නේෂන්ස් ට්‍රස්ට් බැංකුව හරහා ගනුදෙනුවකට එහා ගිය සබැඳියාවක්

Nations Trust Bank enhances its remittance services countrywide (LBN)

 



 

 

2023 මැයි, කොළඹ: නේෂන්ස් ට්‍රස්ට් බැංකුව තම ප්‍රේෂණ සේවාවන් තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වය සහ ආර්ථික වර්ධනය ඇතිකිරීම උදෙසා ප්‍රේෂණ වැඩි කරගැනීම මෙහි මූලික අරමුණ වී ඇත. විදේශයන්හි සිට මෙරටට මුදල් එවන පුද්ගලයන්ට මෙන්ම එම මුදල් මෙරටදී ලබාගන්නා පුද්ගලයන්ටද විවිධ ප්‍රතිලාභ හිමි වන ආකාරයට මෙම නව වැඩපිළිවෙළ සැලසුම් කර තිබේ.

“ගනුදෙනුවකට එහා ගිය සබැඳියාවක්” යන තේමාව යටතේ ක්‍රියාත්මක වන නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රේෂණ සේවාවන්, ශ්‍රී ලාංකිකයන්ට විදේශයන්හි වෙසෙන තම ආදරණීයයන් සමග ගනුදෙනු පවත්වා ගැනීම සඳහා ඇති කදිම විසඳුමකි. මෙම සේවාවන් භාවිතා කරන ගනුදෙනුකරුවන්ට උපරිම පහසුවක් හා කාර්යක්ෂම සේවාවක් සලසමින්, ඔවුන් සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යාමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සෑම විටම උත්සාහ කරයි.

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රේෂණ හරහා මුදල් යැවීමට හා ලබාගැනීමට  ගනුදෙනුකරුවන් දිරිමත් කිරීම සඳහා, ඔවුන්ට සුපිරි වෙළඳසැල් වෙතින් සෑම මසකම රු. 10,000/- ක වවුචර් දිනාගැනීමට අවස්ථාව සලසා දී ඇත. මේ යටතේ රු. 50,000/- හෝ ඊට වැඩි  වටිනාකමකින් යුත් ඕනෑම විදේශ මුදල් ප්‍රේෂණයක් සඳහා එක් දිනුම් අවස්ථාව බැගින් හිමි වේ.

මෙම ප්‍රවර්ධන වැඩසටහන 2023 ජූනි 30 දින දක්වා ක්‍රියාත්මක වන අතර, අවසන් මහා දිනුම් ඇදීමේ ජයග්‍රාහකයාට හෝ ජයග්‍රාහිකාවට විදේශයන්හි වෙසෙන තම ආදරණීයයන් දැකබලා ගැනීමට යාම සඳහා ගුවන් ටිකට්පත් දිනාගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සිය ප්‍රේෂණ සේවාවන් පුළුල් කිරීම සඳහා මේ වනවිට සිංගර් සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹී සිටින අතර, ඒ යටතේ දිවයින පුරා ශාඛා  500 කට අධික සංඛ්‍යාවකදී විදේශයන්හි සිට එවනු ලබන මුදල් ලබාගැනීමට මෙරට ගනුදෙනුකරුවන්ට හැකියාව ලැබී ඇත. විශේෂයෙන්ම ප්‍රධාන නගරවලින් දුරස්ව වෙසෙන ජනතාවට මෙය ඉමහත් පහසුවක් වී තිබේ.

ශ්‍රී ලංකාවේ පවතින අභියෝගකාරී ආර්ථික තත්ත්වයන් හේතුවෙන් විදේශයන්හි රැකියාවල නියුතු පුද්ගලයන් මෙරටට මුදල් එවීම සීමා වී ඇති අතර, එම ප්‍රවණතාව වෙනස් කිරීම සඳහා මෙවැනි කාලෝචිත වැඩසටහන් මහෝපකාරී වනු නිසැක ය. වගකීම්සහගත බැංකුවක් ලෙස රටේ ආර්ථිකයේ වර්ධනයට උරදීම සඳහා, රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට උපකාරී වීම සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සෑම විටම උත්සාහ දරයි.

දිවයින පුරා ශාඛා 96 ක් ස්ථාපිත කර ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පාරිභෝගික, වාණිජ හා ආයතනික ගනුදෙනුකරුවන් රාශියකට සේවාවන් සලසයි. එමෙන්ම නවීන ඩිජිටල් බැංකුකරණ තාක්ෂණයන් සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමුකර ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ඩිජිටල්කරණ බැංකු අත්දැකීම වන FriMi ද හඳුන්වා දෙන ලදි. මීට අමතරව ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් නිකුත් කිරීමේ පූර්ණ බලයද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සතු වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − 12 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව