ප්‍රයිම් සමුහයේ නවතම ව්‍යාපෘතිය 43 By the Sea, Marine Drive

43 By The Sea in Marine Drive, Dehiwala_2 (LBN)

 



 

 

සාගරය මැනැවින් දර්ශනය වන ආකාරයට කොළඹ සුප්‍රසිද්ධ Marine Drive හි පිහිටා ඇති “43 By The Sea, Marine Drive” නිවාස ව්‍යාපෘතිය තුළ විශාල පිහිනුම් තටාකයක්, පැය 24 පුරා ආරක්ෂාව, අවසරලත් පුද්ගලයන්ට පමණක් ඇතුළු විය හැකි පිවිසුම් දොරටු, ශරීරික සුවතා මධ්‍යස්ථානයක්, අමුත්තන් සඳහා වෙන් වූ පරිශ්‍රයක්, දරුවන්ට ක්‍රීඩා කිරීම සඳහා ස්ථානයක්, Rooftop Terrace, Sky Lounge ආදී පහසුකම් රැසක්ද ඇතුළත් වී ඇත.

මෙම ව්‍යාපෘතියෙහි වඩාත්ම ආකර්ෂණීය ලක්ෂණයක් වන්නේ, එය නගරයේ සියලු පහසුකම්වලට ආසන්නයේ පිහිටා තිබීමය. මෙම නිවාසවල සිට නගරයේ ඕනෑම ප්‍රධාන ස්ථානයක් වෙත විනාඩි 10 ක් තරම් වූ ඉතාමත් කෙටි කාලයක් තුළ පා ගමනින් හෝ මෝටර් රථයකින් ළඟා විය හැකිවේ. සුපිරි වෙළඳසැල්, ආපනශාලා, දුම්රිය ස්ථාන, බස් නැවතුම්පොළවල්, බැංකු, පාසල් සහ පූජනීය ස්ථාන ඇතුළු තවත් ස්ථාන රාශියක් මීට ඇතුළත්ය. එමෙන්ම කොළඹ නගරයේ රාත්‍රී විනෝදාස්වාද පහසුකම්වලටද මෙහි සිට විනාඩි කිහිපයක් තුළ ළඟා විය හැකිවේ.

 

මෙහි අලංකාරය සහ අභ්‍යන්තර සැලසුම්කරණය සලකා බලන විටද ප්‍රයිම් සමූහය සුවිශේෂී ඉදිරි පියවරක් තබා ඇති බව පැහැදිලිය. මෙහි නිවාස සියල්ලක්ම ඉතාමත් අලංකාර ලෙස මෙන්ම පදිංචිකරුවන්ගේ මානසික සැහැල්ලුව ළඟා වන පරිදි සැලසුම් කර තිබේ. නිදන කාමර 3 කින් යුත්, වර්ග අඩි 1,500 ප්‍රමාණයේ නිවාසවලින් සමන්විත මෙම නිවාස එකතුවට ගෘහ සේවකයන්ගේ නවාතැන් සඳහා වෙනම සේවා පරිශ්‍රයන්ද ඇතුළත්ය. මෙය නාගරික ජීවිතයට නව අරුතක් සපයන අත්දැකීමක්වනු නොඅනුමානය.

මේ සම්බන්ධව අදහස් දක්වමින්, ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ නලින්ද හීනටිගල මහතා කියා සිටියේ “මෙය ආයෝජකයන්ට ඉහළම ප්‍රතිලාභ සලසන ආයෝජන අවස්ථාවක් වනු ඇති බවයි”. පසුගිය කාලයේ ශ්‍රී ලංකාවට බරපතළ ආර්ථික අභියෝගවලට මුහුණ දීමට සිදු වූ අවස්ථාවන්හිදී පවා ප්‍රයිම් සමූහය සිය පාරිභෝගිකයන් අපේක්ෂා කළ මට්ටමටත් වඩා ඉහළ ප්‍රතිඵල වාර්තා කරගැනීමට සමත් වූ බවද ඒ මහතා පැවසීය.

“43 By The Sea, Marine Drive” ව්‍යාපෘතියෙහි නිවාස රු. මිලියන 55 න් ආරම්භ වන අතර, මාස 15 ක් දක්වා පහසු ගෙවීමේ ක්‍රමයටද ලබාගත හැකි වේ. ව්‍යාපෘතියේ මූලික ව්‍යුහාත්මක ඉදිකිරීම් මේ වනවිට අවසන් වී ඇති අතර, 2024 වර්ෂයේදී සියලු ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතය.

වසර 27 කට අධික කාලයක් මුළුල්ලේ දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම් සමුහය ලෙසින් සහාධිපත්‍ය ව්‍යපෘති 45ක් මේ වන විටත් ඇති සාර්ථකව අවසන් කර ඇත. “43 By the Sea, Marine Drive” ව්‍යාපෘතිය තුළින් සුඛෝපභෝගිත්වය නවීනත්වය සහ සාගරයේ දර්ශන  එක්  කළ සුවපහසු නාගරික  රටාවකට රැගෙන යන සුවිශේෂී වෙනසක අත්දැකීම විදින්නට හැකිවනු ඇත. +94 710 777 666 සහ +94 710 777 444 යන අංකවලින් ප්‍රයිම් රෙසිඩන්සීස් සමාගම සමග සම්බන්ධ විය හැකි වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව