නේෂන්ස් ට්‍රස්ට් සහ සිංගර් සහයෝගීත්වයෙන් පිටරට සිට එවන මුදල් රට පුරා විහිදි සිටින පාරිභෝගික ජනතාවට පහසුවෙන් ලබා ගැනිමේ සුවිශේෂි අවස්ථාවක්

Nations Trust Bank together with Singer - Final (LBN)

 



 

 

2023 අප්‍රේල් කොළඹ දී: නේෂන්ස් ට්‍රස්ට් බැංකුවත්,සිංගර් (ශ්‍රී ලංකා) ශාඛා සමූහයත් සහයෝගිත්වයෙන්, පිටරට සිටින ශ්‍රී ලාංකිකයන් විසින් මෙරටට එවන විදේශීය මුදල් වඩාත් පහසුවෙන් සිය ආදරණීයන්ට ලබා ගැනීම සදහා සුවිශේෂී වැඩපිළිවෙලක් සකස් කර ඇත.

රට තුළ පිහිටි නේෂන්ස් ට්‍රස්ට් සහ සිංගර් ශාඛා 500කට වැඩි ගණනක් ඔස්සේ පාරිභෝගික ජනතාවට පහසුවෙන් මුදල් ලබා ගැනිමේ හැකියාව මේ ඔස්සේ සැලසෙයි. එහිදී පිටරට වෙසෙන  ශ්‍රී ලාංකිකයන් විසින්, මෙරට තම ආදරණීයන් වෙත එවන මුදල් වඩා පහසුවෙන් ලබාගැනීමට මෙම වැඩපිළිවෙල මගින් හැකිවෙයි.

එහිදී අදාළ ශාඛාවලින් තම සමීපතයින් පිටරට සිට එවන මුදල් රු.200,000/- දක්වා ලබාගැනීමේ හැකියාව පවතී. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග අත්වැල් බැඳගෙන සිටින විදේශ ප්‍රේෂණ සේවාවන් වන Ria, Transfast, Small World, iThamor, Al Zaman Exchange, Worldcom Finance, NEC, Brastel, Unigiros, Speed Remit, Srour, Buckzy, EzCash, City Exchange සහ Musharbash Exchange යන සේවාවන් හරහා එවනු ලබන මුදල් මෙලෙස ලබාගැනීමේ හැකියාව පවතී.

දිවයින පුරා ශාඛා 96 ක් ස්ථාපිත කර ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පාරිභෝගික, වාණිජ හා ආයතනික අංශ යටතේ ගනුදෙනුකරුවන් හට සේවාවන් සලසයි. එමෙන්ම නවීන ඩිජිටල් බැංකුකරණ තාක්ෂණයන් සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමුකර ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ඩිජිටල්කරණ බැංකු අත්දැකීම වන FriMi ද හඳුන්වා දෙන ලදි. මීට අමතරව ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් නිකුත් කිරීමේ පූර්ණ බලයද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සතු වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව