පැළ 10,500ක් සිටුවීමට ප්‍රතිඥා දෙමින් කොමර්ෂල් බැංකුව යගිරල වැසි වනාන්තරය සංරක්ෂණය කිරීම අරඹයි

Yagirala reforestation project (LBN)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වනාන්තර සහ පරිසර විද්‍යා අංශය හා කොමර්ෂල් බැංකුව එක්ව, කළුතර දිස්ත්‍රික්කයේ යගිරල වැසි වනාන්තරය ප්‍රතිසංස්කරණය කර සංරක්ෂණය කිරීම ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

කොමර්ෂල් බැංකුවේ මෙම නවතම තිරසර වැඩසටහන මගින් පාරිසරික වශයෙන් වැදගත්කමක් උසුලන, මෙම පහතරට නිවර්තන තෙත් කලාපයේ සදාහරිත වනාන්තරයේ අක්කර 15ක කොටසක පැළ 10,500ක් සිටුවීම සඳහා අරමුදල් සම්පාදනය කරනු ලැබේ. තවද, එම පරිසර පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීමට සහ නඩත්තු කිරීමේ කටයුතු සඳහා ප්‍රදේශයේ ජනතාව සම්බන්ධ කර ගැනීමට ද බලාපොරොත්තු වේ.

 



 

වලල්ලාවිට යගිරල වැසි වනාන්තරය වෘක්ෂලතා විශේෂ 152 කින් සමන්විත වන අතර එයින් 45%ක් ම ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ වේ. එය පක්ෂි විශේෂ 103ක්, ක්ෂිරපායී විශේෂ 36ක්, මිරිදිය මත්ස්‍ය විශේෂ 22ක්, උරග විශේෂ 19ක්, සහ උභයජීවී විශේෂ 10ක් වෙනුවෙන් ස්වභාවික වාසස්ථාන සපයයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වනාන්තර සහ පරිසර විද්‍යා අංශය 1984 වර්ෂයේ සිට මෙම රක්ෂිතයේ අක්කර 100ක භූමිභාගයක් ප්‍රමුඛත ම පර්යේෂණ හා අධ්‍යායන කටයුතු සඳහා කළමණාකරණය කරමින් පවතී.

අවට ගම්මාන වලින් ආක්‍රමණය කිරීම, නීති විරෝධී දැව කැපීම, වන සතුන් දඩයම් කිරීම සහ ආක්‍රමණශීලී වෘක්ෂලතා විශේෂ වර්ධනය වීම නිසාවෙන් මෙම රක්ෂිත වනාන්තරය හා එහි ජෛව විවිධත්වය තර්ජනයට ලක්ව තිබේ.

මෙම ව්‍යාපෘතියේදී සිටුවීමට නියමිත වෘක්ෂලතා අතරට වල් දෙල්, ගොඩපර, වල්ලපට්ටා, පෙලෙන්, රුක්, කැටකෑල, ගොරක, ඇටඹ, නදුන්, දවට, ගම්මාලු, බෙරලිය, හොර, නා, සහ වල් රඹුටන් යන විශේෂ ඇතුලත් වේ.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව සහ ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 974 ක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව