව දියත් කළ මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ තම පේ‍්‍රෂණ මුදල් ගෙන්වාගත් ගනුදෙනුකරුවන් සතිපතා දිනුම් ඇදීමකට ලක් කළ අතර එහිදී තෝරා ගත් වාසනාවන්ත ගනුදෙනුකරුවන් HNB පරිශ‍්‍රයේ පැවති විශේෂ උත්සවයකදී ඇගයීමට හා ත්‍යාග ලබා දීමට බැංකුව කටයුතු කළේය. මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, අජිත් නිවාඞ් කබ්රාල් මහතා සහභාගී වූ අතර සහකාර අධිපති ඞී. කුමාරතුංග, HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී, ජොනතන් අලස් යන මහත්වරුන් ඇතුළුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී විය. එහිදී ඔවුන් අතින් අදාල ජයග‍්‍රාහකයින් වෙත රුපියල් 100,000 බැගින් වූ මුදල් ත්‍යාග පිරිනමන ලදී.

මෙම විශේෂ අවස්ථාවට එක් වෙමින් CBSL අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පැවසුවේ ‘‘තමන්ගේ දුක් මහන්සියෙන් උපයාගත් මුදල්වලින් කොටසක් ආපසු නිවෙස් වෙත එවීමට හැකයාව ඇති විදේශයන්හි සේවය කරන සෑම ශ‍්‍රී ලාංකිකයෙකුටම අපගේ කෘතඥතාව මෙහිදී පළකර සිටිනවා. පේ‍්‍රෂණ යනු මුදල් එවන සහ ලබන අයට පමණක් ප‍්‍රතිලාභ අත්වන දෙයක් පමණක්ම නොවේ. එයින් අපේ ජාතියට ඉතා විශාල වටිනාකමක් ද එක් කරනවා. මෙම සාධක සැලකිල්ලට ගනිමින්, ඔවුන්ගේ මුදල් පේ‍්‍රෂණ සඳහා විධිමත් බැංකු සේවා භාවිතා කරන අය සඳහා අපට හැකි පමණින් වරප‍්‍රසාද පිරිනැමීම වැදගත් බව අප තේරුම් ගත්තා.’’ යනුවෙනි.

මෙවැනි තීරණාත්මක මොහොතක ශ‍්‍රී ලංකාවේ අනාගත අභිවෘද්ධිය උදෙසා අත්‍යවශ්‍ය සාධකයක් වන පේ‍්‍රෂණ ඉහළ නංවා ගැනීමට අප දරන ප‍්‍රයත්නයන්ට සහාය දැක්වීමට වහාම ඉදිරිපත් වූ HNB වෙත මා ස්තූතිය පුද කිරීමට කැමතියි.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

ඇමරිකානු ඩොලර් බිලියන 7 සිට බිලියන 9 දක්වා පේ‍්‍රෂණ ගලා ඒම වැඩි කිරීම අරමුණු කරගත් අනෙකුත් මුලපිරීම් අතර CBSL මෙරට බැංකු සමඟ සහයෝගයෙන් එතෙර සිටින පුද්ගලයින්ට ඔවුන්ගේ ඉපැයීම් ආරක්ෂිතව යැවීමට හැකි ජංගම යෙදවුමක් වන SL-Remit හඳුන්වා දීමට සැලසුම් කරයි.

ජාතික මට්ටමින් ශ‍්‍රමිකයන්ගේ පේ‍්‍රෂණ මෑත මාසවල අඩුවෙමින් තිබෙන අතර සැප්තැම්බර් මාසයේ පේ‍්‍රෂණ ගලා ඒම ඊට වසරකට පෙර ගලා ආ ඇමරිකානු ඩොලර් මිලියන 703 ට සාපේක්ෂව ඩොලර් මිලියන 353 දක්වා අඩකින් අඩු වී ඇත. පළමු මාස නවය තුළ පේ‍්‍රෂණ පසුගිය වසරේ එම කාලපරිච්ෙඡ්දයට වඩා 9% කින් අඩු වී ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක් බවට පත් විය.

මෙහිදී අදහස් දැක් වූ HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී, ජොනතන් අලස් මහතා ‘’විධිමත් බැංකු ආයතන හරහා තම වටිනා විදේශ මුදල් යැවීමට කැමති පුද්ගලයින්ට ජාතික මට්ටමින් මෙන්ම බැංකු මට්ටමින් ද මේ හරහා නව වරප‍්‍රසාද හිමි කරගැනීමට කදිම අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකියි. පේ‍්‍රෂණ ක්ෂේත‍්‍රය තුළ වසර 40ක් පුරාවට HNB පැමිණි සාර්ථක ගමන් මඟ සැලකිල්ලට ගෙන, අප විදේශගත ශ‍්‍රමිකයින්ගේ අවශ්‍යතා සහ යහපැවැත්ම සහතික කරන අතරම ශ‍්‍රී ලංකාවට පේ‍්‍රෂණ ගෙන්වා ගැනීම ඉහළ නැංවීම සඳහා ප‍්‍රමුඛත්වය ගැනීමට අප ඉතා හොඳින් හැඩගැසී සිටිනවා.” යනුවෙන් සඳහන් කළේය.

 

 




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව