පාරිභෝගික අත්දැකීමේ පෙරළියක් සිදුකරමින් SLT-MOBITEL ‘mAgent’ සේවාව හඳුන්වා දෙයි

PR Image (LBN)

 



 

 

නව්‍ය හා තිරසාර විසඳුම් සමඟින් පාරිභෝගික අත්දැකීම් වල විප්ලවීය වෙනසක් ඇති කිරීමට මුලිකත්වය ලබාදෙන ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සිය පාරිභෝගිකයන් වෙනුවෙන් මෙතෙක් ලබා දුන් සේවාවන් තව දුරටත් පුළුල් කරමින් ‘mAgent’ නමින් නව්‍ය සේවාවක් හඳුන්වා දී තිබේ. ප්‍රථම වතාවට දිවයින පුරා විසිරී සිටින පාරිභෝගිකයන්ගේ දොරකඩටම ගොස් සියලුම SLT-MOBITEL සේවා පහසුකම් සැපයීම මෙහි අරමුණ වන අතර එමගින් පාරිභෝගිකයන්ට වඩාත් සමීප සේවාවක් ලබා දීමට සමාගම අපේක්ෂා කරයි.

‘mAgent’ සේවාව හඳුන්වාදීමත් සමඟ, SLT-MOBITEL ස්ථාවර සහ ජංගම දුරකථන සම්බන්ධතා හිමි පාරිභෝගිකයන්ට, නිවසේ සිටම දුරකථන සන්නිවේදන සේවාවන් රාශියක් අත් විදීමේ හැකියාව ලැබෙනු ඇත.  තවද, mAgent වැඩසටහන දියත් කිරීම SLT-MOBITEL හි පාරිසරික සමාජ පාලන (Environmental Social Governance – ESG) ක්‍රමෝපායේ තවත් පියවරක් වන අතර, සාම්ප්‍රදායික සේවා ක්‍රමවේදයන්ගෙන් ඔබ්බට යමින්, අඩු වියදම් සහ පරිසර හිතකාමී, ප්‍රදේශයට අදාළ සේවාවන් ලබා දෙමින් පාරිභෝගික අත්දැකීම් ඉහළ නංවමින්, වටිනාකම් නිර්මාණය කිරීම එහි ප්‍රධානතම අභිප්‍රාය වේ. එපමණක් නොව, ‘mAgent’ වැඩසටහන ඔස්සේ මෙරට තරුණ පරපුර බලගන්වමින් දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥ දැනුම, නිපුණතාවය  හා නව වෘත්තිය අවස්ථාවන් ලබාදීමටත් SLT-MOBITEL කටයුතු කරයි.

1717 ඇමතීම මගින් පාරිභෝගිකයන්ට තම ප්‍රදේශයට අදාළ mAgent සමග සම්බන්ධ වීමට හැක.  මෙහිදී, නව සම්බන්ධතා ලබා ගැනීම, උපාංග මිලදී ගැනීම ඇතුළුව, ස්ථාවර සහ ජංගම දුරකථන සම්බන්ධතා පිලිබඳ සියලුම සේවාවන් ඵලදායී හා කාර්යක්ෂම ලෙස සැපයීම සඳහා අවශ්‍ය දැනුම හා පුහුණුව මෙන්ම, ඒ සඳහා අවශ්‍ය සියලුම තාක්ෂණික පහසුකම්ද වලින් SLT-MOBITEL mAgent වරුන් බලගන්වා තිබේ.

මේ වනවිටත් දිවයින පුරා mAgent වරුන් අනියුක්ත කිරීමට SLT-MOBITEL කටයුතු යොදා ඇති අතර පාරිභෝගිකයෙකු කිසියම් අවශ්‍යතාවයක් සඳහා ඇමතුමක් ලබා දුන් විට හැකි ඉක්මනින් කාර්යක්ෂම සහ සුරක්ෂිත සේවාවක් සැපයීමට පියවර ගනී.

මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ තවත් පුරෝගාමී සේවාවක් වන ‘mAgent’ සේවාව පාරිභෝගිකයන්ගේ ජීවන රටාවන් තවත් පහසු කරමින්, ශ්‍රී ලංකාව සංවර්ධනයේ මීළඟ අදියර වෙත රැගෙන යාමට වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ඇතැයි SLT-MOBITEL විශ්වාස කරයි. වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 + 18 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව