නිව් ඇන්තනීස් ෆාම්ස්, Anthoney’s Meatlery නමින් මස් ආහාර සඳහාම වෙන්වුණු සුපිරි වෙළෙඳසැලක් හඳුන්වාදෙයි

1 (LBN Fill)

 



 

 

ශ්‍රී ලංකාවේ මස් ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකුවන නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගම, සිය ව්‍යාප්තකරණ ක්‍රමෝපාය අනුව Anthoney’s Meatlery නමින් නවතම අලෙවි ජාලයක් පසුගියදා ආරම්භ කළේය. ඒ සිය පළමු අලෙවිසැල බත්තරමුල්ල කොස්වත්ත ප්‍රදේශයේදී විවෘත කරමිනි.

නිව් ඇන්තනීස් හඳුන්වාදීමට නියමිත නවමු ව්‍යාපෘති රාශියක් අතුරින් එකක්වන, Anthoney’s Meatlery හි අරමුණ වන්නේ, වඩාත් ඉඩකඩ සහිත, මස් ආහාර සඳහාම වෙන්වූ නවීන සුපිරි වෙළෙඳසැල් සංකල්පයක් මෙරට පාරිභෝගිකයින්ට හඳුන්වාදීම යි. ඒ අනුව, නිෂ්පාදනය කිරීමේ සිට පැය 24ක් ඇතුළත වෙළෙඳසැල වෙත සැපයුණු නැවුම් සහ උසස් ප්‍රමිතියේ මස් ආහාර මෙම වෙළෙඳසැලේදී පාරිභෝගිකයින්ට මිලදී ගත හැක. එතුළින්, තම නිෂ්පාදනවල නැවුම්බව, සුරක්ෂිතභාවය සහ ගුණාත්මකභාවය පිළිබඳ නිව් ඇන්තනීස් සතු සන්නාම පොරොන්දුව සහ වටිනාකම් ද පාරිභෝගිකයින් වෙත වඩාත් සමීප කෙරේ.

″අපගේ සියලු නිෂ්පාදන මෙවැනි උසස් මට්ටමේ වෙළෙඳසැලක් හරහා, පාරිභෝගිකයින්ට සුවිශේෂී අත්දැකීමක් හිමිවන අයුරින් පිළිගැන්වීමට හැකිවීම අපට විශාල සතුටක්. මෙය අප සමාගමට දේශීයව ඉතාමත් විශේෂ සන්ධිස්ථානයක් වන අතරම, ඉදිරියේදී රට පුරා Anthoney’s Meatlery වෙළෙඳසැල් පිහිටුවීමටත් අපි බලාපොරොත්තු වෙනවා″, යනුවෙන් නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නීල් සුරවීර මහතා ප්‍රකාශ කළේය.

නිව් ඇන්තනීස් ෆාම්ස් මගින් නිෂ්පාදනය කරනු ලබන සියලු මස් ආහාර නිෂ්පාදන එනම්, Haritha Hari, Crizzpys, Chico, Precut මෙන්ම කොටස් හයකින් යුත් නවතම HIT නිෂ්පාදනය ඇතුළු සුරතල් සත්ත්ව ආහාර ද මෙම වෙළෙඳසැලේදී මිලදීගත හැක. ඊට අමතරව, සොසේජස්, මස් පුරවා සැකසූ නිෂ්පාදන (breaded items), පෙර සකසන ලද මස් ආහාර (cold cuts), බිත්තර, කුළුබඩු සහ ආවේණික සෝස් වර්ග ආදිය ද මෙහිදී මිලදීගත හැක.

මෑතකදී ශ්‍රී ලංකාව තුළ සත්ත්ව ආහාර ගැටලුව මතුවූ අවස්ථාවේදී පවා කිසිදු බාධාවකින් තොරව සිය මස් ආහාර නිෂ්පාදන පෙළ වෙළෙඳපොළට සැපයීමට නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගමට හැකිවිය. එමෙන්ම, දේශීය වෙළෙඳපොළට අමතරව ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉල්ලුම ද සපයමින්, රටට අවශ්‍යම මොහොතේ විදෙස් විනිමය ඉපැයීමට ද සමාගම විශාල දායකත්වයක් ලබාදුනි.

මෙසේ නවතම වෙළෙඳ ජාලයක් ආරම්භ කිරීමට සමාගම කටයුතු කර ඇත්තේ, වසර ගණනාවක් පුරා පෝෂණයෙන් ඉහළ, ප්‍රතිජීවකවලින් තොර සහ රසවත් මස් නිෂ්පාදන පරිභෝජනය කිරීමට හුරුව සිටින පාරිභෝගිකයින්ට තවදුරටත් සමීප වීමේ පියවරක් වශයෙනි. මේ වසරේ මැද භාගයේදී ‘දොරකඩපාලිය‘ නමින්, සමස්ත දිවයිනම ආවරණය කරමින් නොමිලේ තම නිෂ්පාදන බෙදාහැරීම් සේවාවක් සමාගම ආරම්භ කළේ ද එම අදහස පෙරදැරි කරගනිමිනි.

මෙම වෙළෙඳසැල් ජාලය හරහා නිව් ඇන්තනීස් ෆාම්ස් හි චිකන් නිෂ්පාදනවලට අමතරව, පෝක්, මට්න් සහ බීෆ් නිෂ්පාදන ද ලබාගත හැකි අතර, නුදුරේදීම ලැම්බ් නිෂ්පාදන ද හඳුන්වාදීමට නියමිත ය.

ඉකුත් ජනවාරි මාසයේදී නිව් ඇන්තනීස් ෆාම්ස්, තම ‘හරිත හරි‘ චිකන් නිෂ්පාදනයේ ඇසුරුම 100%ක්ම දිරාපත්වන ආකාරයට ඉදිරිපත් කිරීම ද කැපීපෙනේ. නෙදර්ලන්තයේ Control Union Certifications ආයතනය විසින් පිරිනමනු ලබන ISO 14064-3-2006 ප්‍රමිතීන්ට අනුකූල, හරිතාගාර වායු (GHG) සහතිකයක් දිනාගත් ශ්‍රී ලංකාවේ එකම මස් ආහාර නිෂ්පාදකයා වීමේ ගෞරවය ද සමාගම සතු ය. GMP, HACCP, සහ ISO 22000 වැනි ජාත්‍යන්තර තත්ත්ව සහතික රැසක් සහ දේශීය හා ජාතයන්තර හලාල් ප්‍රතීතන සහතික ද හිමිව ඇති නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම, අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික කුකුළුමස් කවුන්සිලයේ ප්‍රමිතීන් අනුගමනය කරන අතර, ගුණාත්මකභාවය සහ පිරිසිදුභාවය සිය නිෂ්පාදන ක්‍රියාවලිය තුළ අත්‍යවශ්‍ය සාධක ලෙස සලකා ක්‍රියාකරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව