ප්‍රයිම් සමූහයේ ‘88 Residence කහතුඩුව’, සිහින නිවසක බලාපොරොත්තු දල්වයි

Image - Prime Group’s ‘88 Residence Kahathuduwa’ Open Day unlocks dream homes offering the finest living experience (LBN)

HNB සමග එක් වී පෙර නොවූවිරූ ගෙවීම් සැලසුමක්ද හඳුන්වා දෙයි

මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගමක් වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරය, මෙරට ජනතාවගේ නිවාස සිහින සැබෑ කිරීමේ මෙහෙවරෙහි තවත් පියවරක් වශයෙන්, සිය ‘88 Residence’ ව්‍යාපෘතියේ ‘Open Day’ වැඩසටහන පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවත්වී ය. මෙම නිවාස එකතුව කහතුඩුව නගරාසන්නයේ පිහිටා තිබේ.

 



 

පසුගියදා පැවැත්වුණු මෙම වැඩසටහනේදී, ප්‍රයිම් සමූහය කෙතරම් සැලකිල්ලෙන් සහ උසස් ප්‍රමිතියකින් යුතුව නිවාස ඉදිකිරීම් කටයුතු සිදුකර ඇතිද යන්න සියැසින් දැකබලා ගැනීමට නිවාස ගැනුම්කරුවන්ට අවස්ථාව ලැබිණි.

මෙම නිවාස මිලදී ගැනීම සඳහා වන ගිවිසුම යටතේ සියලුම නීතිමය ලිපිලේඛන සූදානම් කර ඇති බැවින් හා ඔප්පු ලිවීමේ හැකියාව ඇති බැවින්, නිවසේ මුළු වටිනාකමින් 25% ක්, එනම් රු. මිලියන 8 ක පමණ මුදලක් ගෙවීමෙන් අනතුරුව නිවාස ගැනුම්කරුවන්ට ඉතා පහසුවෙන් තම නිවාසවල පදිංචි විය හැකිය. එමෙන්ම පළමු වසරේ පොලී වියදම ප්‍රයිම් සමූහය විසින් දරනු ලබන අතර මෙම ගෙවීම් ක්‍රමය පිළිබඳව ගැනුම්කරුවන් දැනුවත් කිරීම සඳහා HNB නියෝජිතයෝ පිරිසක්ද මෙම ‘Open Day’ වැඩසටහනට සහභාගී වූහ.

“මෙම ‘Open Day’ වැඩසටහනේ එක් ප්‍රධාන අරමුණක් වූයේ, ප්‍රයිම් සමූහයේ මවු සමාගම වන ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්.) සමාගම සහ හැටන් නැෂනල් බැංකුව අතර ඇතිකරගත් හවුල්කාරීත්වය යටතේ පිරිනමන මුල්‍ය පහසුකම් වඩාත් පහසුවෙන් ලබාගැනීමට ගැනුම්කරුවන්ට අවස්ථාව සලසා දීමයි. මෙම මූල්‍ය පහසුකම භාවිතා කරමින් ‘88 Residence’ ව්‍යාපෘතියෙන් මෙන්ම ප්‍රයිම් සමූහයේ වෙනත් ව්‍යාපෘතිවලින්ද නිවාස මිලදී ගැනීමට පුළුවන්. මෙම පෙරළිකාරී පහසු ගෙවීමේ ක්‍රමය සමගින්, ගැනුම්කරුවන් බොහෝ දෙනෙකුට තම නිවාස සිහිනය යථාර්ථයක් කරගැනීමට අත්වැලක් වීමට අපට හැකියාව ලැබේවි.” ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්.) සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (විකුණුම් මෙහෙයුම්) සුරංග පීරිස් මහතා පැවසී ය.

පිළියන්දල කහතුඩුව ප්‍රදේශයේ සන්සුන් හරිත වෙල්යායක් සහිත වටාපිටාවක මෙම නිවාස එකතුව පිහිටා ඇත. එය ශ්‍රී ලංකාවේ පරිසරයේ සුන්දරත්වය විඳිමින් ස්වභාවධර්මය සමග ජීවත් වීමට කැමති කාටත් ගැළපෙන කදිම තෝතැන්නකි. මෙහි සෑම නිවසකටම නවීන ජීවන රටාවන්ට අත්‍යවශ්‍ය වන පහසුකම් රාශියක් ඇතුළත් වී ඇත. නිවාස 25 කින් සමන්විත මෙම ව්‍යාපෘතියේ නිවාසවලට පැය 24 පුරා ආරක්ෂාව සැපයේ. නිදන කාමර 3 කින් යුත්, වර්ග අඩි 1,365 සහ 1,572 අතර නිවාසවලින් එය සමන්විත ය. මෙම නිවාස ස්වභාව සෞන්දර්යය හා බැඳුණු පරිසරයක සහ නවීන සුවපහසු ජීවන අවකාශයක අත්දැකීම් මනාව එක්තැන් කරයි.

“ශ්‍රී ලාංකිකයන්ට තම නිවාස සිහිනය සැබෑ කරගැනීමට අත්වැලක් වීමට HNB කැප වී සිටිනවා. අප ප්‍රයිම් සමූහය සමග මෙලෙස අත්වැල් බැඳගත්තේ, ගැනුම්කරුවන්ට සුඛෝපභෝගී නිවාස අන් කවරදාටත් වඩා පහසුවෙන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමටයි. මේ ඔස්සේ, ගැනුම්කරුවන්ට ඇති ප්‍රධාන මුල්‍යමය බාධාවන් ඉවත් කරමින්, ඔවුන්ට මෙම සුවිශේෂී ‘88 Residence’ ව්‍යාපෘතිය හරහා තම නිවාස සිහිනය යථාර්ථයක් බවට පත්කර ගැනීමට අත්වැලක් වීමට අපට හැකියාව ලැබෙනවා.” හැටන් නැෂනල් බැංකුවේ පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා පැවසී ය.

මැනැවින් සැලසුම් කර ඉදිකරන ලද මෙම නිවාස, නවීන ජීවන අත්දැකීමක සුවපහසුව නො-අඩුව ළඟා කරදෙයි. සෑම නිවසක්ම ආලෝකකරණ උපාංග, විසිත්ත කාමර  සහ නිදන කාමර සඳහා විදුලි පංකා, සියලු උපාංග සවිකරන ලද පැන්ට්‍රි සමග ග්‍රැනයිට් කිචන් ටොප් ඇතුළු පහසුකම් රැසකින් සමන්විත වේ.

මෙම නිවාස පිහිටා ඇත්තේ 120 බස් මාර්ගයේ සිට මීටර් 750 ක දුරකින් සහ කොට්ටාව නගරයට විනාඩි 10 ක දුරකිනි. එමෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම මෙහි සිට කිලෝමීටර් 2 ක පමණ දුරකින් පිහිටා ඇති අතර, එම මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ ප්‍රධාන නගර රැසක් වෙත ඉතාමත් ඉක්මනින් හා පහසුවෙන් ළඟා විය හැකි වේ.

ස්වභාව සෞන්දර්යය හා නවීනතම පහසුකම් එක්තැන් කරන ‘88 Residence කහතුඩුව’ නිවාස එකතුවෙන් නිවසක් මිලදීගෙන, තම ජීවිතයේ නිවාස සිහිනය සැබෑ කරගන්නා මෙන් ප්‍රයිම් සමූහය ගැනුම්කරුවන්ට ආරාධනා කර සිටී.

ප්‍රයිම් සමූහයේ ‘88 Residence කහතුඩුව’ ව්‍යාපෘතිය සහ අනෙකුත් ව්‍යාපෘති පිළිබඳ වැඩිදුර තොරතුරු www.primelands.lk/house/kahathuduwa88residence වෙබ් අඩවියෙන්  හෝ 0710777555 දුරකථන අංකයෙන් ලබාගත හැකි වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව