නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ “හුදු ගනුදෙනුවකට එහා ගිය සබැඳියාවක්” වැඩසටහනේ දෙවැනි අදියරයෙන් සතිපතා ස්මාර්ට් ජංගම දුරකථන දිනා ගැනීමට අවස්ථාව

Nations-Trust-Bank

2024 මැයි, කොළඹ: නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ 2024 වසර සඳහා  “හුදු ගනුදෙනුවකට එහා ගිය සබැඳියාවක්” විදේශ ප්‍රේෂණ වැඩසටහන පසුගියදා ආරම්භ විය. මෙහි පසුගිය වසරේ අදියර  සාර්ථක වූ අතර, එය තවදුරටත් වැඩිදියුණු කරමින් ගනුදෙනුකරුවන්ට විශිෂ්ට අත්දැකීමක් තිළිණ කිරීම නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ මෙවර අරමුණ වී ඇත.

 



 

මේ යටතේ සතියකට එක බැගින් සති 12 ක කාලයක් තුළ වාසනාවන්ත ජයග්‍රාහකයන්/ජයග්‍රාහිකාවන් 12 දෙනෙකුට ස්මාර්ට් ජංගම දුරකථන හිමිවනු ඇත. මෙය ඔවුන්ට එතෙර වෙසෙන තම ආදරණීයයන් සමග සම්බන්ධතා පවත්වාගැනීම සඳහා මහෝපකාරී වනු ඇත. එමෙන්ම රටේ සහ බැංකුවේ විදේශ විනිමය සංචිතය වර්ධනය කරගන්නා අතරම ගනුදෙනුකරුවන්ට ප්‍රතිලාභ පිරිනැමීමේ අරමුණින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් මෙම වැඩසටහන සැලසුම් කරන ලදි.

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව හරහා අවම වශයෙන් රු. 50,000/- හෝ ඊට වැඩි වටිනාකමකින් යුත් ප්‍රේෂණ සිදුකරන ගනුදෙනුකරුවන්ට සතිපතා දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමි වේ, මෙම සෑම ගනුදෙනුවක් සඳහාම එක් දිනුම් අවස්ථාවක් බැගින් හිමිවනු ඇත.

විදේශ ගතව සිටින තම සමීපතමයින් සමඟ හුදු ගනුදෙනුවකට එහා ගිය සම්බන්ධතාවක් ගොඩනංවා ගැනීමට උපකාරී වීම මෙම වැඩසටහනේ එක් ප්‍රධානතම අරමුණකි. එමෙන්ම ප්‍රේෂණ  ගනුදෙනුකරුවන්ට කාර්යක්ෂම හා විශ්වාසනීය සේවාවක්  පිරිනමන මූල්‍ය සේවා හවුල්කරුවෙකු ලෙස  තවදුරටත් කටයුතු කිරීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව බලාපොරොත්තු වෙයි.

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව භෞතික සහ ඩිජිටල් යන දෙඅංශයෙන්ම විහිදුනු සම්බන්ධක ස්ථාන හරහා පාරිභෝගික, වාණිජ සහ ආයතනික අංශ ගනුදෙනුකරුවන්ට  සේවාවන් රාශියක් සලසයි. එමෙන්ම නවීන ඩිජිටල් බැංකුකරණ තාක්ෂණයන් සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමුකර ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ඩිජිටල්කරණ බැංකු අත්දැකීම වන FriMi ද හඳුන්වා දෙන ලදි. මීට අමතරව ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් නිකුත් කිරීමේ පූර්ණ බලයද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සතු වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව