නැගෙනහිර පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියට අයැදුම්පත් කැඳවයි

Badminton (LBN)

 



 

 

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුග්‍රහකත්වය යටතේ නැගෙනහිර පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් මෙහෙයවනු ලබන සමස්ත ලංකා නැගෙනහිර පළාත් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් කැඳවා තිබේ.  දෙසැම්බර් මස 13 වැනිදා සිට දෙසැම්බර් මස 18 දක්වා මඩකලපුවේදී පැවැත්වීමට නියමිත මේ ශූරතාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම දෙසැම්බර් මස 2 වැනිදා දක්වා සිදු කෙරේ.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් ලෙස විවෘත කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ වශයෙන් අංශ දෙකකින් යුතුව තරග පැවැත්වෙන මේ ශූරතාවලියට විවෘත කණිෂ්ඨ යටතේ අවුරුදු 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ බාලක ඒකල, යුගල, බාලිකා ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග ඉසව් ඇතුළත් වේ.  අවුරුදු 30න් ඉහළ, 35න් ඉහළ, අවුරුදු 40ට වැඩි, අවුරුදු 45ට වැඩි, අවුරුදු 50ට වැඩි, අවුරුදු 55ට වැඩි, අවුරුදු 60ට වැඩි, අවුරුදු 65ට වැඩි සහ අවුරුදු 70ට වැඩි වශයෙන් ජ්‍යෙෂ්ඨ තරග අංශයට පිරිමි ඒකල, පිරිමි යුගල, කාන්තා ඒකල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල වශයෙන් තරග පැවැත්වේ.

ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට මුදල් ත්‍යාග, සහතික පත් සමඟ කුසලාන පිරිනැමෙන අතර, අවසන් පූර්ව වටයට පිවිසෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද පදක්කම් සහ සහතිකපත් ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ. වැඩි විස්තර සඳහා 0776078706 දුරකතන අංකයෙන් තරගාවලි අධ්‍යක්ෂ අලියාර් ෆයිසර් මහතා අමතන ලෙස  සංවිධායක මණ්ඩලය දැනුම් දෙයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව