නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් සමඟින් අවුරුදු සමරන්න

Nations Trust Bank makes way for Cardmembers to Embrace Life’s Favourites this Avurudu season (LBN)

 



 

 

එළඹෙන අවුරුදු සමය වෙනුවෙන් සියලු දෙනා සුදානම් වන අවස්ථාවේ, සිය කාඩ්පත්හිමියන්ට ඔවුන්ගේ ප්‍රියතම දේ අත්විදීමට අවස්ථාව සලසා දෙමින් සුවිශේෂ වට්ටම්  හා ප්‍රතිලාභ පිරිනැමීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පියවර ගෙන තිබේ.

අවුරුදු සතුට තවත් වැඩි කර ගැනීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ක්‍රෙඩිට්  කාඩ්පත් මඟින් සුවිශේෂ වට්ටම් හා ප්‍රතිලාභ රැසක් තම offline සහ online  අළෙවි හවුල්කරුවන් සමඟ එක්ව ලැයිස්තු ගත කර ඇත.   මෙම වසරේ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමඟ අළෙවි හවුල්කරුවන් 300 කට අධික සංඛ්‍යාවක් හවුල්කරිත්වයට පැමිණ ඇති අතර, එමඟින් කාඩ්පත්හිමියන්ට ඇඳුම් පැළඳුම්, හෝටල්, සුපිරි වෙළඳසැල් සහ තවත් බොහෝ අංශ වලින් තෝරා ගැනීම්  සිදු කිරීමට අවස්ථාව ලබා දේ.

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව තම කාඩ්පත්හිමියන් ප්‍රිය කරන බොහෝ අළෙවි හවුල්කරුවන් හා සම්බන්ධ වන අතර මිතුරන් සහ පවුලේ අය සමඟ ප්‍රියතම ආහාර පාන ලබා ගැනීම, සමීපතමයන්ට තෑගි මිලදී ගැනීම සඳහා සාප්පු සවාරි යාම මෙන්ම  සුන්දර ස්ථානයන්හි සංචාරය කරමින් මතකයේ රැදෙන අවුරුදු සමයක් ගත කිරීමට අවස්ථාව සැලසීම මෙහි අරමුණයි.

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ කාඩ්පත් අංශ ප්‍රධානී නිලූක ගුණතිලක මහතා මේ පිළිබඳව මෙසේ අදහස් දක්වන ලදී. “සිංහල සහ දමිළ අලුත් අවුරුදු සමය එළඹෙන තුරු සියල්ලන් ඉතාමත් උද්යෝගයෙන් බලා සිටිනවා.  මෙහි සුවිශේෂත්වය වන්නේ පවුලේ අය, මිතුරන් සහ ආදරණීයයන් සමඟ විනෝදයෙන් කාලය ගත කිරීමට අවස්ථාව උදා වීමයි. නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ කාඩ්පත්හිමියන්ට මෙම අවුරුදු සමයේ තම සමිපතයින් සමඟ සුන්දර කාලයක් ගත කිරීමට සහය වන විශේෂ ප්‍රතිලාභ ලබා දීමට හැකි වීම පිළිබඳව අප සතුටු වෙමු.”

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ක්‍රෙඩිට්  කාඩ්පත් අළෙවි හවුල්කරුවන් මෙම ප්‍රතිලාභ හා වට්ටම් 2023 අප්‍රේල් 30 දක්වා ක්‍රියාත්මක කරනු ලබයි. වෙළඳ හවුල්කරුවන් හා මේ පිළිබඳව තවත් තොරතුරු දැන ගැනීමට www.americanexpress.lk හා www.nationstrust.com  වෙත පිවිසෙන්න.

දිවයින පුරා ශාඛා 96 ක් ස්ථාපිත කර ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පාරිභෝගික, වාණිජ හා ආයතනික ගනුදෙනුකරුවන් රාශියකට සේවාවන් සලසයි. එමෙන්ම නවීන ඩිජිටල් බැංකුකරණ තාක්ෂණයන් සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමුකර ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ඩිජිටල්කරණ බැංකු අත්දැකීම වන FriMi ද හඳුන්වා දෙන ලදි. මීට අමතරව ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් නිකුත් කිරීමේ පූර්ණ බලයද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සතු වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව