ප්‍රවාහන ක්ෂේත්‍රයට නව අඩිතාලමක් එක් කරමින් BYD 2024 EV Motor Show හි සන්නාම අනුග්‍රාහකයා වෙයි

Image 01

නව බලශක්ති වාහන විසඳුම් සමඟින් ශ්‍රී ලංකාවේ EV eco-system වැඩිදියුණු කිරීමට John Keells CG Auto එක් වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොලේ ලැයිස්තුගත ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් සමූහය වන John Keells Holdings PLC (JKH) සහ ඩුබායි හි CG Corp Global අතර ඇති කරගත් හවුල් ව්‍යාපාරයක් වන John Keells CG Auto පුද්ගලික සමාගම Asia Exhibition & Convention පුද්ගලික සමාගම සමඟ අත්වැල් බැඳගනිමින් EV Motor Show 2024 හි සන්නාම අනුග්‍රාහකයා ලෙස BYD පත්ව ඇති බව සාඩම්බරයෙන් නිවේදනය කළේය.

 




 

මෙම මෝටර් රථ ප්‍රදර්ශනය ජූනි මස 28 වනදා සිට 30 වනදා දක්වා BMICH හිදී පැවැත්වීමට නියමිතය. මෙමගින් තිරසාර ගමනාගමනය සඳහා ශ්‍රී ලංකාවේ දිගුකාලීන දැක්මට සහාය වෙමින් ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ EV තාක්ෂණයේ දියුණුව පෙන්නුම් කරමින් දේශීය EV (විද්‍යුත් වාහන) වෙළඳපොළට සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට අරමුණු කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් John Keells සමූහයේ සභාපති – පාරිභෝගික අංශය, චරිත සුබසිංහ මහතා පැවසුවේ “සැලකිය යුතු ආර්ථික සහ පාරිසරික ප්‍රතිලාභ සැලකිල්ලට ගනිමින් අපි අපගේ ප්‍රවාහන පද්ධතියට EVs ඒකාබද්ධ කිරීම ඉතා වැදගත් වනවා. BYD සමඟින් අප අත්වැල් බැඳගැනීමේ අරමුණ වන්නේ ගෝලීය පරිසර හිතකාමී ප්‍රවණතා ශ්‍රී ලංකාවට ගෙන ඒමයි. ඒවගේම අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කරමින් දීප ව්‍යාප්තව ඇති අපගේ වත්කම්/සම්පත් ප්‍රයෝජනයට ගනිමින් ප්‍රවාහනයේ නව සන්ධිස්ථාන සනිටුහන් කිරීමට අප කැපවී සිටිනවා. මීට අමතරව, අපගේ ප්‍රධාන සමාගම වන BYD සමඟ අපගේ සහයෝගීතාවය මගින් අපට අවශ්‍ය නවීන තාක්ෂණය සහ විශේෂඥ දැනුම ලබා ගෙන එය රටේ දියුණුව සඳහා භාවිතා කිරීමට හැකියාව ලැබෙනවා.” යනුවෙනි.

JKCG Auto ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාහන භාවිතය සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරමින් මීට පෙර විද්‍යුත් වාහන භාවිත කරන්නන්ට NEV ecosystem වෙතට සංක්‍රමණය වීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙනු ඇත. තවද JKCG Auto විසින් දිවයින පුරා charge කිරීමේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා JKH සමඟ ඇති ඔවුන්ගේ සම්බන්ධතා උපරිම ලෙස භාවිතා කරනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් CG Corp Global කළමනාකාර අධ්‍යක්ෂ නිර්වාන කේ. චෞද්‍රි මහතා “JKH සමඟ අත්වැල් බැඳ ගැනීම තුළින් ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි අපගේ ඇති නොසැලෙන විශ්වාසය හා දැඩි උනන්දුව හොඳින් පෙන්නුම් කරනවා. අපගේ අරමුණ වන්නේ අති නවීන තාක්ෂණයෙන් යුතු NEV විසඳුම් හඳුන්වා දීමෙන් සහ තිරසාර ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීමෙන් පාරිසරික තිරසාරභාවය මෙන්ම ආර්ථික ස්ථාවරත්වය සඳහා දායක වීමයි. BYD සහ EV Motor Show 2024 සමඟ ඇති කරගත් මෙම හවුල්කාරීත්වය නවෝත්පාදනය සඳහා අපගේ කැපවීම සහ පරිසර හිතකාමී තාක්ෂණයන් අනුගමනය කිරීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳව අපගේ විශ්වාසය පෙන්නුම් කරන කදිම සාක්ෂියක්.” යනුවෙන් සඳහන් කළේය.

‘’EV Motor Show 2024 සමඟ අපගේ සහයෝගීතාවය මගින් ශ්‍රී ලංකාවේ EV ecosystem සංවර්ධනය කිරීමට අපගේ ඇති කැපවීම හොඳින් පෙන්නුම් කරනවා. තිරසාර අනාගතයක් සඳහා කැපවුණු අපගේ දිගුකාලීන දැක්ම පෙන්නුම් කරන විද්‍යුත් සහ plug-in hybrid විද්‍යුත් වාහන ඇතුළුව උසස් තාක්ෂණයෙන් යුතු නව බලශක්ති වාහන හඳුන්වා දීමට හැකිවීම පිළිබඳව අපිට සතුටුයි. තවද මෙම මෝටර් රථ ප්‍රදර්ශනය ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාහන ප්‍රවර්ධනය කිරීම සඳහා සහාය වීමට අවශ්‍ය යටිතල පහසුකම් නිර්මාණය කිරීමේ අපගේ උත්සාහයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස පෙන්වා දිය හැකියි.” යනුවෙන් JKCG Auto සාමාන්‍යාධිකාරී චරිත් පණ්ඩිතරත්න මහතා සඳහන් කළේය.

මීට අමතරව, JKCG විසින් BYD NEVs සඳහා අලෙවියෙන් පසු සේවා සලසන අති නවීන පහසුකම්වලින් සමන්විත මධ්‍යස්ථානයක් විවෘත කිරීමට බලාපොරොත්තු වේ. මෙම පහසුකම NEV පාරිභෝගිකයින්ට අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සහ සහාය ලබා දෙන අතර ඔවුන්ගේ වාහන හොඳම තත්වයෙන් තබා ගැනීමට උපකාරී වනු ඇත.

John Keells CG Auto පුද්ගලික සමාගම (JKCG) යනු John Keells Holdings PLC හි අනුබද්ධිත සමාගමකි- 2023 වසරේදී මෝටර් රථ කර්මාන්තයට පිවිසි JKCG Auto ශ්‍රී ලංකාවේ BYD මගී වාහන, අමතර කොටස් සහ සේවා සඳහා බලයලත් බෙදාහරින්නා වේ. එම සමාගම නව බලශක්ති වාහන (NEV) පිළිබඳ පාරිභෝගික විශ්වාසය ගොඩනැගීමට, NEV සඳහා නව ප්‍රමිතීන් සැකසීමට සහ ශ්‍රී ලංකාවේ EV සඳහා යටිතල පහසුකම් පද්ධතිය සංවර්ධනය කිරීමට කැපවී සිටී.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 − two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව