නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙන් දේශීය ව්‍යාපාර සවිබල ගැන්වීමට ‘බිස්නස් බෑන්කිං’

NTB

 



 

 

 

දිවයිනේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික බැංකුවක් වන නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, රටේ ව්‍යාපාර ක්ෂේත්‍රය නංවාලීමේ අරමුණින් යුතුව, ‘බිස්නස් බෑන්කිං’ (Business Banking) සේවාව තවත් වැඩි දියුණු කර හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව රටේ ව්‍යාපාර ක්ෂේත්‍රය සමඟ සමීප සම්බන්ධතාවක් ගොඩනංවාගෙන සිටින මුල්‍ය සේවා සම්පාදකයෙකු වන අතර, ‘බිස්නස් බෑන්කිං’ යටතේ රටේ විවිධ ක්ෂේත්‍රයන්ට අයත් ව්‍යාපාර වලට, සුවිශේෂී මුල්‍ය, ඩිජිටල් සහ තවත් ප්‍රතිලාභ රාශියක් හිමිවනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (වාණිජ බැංකුකරණ) අරෝෂ ලියනාරච්චි මහතා මෙසේ පැවසී ය. ‘බිස්නස් බෑන්කිං’ සේවාව හඳුන්වා දුන් මුල් අවදියේ පටන්ම, විවිධ ක්ෂේත්‍ර වලට අයත් ව්‍යාපාර හා ව්‍යවසායකයන් සමඟ සමීප සම්බන්ධතාවන් ගොඩනංවා ගැනීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව කටයුතු කර තිබෙනවා. දිවයින පුරා ව්‍යාපාරික ගනුදෙනුකරුවන් වෙනුවෙන් අති-නවීන ඩිජිටල් විසඳුම් සහ සුවිශේෂී ප්‍රතිලාභ පිරිනමමින් අප මේ උත්සාහ කරන්නේ දීර්ඝකාලීන දැක්මක් මුල්කරගෙන රටේ ව්‍යාපාර ක්ෂේත්‍රය ඉහළ නංවාලීමටයි. එමෙන්ම රටේ ආර්ථික වර්ධනය උදෙසා මහඟු මෙහෙවරක් ඉටුකරන ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර දියුණු කරගැනීමට අවස්ථාව ලැබෙන ඵලදායී සහ ස්ථාවර ව්‍යාපාරික පරිසරයක් රට තුළ නිර්මාණය කිරීමට දායක වීම අපගේ තවත් අරමුණක්.”

‘බිස්නස් බෑන්කිං’ මගින්, ප්ලැටිනම්, ගෝල්ඩ් , සිල්වර් (Platinum, Gold and Silver) යන ප්‍රධාන කාණ්ඩ තුන යටතේ, පුළුල් පරාසයක පැතිරුණු මුල්‍ය සේවාවන් හා ප්‍රතිලාභ රාශියක් පිරිනැමෙනු ඇත. ව්‍යාපාරික ගිණුම් සහ අනෙකුත් අදාළ ගනුදෙනු මෙහෙයවීම සඳහා සෑම ව්‍යාපාරික පාරිභෝගිකයෙකු සඳහාම වෙන්වූ සම්බන්ධතා නිලධාරියෙකු අනියුක්ත කිරීම, ‘නේෂන්ස් ඩිරෙක්ට් එන්ටප්‍රයිස්’ (Nations Direct Enterprise) ඩිජිටල් බැංකුකරණ සේවාව හරහා වඩාත් පහසුවෙන් බැංකු සේවාවන් ලබාගැනීමට හැකි වීම, අන්තර්ජාල බැංකුකරණය, ජංගම බැංකුකරණය, SMS alerts සේවාව සහ විද්‍යුත් ගිණුම් ප්‍රකාශ වැනි සේවාවන්, මුදල් එක්රැස් කිරීමේ සේවාවන් හිමි වීම සහ සුවිශේෂී ව්‍යාපාරික ණය පැකේජ වැනි ප්‍රතිලාභ රාශියක් මීට ඇතුළත් ය.

සුවිශේෂී ප්‍රවේශයක් ඔස්සේ රටේ ව්‍යාපාර වල වර්ධනයට අත්වැලක් වීමේ වැදගත්කම වටහා ගත් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් 2007 වසරේදී ‘බිස්නස් බෑන්කිං’ සේවාව මුල්ම වරට හඳුන්වා දෙන ලදි. එදා පටන් එම සේවාව රටේ ව්‍යාපාර ක්ෂේත්‍රය සවිබල ගැන්වීමට විශිෂ්ට මෙහෙවරක් ඉටුකර තිබේ. ව්‍යාපාර ක්ෂේත්‍ර වල අවශ්‍යතාවන් නිවැරදිව හඳුනාගෙන, එම අවශ්‍යතාවන් සපුරාලන ආකාරයේ මුල්‍ය සේවාවන් හඳුන්වා දීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව නිරන්තරයෙන් කටයුතු කර ඇති අතර, ව්‍යාපාර වල වර්ධනය උදෙසා අතිනවීන ඩිජිටල් තාක්ෂණික විසඳුම් හා අනෙකුත් සේවාවන් රාශියක්ද පිරිනමා තිබේ.

Business Today සඟරාව මගින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මෙරට විශිෂ්ටතම ව්‍යාපාරික ආයතන 15 අතරට නම් කර තිබේ. පුළුල් පරාසයක පැතිරුණු පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැලපෙන තිරසාර මුල්‍ය සේවාවන් හා විසඳුම් රැසක් හඳුන්වාදී ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, පාරිභෝගික සේවාව සම්බන්ධයෙන් ද විශාල ප්‍රසාදයක් දිනා සිටී. දිගුකළ බැංකු කාලය ආදී පාරිභෝගික කේන්ද්‍රී බැංකු සේවා රැසක් පළමු වරට හඳුන්වා දීමට ද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මුල්විය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ඩිජිටල්කරණ බැංකු අත්දැකීම වන FriMi හඳුන්වාදෙන ලද්දේ ද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසිනි. එමෙන්ම තම කාඩ්පත් හිමියන්ට විශිෂ්ට වටිනාකමක්, සේවාවක් හා සබඳතාවක් නිර්මාණය කරදෙමින් ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් නිකුත් කිරීමේ පූර්ණ බලය ද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සතු වේ. මේ වනවිට දිවයින පුරා නේෂන්ස් ට්‍රස්ට් බැංකු ශාඛා 96ක්  විවෘත කර ඇති අතර, ATM යන්ත්‍ර 127ක් ද ස්ථාපිත කර ඇත. ඊට අමතරව මේ වනවිට බැංකුව මුදල් තැන්පත් කිරීමේ හා ආපසු ගැනීමේ යන්ත්‍ර 48ක් ද ස්ථාපිත කර ඇති අතර, Lanka Pay ජාලය ඔස්සේ තවත් ATM යන්ත්‍ර 3,700කට අධික සංඛ්‍යාවක් සමඟ සම්බන්ධ වී සිටී.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව