ප්‍රයිම් සමුහය ඇදහිය නොහැකි, පෙරළිකාර ආයෝජන සැලසුමක් සමඟින් ‘The Colombo Border’ හඳුන්වා දෙයි

Image - PR Prime Group introduces a revolutionary investment opportunity in Sri Lanka (LBN)

 


 

 

මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක්වන  ප්‍රයිම් සමූහ ව්‍යාපාරය, සුඛෝපභෝගී ජීවන රටාවකට අවශ්‍ය සියලු නවීන පහසුකම් සමග ඇදහිය නොහැකි ගෙවීම් සැලසුමක් සහිත සුවිශේෂී ආයෝජන අවස්ථාවක් හඳුන්වා දී තිබේ.

ප්‍රයිම් සමූහයේ නවතම සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියවන, මහල් 27 කින් සමන්විත මෙය කොළඹ නාගරික සීමාව ආසන්නයේම පිහිටා තිබේ. මෙහි විශේෂත්වය වන්නේ මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් සුවිශේෂී ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දී තිබීම ය. මෙම නව ක්‍රමය යටතේ ගැනුම්කරුවන් ආරම්භයේදී ගෙවිය යුතු වන්නේ, 10% ක වෙන්කරවාගැනීමේ ගාස්තුව පමණක්වන අතර, කිසිදු මූලික ගෙවීමක් සිදුකළ යුතු නොවේ. ඉන් අනතුරුව මාස 40 ක් දක්වා මුළු මුදලින් 1% ක බැගින් වාරික ගෙවිය යුතු අතර, ඉතිරි 50% මුදල ගෙවිය යුතු වන්නේ නිවාස ඔවුන් වෙත භාරදෙනු ලබන අවස්ථාවේදී ය. මෙමගින් ගැනුම්කරුවන්ට අවම වශයෙන් 100% ක ප්‍රාග්ධන ලාභයක් සහතික කළ හැක.

ව්‍යාපෘතිය දියත් කිරීමට පෙර පමණක් හිමිවන ආකර්ෂණීය මිලගණන් සමගින් සුවපහසු නිදන කාමර දෙකේ සහ තුනේ නිවාස සහිත මෙම ව්‍යාපෘතිය, විශේෂයෙන්ම රැකියාවන්හි නියුතු වෘත්තිකයන්ට විශාල ප්‍රමාණයේ මූලික ගෙවීමකින් හෝ බැංකු ණය ලබාගැනීමකින් තොරව නිවසක් මිලදී ගැනීම සඳහා ලැබෙන අගනා අවස්ථාවකි. අක්කර 6.5 ක භූමියක, මහල් 27 කින් යුක්තව ඉදිවන මෙම ව්‍යාපෘතියේ පළමු අදියර, වත්මන් යුගයේ නිවාස හිමිකරුවන්ගේ අවශ්‍යතාවන් හා අපේක්ෂාවන් සපුරාලන ආකාරයට සැලසුම් කර තිබේ.

පහසුව මෙන්ම ස්වභාව සෞන්දර්ය මනාව එක්තැන් කරන පරිසරයක මෙම නව නිවාස සංකීර්ණය ඉදිකෙරේ. කොළඹ නුවර ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි මෙම නිවාසවලට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ මෙන්ම කොළඹ වරාය ඇතුළුව කොළඹ නගරයේ ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානවල සිට පහසුවෙන් ළඟා විය හැක. මෙය නාගරික ජීවිතයේ කාර්යබහුලත්වයෙන් මෙන්ම රථවාහන තදබදයෙන් මිදී ඉක්මනින් තම වාසස්ථානය කරා පැමිණ, ගම්බද පරිසරයක සැහැල්ලුව සිත් සේ අත්විඳීමට පදිංචිකරුවන්ට අවස්ථාව සලසා දෙයි.

“පෙරළිකාරී ගෙවීම් ක්‍රමයක් ඔස්සේ විශේෂයෙන්ම පළමුවරට නිවාස මිලදී ගන්නන් සහ තරුණ වෘත්තිකයන් ඇතුළුව අපගේ සේවාදායකයන් සියලුම දෙනාට සුවිශේෂී ආයෝජන අවස්ථාවක් පිරිනැමීමට හැකි වීම අපට මහත් සතුටක්. ශ්‍රී ලංකාවේ මෙබඳු ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දෙනු ලබන්නේ ප්‍රථම වතාවටයි. ඉතා පහසු ගෙවීම් සැලසුමක් යටතේ සුඛෝපභෝගී ජීවන රටාවක අත්දැකීම විඳගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණ මුල්කරගෙන, දිගින් දිගටම ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකිරීමට අප සූදානම්.” ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් පීඑල්සී (Prime Lands Residencies PLC) හි අධ්‍යක්ෂ (ආයතනික කටයුතු) නලින්ද හීනටිගල මහතා පැවසී ය.

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරන මෙම නව ව්‍යාපෘතිය සමග අත්වැල් බැඳගන්නා මෙන් ප්‍රයිම් සමූහය ආයෝජකයන්ට සහ නිවාස ගැනුම්කරුවන්ට ආරාධනා කර සිටී.

වැඩිදුර තොරතුරු සඳහා www.primeresidencies.lk වෙත පිවිසෙන්න. නැතිනම් 0710 777 333 අංකයෙන් ප්‍රයිම් සමූහයේ විකුණුම් සේවා විශේෂඥයන් අමතන්න.

 


 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව