නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව වෙතින් දැන් ඔබගේ බැංකු වාර්තා පිරික්සීමට පහසු ක‍්‍රමයක්

NTB-E-Platform

ශ‍්‍රී ලංකාවේ බැංකු ක්‍ෂෙත‍්‍රය වෙත නව්‍ය සේවාවන් රැසක් හඳුන්වා දුන් ප‍්‍රමුඛතම බැංකුවක් ලෙස නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව අවිවාදයෙන්ම හඳුන්වා දිය හැකිය. නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව විසින් මෙරට බැංකු ක්‍ෂෙත‍්‍රයට අලූතින්ම හඳුන්වා දෙනු ලබන සේවාව වන්නේ ‘Nations e-Box’ නම් සේවාවයි.

මෙම සේවාව හරහා නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ පාරිභෝගිකයන්  ඕනෑම තැනක සිට ඉතාමත් පහසුවෙන් ඔවුන්ගේ බැංකුව සමඟ ලියාපදිංචි ජංගම දුරකථන අංකය හරහා තම ගිණුම් විස්තර සහ ගනුදෙනු පිළිබඳ තොරතුරු පරික්‍ෂා කිරීමේ හැකියාව උදාවී ඇත.

මෙම නව ඩිජිටල් බැංකු සේවාව හරහා මෙරට බැංකු ක්‍ෂෙත‍්‍රයට අලූත් අත්දැකීමක් හිමිවනු ඇති අතරම පාරිභෝගිකයන්ට තම බැංකු කටයුතු පිළිබඳ විස්තර එකම තැනකින් ඉතාමත් පහසුවෙන් සහ ඉක්මනින් දැනගැනීමටත් ඩවුන්ලෝඞ් කරගැනීමට ද පහසුකම් සැලසෙයි.

https://www.nationstrust.com/onlinestatement ලින්ක් එකට පිවිසීමෙන් තම ගිණුම් සහ ක්‍රෙඩිට් කාඞ්පත් විස්තර දැනගැනීමට අවස්ථාව හිමිවන අතර අදාළ ගිණුමේ හෝ කාඞ්පතේ අංකය තෝරා විස්තර අවශ්‍ය දින වකවානුව සඳහන් කළ සැණින් මාස 6ක් දක්වා පසුගිය ගිණුම් විස්තර දැන ගැනීමට, ඩවුන්ලෝඞ් කරගැනීමට සහ මුද්‍රණය කිරීමට ද අවශ්‍ය පහසුකම් සපයා ඇත. බැංකුව සමඟ ලියාපදිංචි දුරකථන අංකය, ගිණුම් අංකයේ හෝ ක්‍රෙඩිට් කාඞ්පතේ අවසන් අංක 6 සමඟින් ජාතික හැඳුනුම්පතේ අංකය ඇතුළත් කිරීමෙන් මෙම සේවාව සඳහා පිවිසිය හැකිය.

පසුගිය ඇඳිරිනීති කාලසීමාවේදී තැපැල් සේවාව අඩාල වීම හේතුවෙන් පාරිභෝගිකයන්ට තම ගිණුම් විස්තර නිසියාකාරව දැනගැනීමට නොහැකි වීමේ ගැටලූවට පිළියමක් ලෙස නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව විසින් මෙම නව පහසුකම හඳුන්වා දී ඇත. භාවිතය අතින් මෙය ඉතාමත් සරල පහසුකමක් වන අතර ගිණුම් තොරතුරු වලට උපරිම ආරක්‍ෂාවක් ද මේ හරහා ලැබීම විශේෂත්වයකි ‘Your World, Now Digital’ සංකල්පය යටතේ හඳුන්වා දුන් ‘Nations Direct’ හරහා මෙම පහසුකම බැංකු ක්‍ෂෙත‍්‍රයේ මෑත කාලීනව සිදු වූ පෙරළිකාර වෙනසක් ලෙසද හඳුන්වා දිය හැකිය. ගිණුම් විස්තර ලබා ගැනීම සඳහා ඇමතුම් ලබා දීමට හෝ බැංකු ශාඛාවට පැමිණීමට පාරිභෝගිකයන්ට සිදු වූ අතර තැපෑල ප‍්‍රමාද වීම ආදී කරුණු නිසා ද පාරිභෝගිකයන්ට විවිධ අපහසුතාවට පත්වූ වීමට වූ නමුත් මෙම සේවාව හරහා එවැනි කිසිදු අපහසුවකින් තොරව ගිණුම් විස්තර දැන ගැනීමට අවස්ථාව හිමි වේ. විශේෂයෙන්ම පොදු ජන ජීවිතය අඩපණව පැවති පසුගිය කාල සීමාව තුළ මෙවැනි සේවාවක් ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් බොහෝ පාරිභෝගිකයන් සිය ප‍්‍රසාදය පළ කර තිබුණි.

Business Today සඟරාව මගින් නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව මෙරට විශිෂ්ටතම ව්‍යාපාරික ආයතන 15 අතරට නම් කර තිබේ. පුළුල් පරොසය පැතිරුණු පාරිකභෝගික අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි මූල්‍ය සේවාවන් හා විසඳුම් රැසක් හඳුන්වා දී ඇති නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව, පාරිභෝගික සේවාව සම්බන්ධයෙන් ද විශාල ප‍්‍රසාදයක් දිනා සිටී. එමෙන්ම ශ‍්‍රී ලංකාවේ පූර්ණ ඩිජිටල් බැංකුකරණ අත්දැකීම වන FriMi හඳුන්වාදෙන ලද්දේ ද නේෂන්ස් ට‍්‍රස්්ට් බැංකුව විසිනි. නේෂන්සේ ටස්්ට් බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 96ක් විවෘත කර ඇති අතර, ATM යන්ත‍්‍ර 127ක් ද ස්ථාපිත කර ඇත. ඊට අමතරව මේ වනවිට එම බැංකුව මුදල් තැන්පත් කිරීමේ හො ආපසු ගැනීමේ යන්ත‍්‍ර 48ක් ද ස්ථාපිත කර ඇති අතර Lanka Pay ජාලය ඔස්සේ තවත්ත ATM යන්ත‍්‍ර 3700කට අධික සංඛ්‍යාවක් සමඟ සම්බන්ධ වී සිටී.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව