පශ්චාත් උපාධි පර්යේෂණ ක්ෂේත‍්‍රය දිරිගැන්වීමට කොමර්ෂල් බැංකුව මොරටුව විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී

ComBank Logo

 




 

 

ශ‍්‍රී ලංකාවේ තාක්ෂණික උසස් අධ්‍යාපනය සම්පාදනයේ ප‍්‍රමුඛයා වන මොරටුව විශ්ව විද්‍යාලය සමග සංධිස්ථානාත්මක අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමින් පශ්චාත් උපාධි පර්යේෂණ සඳහා දිරිදීමට කොමර්ෂල් බැංකුව ඉදිරියට පැමිණ තිබේ.

ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව පශ්චාත් උපාධි සිසුන් සඳහා අඩුකළ සුවිශේෂී පොලී අනුපාත යටතේ අධ්‍යාපන ණය ලබාදීම සඳහා මොරටුව විශ්ව විද්‍යාලය සමග ඒකාබද්ධ වී තිබෙන බව නිවේදනය කර ඇත.

මොරටුව විශ්ව විද්‍යාලයේ පර්යේෂණ වැඩසටහන් සඳහා පිළිගත් පශ්චාත් උපාධිදාරීන්ට සහාය දැක්වීමට ඉදිරිපත් වූ මෙරට පළමු ණය දෙන ආයතනය ලෙසින් කොමර්ෂල් බැංකුව කැපී පෙනෙන අතර මෙම වැඩසටහන යටතේ මෙම සිසුන්ට බැංකුව විසින් රුපියල් 500,000 ක් දක්වා ණය පහසුකම් ලබාදෙයි. මෙම ණයවල වාර්ෂික පොලී අනුපාතය 9.5% ක් බවත් වසර තුනක සහන කාලයක් සහිතව වසර හයකින් මෙම ණය ගෙවා අවසන් කළ යුතු බවත් බැංකුව සඳහන් කරයි.

බැංකුවේ මෙම විශේෂ ණය වැඩසටහන මගින් ගාස්තු කපා හැරීම් සහ පොලිය පමණක් ගෙවන සහන කාලයක් ඇතුළත් දැරිය හැකි නැවත ගෙවීමේ ව්‍යුහයන්ද හඳුන්වා දී තිබේ. බැංකුව සඳහන් කරන්නේ ණය පිළිබඳව අවධානය යොමු නොකර මානසික සහනයෙන් යුක්තව තම පර්යේෂණ කටයුතු සඳහා මෙම සිසුන්ට කාලය වැය කිරීමට අවස්ථාව ලබාදීම සඳහා මෙම සහන හඳුන්වා දී තිබෙන බවයි.

මෙම විශේෂ ණය වැඩසටහන පිළිබඳව කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, සනත් මනතුංග මහතා මෙසේ අදහස් දැක්වීය. ‘පර්යේෂණ කටයුතු කරන ශ‍්‍රී ලාංකේය සිසු ප‍්‍රජාවට මූල්‍ය සහයෝගය අවශ්‍ය යැයි අප හඳුනා ගත්තා. මෙම විශේෂ ණය වැඩසටහන හඳුන්වාදීම මගින් බොහෝ සිසුන් පර්යේෂණ කටයුතු සඳහා සහභාගීවීම දිරිමත් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් මෙරට දැනුම් සම්භාරය පුළුල් වෙමින් නවෝත්පාදනය සඳහා මග පෑදෙනු ඇතැයි අප විශ්වාස කරනවා.’

‘අධ්‍යන ක‍්‍රියාකාරකම්වල අත්‍යවශ්‍යම අංගයක් වන පර්යේෂණ වැඩසටහන්  ඕනෑම රටක සංවර්ධනයට දායක වෙනවා. මේ සඳහා සිසුන්ගේ කැපවීම සහ අධිෂ්ඨානය අවශ්‍යයයි,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය නිරංජන් ගුණවර්ධන මහතා පැවසීය. ‘අපගේ සිසුන්ට මූල්‍ය සහයෝගය ලබාදීමට කොමර්ෂල් බැංකුව පැමිණීම පිළිබඳව අපි අතිශය සතුටට පත් වෙනවා. මෙවන් මූල්‍ය සහයෝගයක් නොමැතිවීම සිසුන්ගේ බලාපොරොත්තු වලට මෙන්ම විවිධ අධ්‍යන ක්ෂේත‍්‍ර වල ප‍්‍රගතියට බාධාවක් විය හැකියි.’

පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම 11 වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 931 ක් ක‍්‍රියාත්මක කරයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − ten =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව