නව පරිවර්තන යුගයක් සනිටුහන් කරමින් St. Anthony’s Industries Group හි නව ලාංඡනය ඉදිරිපත් කරයි

Image

1930 දශකයේ සිට අද දක්වා පාරිභෝගික ආකර්ෂණය ඉහළින්ම දිනාගත් මෙරට ප‍්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක් වන St. Anthony’s Industries Group (Pvt) Ltd විසින් සිය නව ලාංඡනය පසුගියදා සාඩම්බරයෙන් එළිදක්වන ලදී. විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ කර්මාන්තය සංවර්ධනය සඳහා ආයතනය  තුළ තිබෙන නොසැලෙන කැපවීම මේ ඔස්සේ මැනවින් සංකේතවත් වන අතර මෙම සන්ධිස්ථානය සමූහයේ නව යුගයක් සනිටුහන් කරනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් St. Anthony’s Industries Group හි ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ළහිරු ජයසිංහ මහතා මෙසේ සඳහන් කළේය.  ”මෙම නව ලාංඡනය තුළින් අපි අලුත් පරිවර්තනීය යුගයක් ආරම්භ කරන විට, විශිෂ්ටත්වය වෙනුවෙන් අප  ආයතනය දක්වන නොසැලෙන කැපවීම මෙන්ම අඛණ්ඩ  නවෝත්පාදනය පිළිබඳව අප දක්වන උනන්දුව මැනවින් පිළිබිඹු වෙනවා. මේ ඔස්සේ අපගේ විවිධ සන්නාමයන් එකම අනන්‍යතාවයක් යටතේ එ්කාබද්ධ කිරීමටත්, කර්මාන්තයේ ප‍්‍රමිතීන් නැවත නිර්වචනය කිරීමටත් හැකියාව ලැබෙනවා. එමෙන්ම අප ආයතනයේ සාමුහික ශක්තීන් උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාවට දීප්තිමත් අනාගතයක් සැකසීමටත් හැකියාව ලැබීම පිළිබඳ අපි බෙහෙවින් සතුටු වෙනවා.”

 



 

ආයතනය ආරම්භයේ සිට මේ දක්වා වූ දිගු කාලපරිච්ඡේදය තුළ St. Anthony’s Industries Group කැපී පෙනෙන පරිණාමයකට ලක්වෙමින් විවිධ අංශයන් ඔස්සේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් ලෙස ගොඩනැගී ඇත. ආයතනයේ  ඉතිහාසය මෙන්ම අනාගතය පිළිබඳ නොසැලෙන දැක්ම ද හොඳින් ග‍්‍රහණය කරගනිමින් මෙම  නව ලාංඡනය නිර්මාණය කර තිබේ.

ආයතනයේ මූලික වටිනාකම් සහ මෙහෙවර පිළිබිඹු වන පරිදි මෙම ලාංඡනය සඳහා සෑම අංගයක්ම ඉතා සූක්ෂම ලෙස තෝරාගෙන ඇත. එ් අනුව මෙහි අන්තර්ගත වන ‘තරු ලකුණ’ මඟින් ‘ආයතනයේ නොසැලෙන අරමුණ සහ අනාගත දැක්ම’ ද ‘කඳු පන්තිය’ තුළින් ‘ආයතනය සතු ශක්තිමත් පදනම සහ ස්ථාවරත්වය’ ද සංකේතවත් කරන අතර ‘ආයතනයේ නොනවතින ඉදිරි ගමන්මග සහ අඛණ්ඩ නවෝත්පාදනය Chevron මඟින් සංකේතවත් වේ. මෙම නව ලාංඡනය එළිදැක්වීම තුලින් ‘කර්මාන්ත ක්ෂේත‍්‍රයේ පරිවර්තනය‘ වෙනුවෙන් ආයතනය දක්වන කැපවීම මනාව පිළිබිඹු වන අතර, එමඟින් ආයතනික දැක්ම, අරමුණු සහ වටිනාකම්වලට නව අරුතක් එක් වනු ඇති බව St. Anthony’s Industries Group හි පැහැදිලි විශ්වාසයයි.

Anton, Anton Max, Armor, Griffin, NetZ, Thermo, Biocell, Polar සහ Volta ඇතුළු උප සන්නාම රැසක් St. Anthony’s Industries Group යටතේ සාඩම්බරයෙන් එ්කාබද්ධ කර ඇති අතර ගුණාත්මක සහ නවීන නවෝත්පාදනය සඳහා සමූහයේ නොසැලෙන කැපවීම ප‍්‍රදර්ශනය කරමින් Anton ප‍්‍රධාන සන්නාමයක් ලෙස කැපී පෙනේ.

St. Anthony’s Industries Group විසින් කර්මාන්ත ප‍්‍රමිති සඳහා නව අරුතක් රැගෙන එමින් ශ්‍රී ලාංකේය කර්මාන්තවල අනාගතය නිර්මාණය කරන උද්වේගකර වර්ධනයන් සඳහා සිය දායකත්වය ලබාදීමට අපේක්ෂා කරයි. එමෙන්ම ඔවුන්ගේ මෙම පරිවර්තනීය ගමන සමඟ එකතු වීමට ද ආයතනය සියලු දෙනාටම ඇරයුම් කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව