නවලෝක උසස් අධ්‍යාපන ආයතනය සිසුන් සවිබල ගැන්වීමේ දශකයක අභිමානය සමරයි

NCHS 10th Anniversary (LBN)

ශ්‍රී ලාංකේය සිසු සිසුවියන්ට ජාත්‍යන්තර මට්ටමේ උපාධියක් හැදෑරීමේ අවස්ථාව ලබා දීමේ ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන සැපයුම්කරුවකු වන නවලෝක උසස් අධ්‍යාපන ආයතනය (NCHS) පසුගියදා සිය 10 වන සංවත්සරය සමරනු ලැබීය. 1945 වසරේදී ආරම්භ කළ නවලෝක සමූහ ව්‍යාපාරයට අයත්  NCHS අධ්‍යාපන පරතරය අවම කරමින් ඔබේ ළඟටම උසස් අධ්‍යාපන පහසුකම් ගෙන ඒමේ අරමුණින් යුතුව ආරම්භ කරනු ලැබීය.
 



 
අධ්‍යාපනය සහ ජාතික බලපෑම සඳහා දැක්මක්

2024 වසරේදී සෞඛ්‍ය සේවයේ සිට අධ්‍යාපන සේවය දක්වා සේවාවන් ව්‍යාප්ත කළ නවලෝක සමූහය ශ්‍රී ලාංකිකයින් වෙත ගුණාත්මක අධ්‍යාපන අවස්ථාවන් ලබා දීම වෙනුවෙන් NCHS පිහිටුවනු ලැබීය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නවලෝක සමූහයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා සඳහන් කර සිටියේ “සෞඛ්‍ය සේවය හා අධ්‍යාපනය අත්වැල් බැඳගනිමින් ආරම්භ කරනු ලැබූ නවලෝක උසස් අධ්‍යාපන ආයතනයේ අරමුණ වූයේ මෙරට සිසුන්ට රට හැර යාමකින් තොරව පහසු මිලකට ගුණාත්මක අධ්‍යාපන අවස්ථාවන් උදා කර දීමයි. බොහෝ සිසුන්ට විදේශයන්හි අධ්‍යාපනය ලැබීමට ආර්ථික ශක්තියක් නොමැති අතර ඔවුන්ට ශ්‍රී ලංකාව තුළදීම එම අධ්‍යාපන අවස්ථාවන් සපුරා ගැනීමට මින් අවස්ථාවක් උදා වනවා” යනුවෙනි.

එතැන් සිට වාර්ෂිකව සිසුන් සිය ගණනකගේ අධ්‍යාපනය සිහිනය සැබෑ කර ගැනීමේ අවස්ථාව සලසා දුන් NCHS ඕස්ටේ්‍රලියාව, මැලේසියාව, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය යන රටවල පිළිගත්  විශ්වවිද්‍යාලයන්හිදී ඔවුන්ගේ උපාධිය සම්පූර්ණ කර ගැනීමේ අවස්ථාවද උදා කර දී ඇත.

දැරිය හැකි ගාස්තුවකට, ගුණාත්මක අධ්‍යාපනයක්

මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලයන් වෙත බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය සීමාසහිත වන බැවින් දක්ෂයින් දහස් ගණනකට සරසවි වරම් අහිමි වන අතර ඔවුන් විවිධ අධ්‍යාපනික විකල්පයන් සෙවීමට කටයුතු කරති. සෑම වසරකම මේ තත්වය එක ලෙස දැකිය හැකිය. සිසුන්ගේ මෙම අවශ්‍යතාවයන් අනුව ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සමඟ එක් වීමට කටයුතු කළ NCHS ප්‍රථම වරට ඕස්ටේ්‍රලියාවේ Swinburne තාක්ෂණික විශ්වවිද්‍යාලය සමඟ එක් වූ අතර එය තව දුරටත් ඉදිරියට ගෙන යමින් ගෝලීය විශ්වවිද්‍යාල රැසක් සමඟ සහයෝගීතා ගොඩනගා ගැනීමටද සමත්ව සිටියි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ NCHS හි නියෝජ්‍ය සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී වික්ටර් රමනන් මහතා “ අපට අවශ්‍ය වුණේ සෑම දරුවෙකුටම ප්‍රවේශ විය හැකි ගුණාත්මක අධ්‍යාපන සේවාවක් දැරිය හැකි ගාස්තුවකට ලබා දීමටයි. මේ හරහා ශ්‍රී ලංකාවේ හෝ විදේශයන්හි ඉංජිනේරු, කළමනාකරණ, තොරතුරු තාක්ෂණ සහ සෞඛ්‍ය විද්‍යා යනාදී ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සිසු සිසුවියන් වෙත සුවිසල් අවස්ථාවක් නිර්මාණය කර දීමට අපි කටයුතු කර තිබෙනවා” යනුවෙන් පවසා සිටියේය.

ගෝලීය සබඳතා තුළින් මෙරට සිසුන්ට අධ්‍යාපනය

වසර 10ක පමණ කාලය තුළ ඕස්ටේ්‍රලියාව, එක්සත් රාජධානිය, මැලේසියාව, කැනඩාව හා එක්සත් ජනපදය යන රටවල ආධ්‍යාපන ආයතන රැසක් සමඟ එක්ව සිටින NCHS, ඕස්ටේ්‍රලියාවේ  Swinburne තාක්ෂණික විශ්වවිද්‍යාලය සමඟ සුවිශේෂී සබඳතාවක් පවත්වාගෙන යාමට සමත්ව ඇත්තේ 2024 වසරේ වැඩිම කාලයක් පැවති අන්තර්ජාතික සබඳතාව බවට පත් වෙමිනි.

සුවිශේෂී ආර්ථිකයකට හා උපාධියෙන් පසු ආකර්ෂණීය රැකියා අවස්ථාවන් සඳහා ප්‍රකට ඇමරිකානු අධ්‍යාපන ක්ෂේත්‍රය මෙරට සිසු සිසුවියන් අතරද බෙහෙවින් ජනප්‍රියව ඇත. එක්සත් ජනපදයේ කැලිෆෝනියාව, වර්ජිනියාව සහ නිව්යෝර්ක් වැනි ප්‍රාන්තයන්හි විශ්වවිද්‍යාල සමඟ එක් වෙමින් විවිධ අධ්‍යාපන වැඩසටහන් හා ශිෂ්‍යත්ව අවස්ථා හිමි කර දීමට NCHS කටයුතු කර ඇත.

සියලුම සේවාවන් එකම තැනකින් 

තම අධ්‍යාපන වැඩසටහන් සඳහා පමණක් නොව වීසා අයදුම් කිරීමේ ක්‍රියාවලිය වැනි විවිධ අවස්ථාවන්වලදී සිසුන්ට අවශ්‍ය සහාය හා මඟ පෙන්වීම ලබා දීමට NCHS කැපවී සිටියි. විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගැනීම සඳහා සිසු සිසුවියන්ගේ විශ්වාසය ඉහළ නැංවීමට NCHS කටයුතු කරන බව සඳහන් කළ රමනන් මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේ ඔවුන් ඒ සඳහා සුදුස්සන් බවට පත් වීමට අවශ්‍ය සම්මුඛ පරීක්ෂණ සඳහා සූදානම් වීම, වීසා අයදුම් කිරීම ඇතුලු සෑම පියවරක් සඳහාම ඔවුන්ට මඟ පෙන්වීමට කටයුතු කරන බවයි.

අධ්‍යාපන විශිෂ්ටත්වය වෙනුවෙන් කැපවීම

ගුණාත්මක සේවාවක් වෙනුවෙන් නිරන්තරයෙන් කැපවන NCHS දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ආයෝජනය කරන දෙමව්පියන් වෙත ඉහළ ප්‍රතිලාභ ලබා දෙන බව සහතික කර සිටියි. එහි උගන්වනු ලබන සෑම කථිකාචාර්යවරයෙකුම ජාත්‍යන්තර විශ්වවිද්‍යාල හවුල්කරුවන් විසින් මනා පරීක්ෂණයක් තුළින් තෝරා ගනු ලබන අතර සිසුන්ට වඩා ඵලදායී අධ්‍යාපනයක් ලබා දීමේ අවස්ථාව තහවුරු කර ඇත.  නවලෝක උසස් අධ්‍යාපන ආයතනය එහි 10 වැනි සංවත්සරය සමරන මේ මොහොතේ එම සේවාවන් තව දුරටත් විශිෂ්ට අයුරින් සාර්ථකව ඉදිරියට ගෙන යාමට NCHS අරමුණු කොට ගෙන ඇත.

අදම සම්බන්ධ වන්න

NCHS සමඟ එක් වෙමින් ඔබගේ අධ්‍යාපන සිහින සැබෑ කරගැනීමට අවශ්‍ය වැඩි විස්තර දැන ගැනීම සඳහා 011 2 777 666 අමතන්න, හෝ info@nchs.edu.lk. වෙත ඊමේල් කරන්න. නැත්නම් www.nchs.edu.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව