පරිසර හිතකාමී මැටි නිෂ්පාදන සඳහා DSI නිවසෙන් ශ්‍රී ලංකාවේ පළමු වරට අලූත්ම ආකාරයේ ප‍්‍රදර්ශනාගාරයක්

resized_IMG_E7875

 




 

 

සියවස් ගණනාවක සිට පැවැත ආ මෙරට සෙවිළි උළු කලාව විප්ලවීය වෙනසකට ලක් කළ, සැම්සන් රජරට ටයිල් (පුද්ගලික) සමාගම මේ වසරේ දී තවත් පියවරක් ඉදිරියට තබමින් පරිසර හිතකාමී මැටි ආශ‍්‍රිත උළු සහ බිම් ඇතුරුම් නිෂ්පාදන සඳහා නව ප‍්‍රදර්ශනාගාරයක් පසුගියදා විවෘත කරන ලදී. දෙස් විදෙස් වෙළෙඳපොළ අවශ්‍යතා සපුරාලමින් නිර්මාණය වූ විවිධ හැඩතල, ප‍්‍රමාණ, වර්ණ හා මෝස්තර රැසකින් හෙබි 100% ක් පරිසර හිතකාමී ස්වභාවික ටෙරාකොටා සෙවිලි උළු, ෆ්ලෝ ටයිල්, වෝල් ටයිල් නිපැයුම් පෙළක් එකම වහලක් යටදී පාරිභෝගිකයන් වෙත සමීප කිරීම අරමුණු කරගනිමින් මෙම නව ප‍්‍රදර්ශනාගාරය විවෘත කෙරිණ. නාරාහේන්පිට, නාවල පාරේ විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපිට අංක 179 දරණ ස්ථානයේ සැම්සන් රජරට ටයිල් (පුද්ගලික) සමාගමේ සහ DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ කළමනාකාරීත්වයේ ප‍්‍රධානත්වයෙන් නව ප‍්‍රදර්ශනාගාරය විවෘත කෙරිණ.

පවුලේ ව්‍යාපාරයක් ලෙස පාරම්පරිකව පැවත එන සාඩම්බර දේශීය ව්‍යාපාරයක් ලෙස කැපී පෙනෙන  ශ‍්‍රී ලංකාවේ විශාලතම සමූහ ව්‍යාපාරයක් වන DSI සැම්සන් සමූහ ව්‍යාපාරය අනුබද්ධිත සැම්සන් රජරට ටයිල් පුද්ගලික සමාගම මැටියෙන් තැනූ විවිධාකාරයේ සෙවිලි උළු සහ ටෙරාකොටා බිම් ඇතිරුම් නිෂ්පාදන සඳහා විශේෂඥ සමාගමකි. දෙස් විදෙස් පාරිභෝගික විශ්වාසය දිනූ “සැම්සන් රජරට” නිපැයුම් ජාත්‍යන්තර මට්ටමේ උසස්ම ප‍්‍රමිතීන්ගෙන් යුක්තව නිෂ්පාදනය කෙරේ. සාමකාමී හා පරිසර හිතකාමී ජීවන රටාවකට ප‍්‍රිය පාරිභෝගිකයන් හට, නිවර්තන දේශගුණික තත්ත්වයන් සඳහා ගැළපෙන ශක්තිමත්, සෞඛ්‍යාරක්ෂිත සහ සෞන්දර්යාත්මක අපූර්වත්වයෙන් යුත්,මැටියෙන් තැනූ සෙවිලි උළු සහ බිම් ඇතිරුම් නිෂ්පාදන මාලාවක් නව ප‍්‍රදර්ශනාගාරය වෙතින් පිරිනමනු ලබයි.

අනාදිමත් කාලයක සිට අප රටේ නිවාස සෙවිලිකරණය සඳහා භාවිත වූ, පිටරැටියන් මවිතයට පත් කළ ප්‍රෞඩ “සිංහල උළු” නිෂ්පාදන කලාවට, කාලයේ තාලයට ගැලපෙන නවීන තාක්ෂණය හා නූතනත්වය මුසුකොට රජරට ටයිල් නිපැයුම් එළිදැක්වේ. “සිංහල උළු” සමග ලොව ප‍්‍රකට සෙවිලි උළු මාදිලි වන Spanish Clay Tiles සහ Roman Clay Tiles නිපැයුම්ද ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතුව නිෂ්පාදනය කරනු ලබන්නේ එදා සිංහල උළු නිෂ්පාදන කලාවේ සාඩම්බර අතීත ශ්‍රී විභූතිය නැවත ලොවට ප‍්‍රදර්ශනය කරමිනි.

සැම්සන් රජරට ටයිල් කර්මාන්තායතනයේ නිපදවෙන්නා වූ ගඩොල්වලින් ඔබේ නිවසේ ගෙබිම සහ බිත්ති ආකර්ශණීය ලෙස සකසා ගන්නා අතරම වහලය ද ඔවුන්ගේ උළු නිෂ්පාදනයන් ගෙන් සරසා ගත හැකිය. සැම්සන් රජරට ටයිල් නිෂ්පාදනයන් අනුරාධපුර රාජධානියේ නාච්ච¥ව වැව් පත්ලෙන් ගන්නා වූ මැටි මගින් නිපදවේ. පරිසර හිතකාමී ක‍්‍රමවේදයකට අනුව එම වැව් පත්ලේ මැටි ලබාගැනීම හරහා වැව් ජල මට්ටම සුරක්ෂිත වීමත් වැසි කාලයේදී පිටාර ගලා යාමේ අවදානම වැළකීමත් සිදුවේ. සැම්සන් රජරට ටයිල් කර්මාන්තායතනයේ නිෂ්පාදන ක‍්‍රියාවලිය තුළ ජාත්‍යන්තර තත්ත්ව පාලන ප‍්‍රමිතීන්ට අනුකූලව අති නවීන ජපාන තාක්ෂණය භාවිත කෙරෙන අතර පුද්ගල සෞඛ්‍යයට අහිතකර ඇස්බැස්ටෝස් වැනි පිළිකා කාරකවලින් ද මිදුණු අනර්ඝ නිමාවෙන් යුතු පරිසර හිතකාමී හා සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදනයන් ලෙස සැම්සන් රජරට ටයිල් නිෂ්පාදනයන් එළිදැක්වේ.

පරිසර හිතකාමී මැටි නිෂ්පාදන අගයන පාරිභෝගිකයන්ගේ තවත් අවශ්‍යතාවක් සපුරාලමින් පරිසර හිතකාමී අමුද්‍රව්‍ය යොදාගනිමින් ‘POCHCHI’ (පොච්චි) සන්නාමයෙන් එළිදැක්වෙන ගෙවත්ත අලංකාරවත් කරනු ලබන නිෂ්පාදන පෙළ සැම්සන් රජරට ටයිල් නිෂ්පාදන පෙළේ තවත් අනගි නිපැයුම් පෙළකි.

අව් වැසි තද සුළං තත්ත්වයන්ට හොඳින් ඔරොත්තු දෙන, කිසිසේත්ම ජලය කාන්දු වීමක් සිදුනොවන, අවම ජලය අවශෝෂණ තාක්ෂණයකින් යුතු, සාමාන්‍ය ප‍්‍රමාණයේ මිනිසුන් දෙදෙනෙකුගේ බර වුවද දරා ගැනීමේ හැකියාවෙන් යුතු සවිශක්තියෙන් ඉහළ ආකාරයෙන් 100% ස්වභාවික පරිසර හිතකාමී නිපැයුමක් ලෙස සැම්සන් රජරට ටයිල් උළු නිෂ්පාදනය කෙරේ. නිරන්තරයෙන් වඳුරන් සහ වෙනත් සත්ත්වයන්ගෙන් වහලයට හානි සිදුවන ප‍්‍රදේශයන්ගේ ජනතාවට සැම්සන් රජරට ටයිල් උළු කදිම විසඳුමකි.

සැම්සන් රජරට ටයිල් (පුද්ගලික) සමාගමේ අලෙවි අධ්‍යක්ෂ දිල්ශාන් රාජපක්ෂ මහතා නව ප‍්‍රදර්ශනාගාරය විවෘත කළ අවස්ථාවේ අදහස් දක්වමින් “ශ්‍රී ලංකාවේ කාලගුණික හා පාරිසරික තත්ත්වයන්ට ගැලපෙන උසස් තත්ත්වයේ නිෂ්පාදන පෙළක් අන්තර්ජාතික ප‍්‍රමිතියෙන් හා අනර්ඝ නිමාවකින් යුතුව නිෂ්පාදනය කිරීම සැම්සන් රජරට ටයිල් (පුද්ගලික) සමාගමේ අරමුණයි. මේ ආකාරයේ 100% ක් පරිසර හිතකාමී මැටි ටයිල් හා ගෙවතු වගා නිෂ්පාදන ඇතුලත් ප‍්‍රදර්ශනාගාරයක් ඇත්තෙන්ම ශ්‍රී කිකයන්ට නවතම අත්දැකීමක්. දේශීය පාරිභෝගික අවශ්‍යතා අනුව නිෂ්පාදනය කළ නිෂ්පාදන රැසකුත්, විදෙස් වෙළෙඳපොළ සඳහා ඒ ඒ අවශ්‍යතාවයන් අනුව නිෂ්පාදනය කෙරෙන ටයිල් වර්ගත් අපගේ මෙම නව ප‍්‍රදර්ශනාගාරයෙන් ශ්‍රී ලාංකිකයන්ට දැන් ලබාගන්න පුළුවන්.” යැයි පැවසීය.

සැම්සන් රජරට ටයිල් (පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂ චන්දුල රාජපක්ෂ මහතා නව ප‍්‍රදර්ශනාගාරය විවෘත කළ අවස්ථාවේ අදහස් දක්වමින් “සැම්සන් රජරට ටයිල් (පුද්ගලික) සමාගමේ අපි උසස් තත්ත්වයේ නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීමෙන් පමණක් නොනැවතී උසස් පාරිභෝගික සේවා සහයකුත් ලබාදෙනවා. විශේෂයෙන්ම අපගේ නිෂ්පාදන හා බැඳුනු තාක්ෂණික හා විශේෂඥ උපදෙස් ලබාදෙමින් තෘප්තිමත් පාරිභෝගිකයන් නිර්මාණය කිරීම උදෙසා අපගේ පාරිභෝගික සේවා කණ්ඩායම නිරන්තරයෙන් වෙහෙසෙනවා.” යැයි පැවසීය.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව