ප්‍රථම වරට උතුරු නැගෙනහිරදී පැවැත්වූ 2023 රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් මළල ක්‍රීඩා තරගාවලිය සාර්ථකව නිම වෙයි

Image 03 (LBN)

 



 

 

ප්‍රථම වරට උතුර සහ නැගෙනහිර පළාත් ආවරණයවන පරිදි පවත්වන ලද රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් මළල ක්‍රීඩා තරගාවලිය පසුගියදා යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී සාර්ථක ලෙස අවසන් විය. මෙය ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට ලැබෙන ක්‍රීඩා අවස්ථා පුළුල්කරන, රට තුළ විවිධත්වයට ආමන්ත්‍රණය කරමින් දිවයිනේ සියලු තරුණ ක්‍රීඩකයින් හට සම අවස්ථා ලබාදීමේ අරමුණු සහිතව සංවිධානය වී තිබිණි.

ලකුණු 81 ක් සමගින් මෙම තරගාවලියේ සමස්ත බාලිකා ශූරතාව හිමිකරගන්නා ලද්දේ දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසල විසිනි. එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය ලකුණු 47 ක් ලබාගත් වල්ලුවාර්පුරම් භාරති විද්‍යාලය වෙත හිමි වූ තර, තුන්වැනි ස්ථානය ලකුණු 45 ක් ලබාගත් වෙම්බාඩි කාන්තා විද්‍යාලය වෙත හිමි විය. තරගාවලියේ බාලක ශූරතාව දිනාගන්නා ලද්දේ ලකුණු 77.5 ක් ලබාගත් පල්ලෙයි මධ්‍ය මහ විද්‍යාලය විසිනි. ලකුණු 75 ක් ලබාගත් ශාන්ත සේවියර් පිරිමි විද්‍යාලයට එහි දෙවැනි ස්ථානයද, ලකුණු 52 ක් ලබාගත් මනිපායි හින්දු විද්‍යාලයට තුන්වැනි ස්ථානයද හිමි විය.

තරගාවලියේ විශිෂ්ටතම ක්‍රීඩිකාව බවට පත්වූයේ දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 4.83 ක දුරක් වාර්තා කළ සෛවප්‍රගාස කාන්තා විද්‍යාලයේ වී. ටෙනීෂා ය. තරගාවලියේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස, දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 5.66 ක දුරක් වාර්තා කළ වන්කලයි ශාන්තා ආනා විද්‍යාලයේ ඒ. රොමෙක්සන් ලැම්බර්ට් නම්කෙරිණි. මෙම තරගාවලියට උතුරු හා නැගෙනහිර පළාත්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,000 කට අධික පිරිසක් සහභාගී වීම විශේෂත්වයක් විය.

ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම චොක්ලට් සන්නාමයවන රිට්ස්බරි, දිගු කාලයක සිට රටේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීමේ මෙහෙවරට උර දී සිටී. මෙම මෙහෙවර පුළුල් කිරීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන්, භෞතික සීමාවන් ඉක්මවා යමින්  උතුරු නැගෙනහිර පළාත්වල යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම දක්ෂතා කරළියට රැගෙන ඒමට අවස්ථාව සලසා දීම සඳහා රිට්ස්බරි මෙවර ශ්‍රීමත් ජෝන් ටාබට් මළල ක්‍රීඩා තරගාවලිය යාපනයේදී පැවැත්වීමට කටයුතු කළේ ය.

“සාමාන්‍යයෙන් ශ්‍රීමත් ජෝන් ටාබට් මළල ක්‍රීඩා තරගාවලියට උතුරු නැගෙනහිර පළාත්වලින් සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකට අඩු බව අපට පෙනී ගොස් තිබුණා. එම පළාත්වලටම ගොස් තරගාවලියක් පවත්වා ඔවුන් ක්‍රීඩාවට දිරිගැන්වීමට අප පියවර ගත්තේ ඒ නිසයි. ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවල ජීවත්වන යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබාදීම අපගේ ඉලක්කය වී තිබෙනවා.”CBL Foods International (පුද්.) සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවි) නිලුපුල් ද සිල්වා මහතා පැවසී ය.

ප්‍රාදේශීය මට්ටමේ ක්‍රීඩා ඉසව්වලදී තරගාවලියට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා කුසලාන, පදක්කම් හා සහතිකපත් ප්‍රදානය නොකෙරූ නමුත් මෙම තරගවටයේදී ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට කුසලාන, පදක්කම් හා සහතිකපත් පිරිනැමීමට කටයුතු කළ අතර එමගින් ඉදිරියේදී මෙවැනි ක්‍රීඩා ඉසවු සදහා සහභාගිවීමට මොවුන් දිරිමත් කිරීම අරමුණ විය. තවද තරගාවලිය අවසානයේදී තරගකරුවන්ට 51 වැනි රිස්ට්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියට පිවිසීමේ අවස්ථාව හිමි වේ.මෙරට පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම තරගාවලියක් ලෙස සැලකෙන මෙම තරගාවලිය සදහා අනුග්‍රහකත්වය ලබාදීම තුළ පිළිඹිබු වන්නේ අඛණ්ඩව රටේ පාසල් මට්ටමේ ක්‍රීඩා කුසලතා වැඩිදියුණු කිරීම සදහා රිට්ස්බරි සන්නමයේ කැපවීමයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව