ප්‍රයිම් රෙසිඩන්සීස් වෙතින් ‘The Seasons Colombo Eight’, අති සුඛෝපභෝගී ජීවන රටාවකට

Image - Prime Residencies 'The Seasons Colombo Eight' sets new benchmark for ultra luxury residential living (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශ්වාසනීයම වෙළඳාම් සමාගමක් වන ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් පීඑල්සී විසින් පසුගියදා සිය නවතම ව්‍යාපෘතිය වන ‘The Seasons Colombo Eight’ ආරම්භ කරන ලදී. ඉහළම ප්‍රමිතීන්ට අනුකූලව, කොළඹ නගරයේ සුවිශේෂී කලාපයක් වන කොළඹ 08 ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් මෙම සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය සැලසුම් කර තිබේ.

කොළඹ 08 චන්ද්‍රලේඛා මාවත සහ ෆෙයාර්ෆීල්ඩ් උද්‍යානය අතර වැදගත් නේවාසික පරිසරයක නිවාස 44කින් සමන්විතව ඉදිවන ‘The Seasons’ ව්‍යාපෘතිය ඉහළ පෙළේ පහසුකම් රැසක් සහිත Boutique නිවාස ලෙස, අති සුඛෝපභෝගී අත්දැකීමක් ලබා දෙනු ඇත.

 



 

ප්‍රමාණයෙන් වර්ග අඩි 2000ක ප්‍රමාණයක් පුරා ඉදිකර ඇති මෙම නිවාස සියල්ලම ඉතා සියුම් ව සැලසුම් කර ඇත්තේ නිවාස වල සුවපහසුවත්, විශිෂ්ටත්වයත් මැනවින් පිළිබිඹු වන ආකාරයෙනි.

මෙම නව ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් පීඑල්සී හි අධ්‍යක්ෂ ශෙහානා බ්‍රාහ්මණගේ මහත්මිය මෙසේ අදහස් පළකළා ය. “සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘති අතර සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත්වනු ඇතැයි සිතිය හැකි ‘The Seasons Colombo Eight’ නිවාස සමූහය Boutique ගණයේ නිවාස 44කින් යුතුව ආරම්භ කිරීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය අපගේ පාරිභෝගිකයන්ට සුඛෝපභෝගී ජීවන රටාවක අත්දැකීම තිළිණ කිරීම සඳහා අප දරන උත්සාහයේ නවතම පියවර ලෙස හැඳින්වීමට පුළුවන්. මේ ඔස්සේ කොළඹ නගරයට තවත් සුවිශේෂී නිවාස එකතුවක් පිරිනැමීමට අපට හැකි වනවා.”

දැවයෙන් නිමකළ පොළොව, designer walk in closets, නවීනතම ගෘහෝපකරණ සහිත පැන්ට්‍රි සහ Quartz worktops සහිත මුළුතැන්ගෙය ඇතුළු තවත් පහසුකම් රාශියක් මෙම නිවාසවලට ඇතුළත් වී තිබේ. එමෙන්ම නානකාමරවල smart mirror සහ smart entry locks ඇතුළුව නවීන තාක්ෂණික අංග රැසක්ද, ඉහළම සන්නාමයන්ගෙන් යුත් නානකාමර උපකරණ සහ heated towel railings ඇතුළු පහසුකම් රැසක්ද ඊට ඇතුළත් ය.

සියල් සුඛෝපභෝගී පහසුකම් රිසි සේ අත්විඳින්නට හැකිවන පරිදි නිමැවෙන ‘The Seasons Colombo Eight’ නිවාස ව්‍යාපෘතිය swimming pool, gymnasium සහ rooftop මට්ටමෙන් ඉදිකරන ලද උත්සව ශාලාව, business lounge,  lobby  ආදී පොදු පහසුකම් රාශියකින්ද, ලංකාවේ ප්‍රථම වරට ඉදිවන ‘wave pool’ මාදිලියේ swimming pool පහසුකම් වලින්ද සමන්විත වේ. දරුවන් සඳහා වෙන්වූ swimming pool, bottle bank  පහසුකම ඇතුළත්ව ඉදිවන executive launch, coffee station, karaoke lounge ආදී පහසුකම්ද, රියදුරන් සඳහා වෙන්වූ කාමරය, අනෙකුත් සේවකයන් සඳහා වෙන්වූ ස්ථාන හා සෑම නිවසක් සඳහාම හිමිවන ගබඩා පහසුකම් සහිත(storage room) කාමරයකින්ද ව්‍යාපෘතිය පරිපූර්ණ වේ.

සුවපත් මානසික අභ්‍යාස කෙරෙහි උනන්දුවක් දක්වන නිවැසියන් සඳහාම වෙන්වූ  rooftop level walking path හා යෝගා අභ්‍යාස සඳහා වෙන්වූ   yoga deck  ආදී සුවිශේෂී අංග වලින් ‘The Seasons Colombo Eight’ ව්‍යාපෘතිය සමන්විත වේ.

මෙවැනි නවීනතම සහ ඉහළම තලයේ පහසුකම් රැසක් සමගින් ඉදිවන ‘The Seasons Colombo Eight’ ව්‍යාපෘතිය, නාගරික ජීවන රටාවක අත්දැකීම නො-අඩුව අත්විඳීමට එහි පදිංචිකරුවන්ට අවස්ථාව ලබාදෙනු නිසැක ය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව