නවතම Samsung Galaxy S25 මාදිලිය ගැන සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් හා Samsung STAR සාමාජිකයන් අදහස් බෙදා හදා ගනියි

IM 02 (1) (LBN)

පසුගියදා ශ්‍රී ලාංකිකයින් වෙත සුවිශේෂී අත්දැකීමක් උරුමකර දෙමින් Samsung හි Galaxy S25 නවතම නිෂ්පාදන පෙල පසුගියදා කොළඹ නෙළුම් කුලුණේදී එලිදක්වනු ලැබීය. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ජංගම දුරකතන ක්ෂේත්‍රයේ පුරෝගාමීන්, නව තාක්ෂණය පිළිබඳ උනන්දුවක් දක්වන්නන්, Samsung සාමාජිකයින් සහ John Keells Office Automation, Singer, Singhagiri, Damro, Softlogic Retail, Softlogic Mobile Distribution වැනි අලෙවි නියෝජිතයන් හා Dialog සහ SLT Mobitel වැනි දුරකතන ජාල නියෝජිතයින්  එක්ව සිටියේය.

 



 
නිරන්තරයෙන් සිය පාරිභෝගිකයින් වෙත නව්‍යකරණ අත්දැකීමක් ලබා දීමට කැප වෙන Samsung මෙම දියත් කිරීමේ අවස්ථාවේදී Galaxy AI, කැමරා තාක්ෂණය සහ පරිශීලක අත්දැකීම් පිළිබඳ සිය කැපවීම නැවත නැවතත් තහවුරු කිරීමට සමත් විය. ඊට සහභාගී සියලු දෙනාට Samsung Galaxy S25 නවතම නිෂ්පාදන පෙල සජීවීව අත්හදා බැලීමට අවස්ථාව උදා කර දීමටද Samsung කටයුතු කරනු ලැබුවේ ස්මාර්ට්ෆෝන් ක්ෂේත්‍රය තුළ සිය විශිෂ්ටත්වය යළිත් අවධාරණය කරමිනි.

AI මගින් බලගැන්වූ අත්දැකීම් ඉහළ නංවමින් පරිශීලකයින් හට තමන්ගේ දුරකතන සමඟ කටයුතු කිරීමේ සුවිසල් වෙනසක් ඇති කිරීමට නවතම Samsung Galaxy S25 නිෂ්පාදන පෙල සමත්ව සිටියි. සහභාගී වූ සියලු දෙනාට AI මඟින් බලගැන්වූ විශේෂාංග පිළිබඳ වැඩිදුර සොයා බැලීමේ අවස්ථාව හිමි වූ මෙම උත්සවයේදී තමන්ට අත්‍යාවශ්‍ය විශේෂාංග, බහුකාර්ය හැකියාවන් හා නවතම One UI 7 පරිශීලක මුහුණත පිළිබඳ සතුට ප්‍රකාශ කර සිටියහ.

Samsung Member හි දිගුකාලීන සාමාජිකයෙක් වන ෂෙනල් ද සිල්වා මෙම නවතම නිෂ්පාදන පෙලෙහි ඇති වීඩියෝ කිරීමේදී පසුබිමින් ඇසෙන අනවශ්‍ය ශබ්ද ඵලදායී අයුරින් ඉවත් කිරීමට හැකි නවතම Audio Eraser විශේෂාංගය බෙහෙවින් අගය කරන ලදී.

රනෝද් ලක්ෂිත විසින් නවතම One UI 7 හි පරිශීලක මුහුණතෙහි නව හැඩයන්, වර්ණයන් හා පහසු පරිශීලන හැකියාව පෙන්වා දෙන ලදී. ආචාර්ය සදේශ් අබේසිංහ මෙම නිෂ්පාදන පෙලෙහි ඇති බහුකාර්ය හැකියාව හා පුද්ගලික සහකරුවකු ලෙස නිර්දේශයක් ලබා දෙන AI මඟින් ක්‍රියාත්මක විශේෂාංගයන් පිළිබඳ සිය සතුට පල කළේය.

සුවපහසු නවතම හැඩය, වක්‍ර හැඩයෙන් යුත් දාර, සැහැල්ලු ටයිටේනියම් රාමුව හා හොඳින් දර්ශනය වන මුහුණත සමඟින් නවතම නිර්මාණයක් නැවත පාරිභෝගිකයා වෙත ගෙන ඒමට සමත්ව ඇති  Samsung Galaxy S25 Ultra ඔවුන්ගේ සිත් සතන් පුබුදුවාලීමට සමත් වූයේ එදිනෙදා පහසුව ඉහළ නංවන ක්‍රියාකාරකම් වර්ධනය කර ගැනීමේ අවස්ථාව සලසා දෙමිනි.

ෂෙනල් ද සිල්වා මේ සම්බන්ධයෙන් පවසා සිටියේ “AI මඟින් ක්‍රියාත්මක විශේෂාංගයන් සැබැවින්ම විශිෂ්ටයි. ශබ්ද ඉවත් කිරීමේ සිට ඉහළ නිර්දේශයන් දක්වා වන අත්දැකීම් පරිශීලකයින්ට අත්‍යාවශ්‍යයි” යනුවෙනි. ආචාර්ය සදේශ් අබේසිංහ මෙහි ඇති පහසුවෙන් හැසිරවීමේ හැකියාව හා මනා සරල නිමාව පිළිබඳ පෙන්වා දුන් අතර දුෂාන් කුමාර ආකර්ෂණීය ටයිටේනියම් රාමුව හා එහි ශක්තිමත් බව පිළිබඳව අදහස් එක් කළේය.

“ශක්තියෙන් මෙන්ම අලංකාරයෙන් පරිපූර්ණ නිෂ්පාදනයක් ලෙස නවතම Samsung Galaxy S25 Ultra සඳහන් කළ හැකියි. මනා පෙනුමකින් යුත් එය හැසිරවීමෙටද ඉතා පහසුයි” ඒ Samsung Galaxy S25 Ultra පිළිබඳව ලක්ෂිතගේ අදහසයි.

සාමාන්‍ය පරිශීලකයින්ට මෙන්ම ඡායාරූපකරණය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන නිර්මාණකරුවන් හට අසමසම අත්දැකීමක් ලබා දෙන නවතම Samsung Galaxy S25 Ultra හි ඇති උසස් තත්වයේ කැමරාව ඡායාරූපකරණයේ නව මානයන් සොයා යාමට ඔවුන්ට හැකියාව ලබා දෙයි.

මෙම අවස්ථාවට එක් වූ ඡායාරූපකරණය පිළිබඳව උනන්දුවක් දක්වන්නන් ී්පිමබට Samsung Galaxy S25 Ultra හි ඇති වඩාත් පුලුල් පරාසයක් ආවරණය කරන 50MP Ultra- wide කැමරාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම විශේෂත්වයකි. මැක්‍රෝ ඡායාරූපකරණය පිළිබඳව උනන්දුවක් දක්වන ආචාර්ය සදේෂ් අබේසිංහ මහතා කාචයේ ඇති සුපැහැදිලි බව පිළිබඳව පෙන්වා දුන් අතර නිපුන පෙරේරා රාත්‍රී ඡායාරූපකරණය (Nightography) සඳහා වන වැඩි දියුණු කිරීම් පිළිබඳව අවධාරණය කරන ලදී.

වීඩියෝ නිර්මාණ ශිල්පීන් වෙනුවෙන් මෙහි ඇති වර්ණ පිළිවෙලට සකස් කිරීමේ හා පසු නිෂ්පාදන පහසුව සම්බන්ධ LOG වීඩියෝ පටිගත කිරීමේ විශේෂාංගය දුෂාන් කුමාරගේ පැසසුමට හේතු විය.

මේ අවස්ථාවට එක් වූ නිපුන් පෙරේරා සඳහන් කළේ “වීඩියෝ නිර්මාණකරුවන් විදියට අපගේ අවශ්‍යතාවන් සපුරාලීම සඳහා LOG වීඩියෝ පටිගත කිරීම හා වැඩි දියුණු කළ night mode විශේෂාංගයන් මෙහි ඇතුළත් වනවා. Samsung අපගේ අවශ්‍යතාවන් පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා” යනුවෙනි.

නිර්මාණකරුවන්ගේ පමණක් නොව සංගීතය රසවිඳින්නන්ගේද, සංගීතඥයින්ගේද අවධානය දිනාගෙන ඇති Samsung Galaxy S25 නිෂ්පාදන පෙළ එහි ඇති AI තාක්ෂණය හා නිර්මාණාත්මක මෙවලම් හේතුවෙන් ඔවුන්ගේ නොමඳ ආකර්ෂණය දිනා ගැනීමට සමත්ව සිටියි.

ජනප්‍රිය යූ ටියුබ් නිර්මාණකරුවකු වන ගෙහාන් බ්ලොක් Samsung Galaxy S25 Ultra හි AI විශේෂාංග හඳුන්වා දුන්නේ game-changer ලෙසිනි. ඩිනෝ කොරේරා එහි Gemini AI විශේෂාංගය පිළිබඳව අදහස් දක්වමින් එහි ඇති නිර්මාණශීලීත්වය හා බහුකාර්ය හැකියාවන් ඉහළ නැංවීම පිළිබඳ පැසසුමට පත් කළේය.

වසර 15ක් පුරා Samsung පරිශීලකයකු වන සංගීතවේදිනී රොමේන් විල්ස් මෙම අවස්ථාවට එක්වෙමින්  නිර්මාණ හැකියාවන් ඉහළ නංවන නවතම නිෂ්පාදන පෙලෙහි කැමරාව හා AI උපාංග පිළිබඳ අදහස් දැක්වූයේ මෙලෙසිනි. “මම අවුරුදු 15කට වැඩි කාලයක් Samsung ස්මාර්ට්ෆෝන් පාවිච්චි කරනවා. ඔබ තවමත් Samsung ස්මාර්ට්ෆෝන් වෙත මාරු වුණේ නැත්නම් ඔබට හොඳම දේ භාවිතයට අවස්ථාව ලැබී නැතැයි මට සිතෙනවා”

එසේම Galaxy S2 කාණ්ඩයේ සිට Samsung පරිශීලකයකු ලෙස කටයුතු කරන සනුක වික්‍රමසිංහ සංගීතය සහ වීඩියෝ නිර්මාණය සඳහා Galaxy AI  හා කැමරා වැඩි දියුණු කිරීම පිළිබඳ පවසා සිටියේ මහත් උනන්දුවෙනි.

ස්මාර්ට්ෆෝන් භාවිතය හා විනෝදාස්වාදය සඳහා අත්‍යාවශ්‍ය මෙවලමක් වන බවත් Samsung Galaxy S25 Ultra තුළින් එය තව තවත් ඉහළ නංවා ඇති බවත් ගී පද රචක මනුරංග විජේසේකර පවසද්දී ගායන ශිල්පිනී උමාරා සිංහවංශ සැම්සුන් කෙරෙහි තමන්ගේ විශ්වාසය තහවුරු කරමින් එහි ඇති පහසුව පිළිබඳව ස්තුතිය පළ කරන ලදී.

මෙම අවස්ථාවට පැමිණි ප්‍රවීන සංගීතවේදී සන්තුෂ් වීරමන් පුද්ගලික සහායකයකු ලෙස හොඳම දේ සංවිධානය කර ගැනීම හා නිෂ්පාදන හැකියාව පිළිබඳ Samsung Galaxy S25 Ultra පිළිබඳ විශ්වාසය පල කර සිටියේය. පළමු වතාවට Samsung භාවිත කරන භාතිය ජයකොඩි සඳහන් කර සිටියේ Galaxy AI විසින් බල ගන්වන නිර්මාණශීලීත්වය අත්විඳීමට ලැබීම සතුටට කරුණක් බවයි. Galaxy AI තාක්ෂණය කලාකරුවන්ට ඉමහත් සහයෝගයක් හිමිවන බවයි.

ශ්‍රී ලංකාවේ අංක 1 ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය වන Samsung, SLIM ශ්‍රී ලංකා සම්මාන උළෙලේදී අඛණ්ඩව පස්වන වරටත් ‘People’s Youth Choice Brand of the Year’ ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ මෙරට වටිනාම සන්නාමයන් අතරට එක් වෙමිනි. සෑම වයස් කාණ්ඩයකම පාරිභෝගික පදනමක් සහිත Samsung, Gen Z සහ Millennial වයස් කාණ්ඩයන්ගේ අවශ්‍යතා සපුරාලීමට කැපවී කටයුතු කරන්නේ නව්‍යකරණය, තත්වය හා අසීමිත පරිශීලක අත්දැකීමක් ඔවුන් වෙත උරුම කර දෙමිනි.

Samsung Galaxy S25 නිෂ්පාදන පෙළ අසමසම AI විශේෂාංගයන්, ආකර්ෂණීය නිමාව සහ විශිෂ්ට ඡායාරූපකරණ හැකියාව සමඟින් ස්මාර්ට්ෆෝන් තාක්ෂණයේ නව යුගයක ඇරඹුම සනිටුහන් කිරීමට සමත්ව ඇත. ඒ සමඟින් ස්මාර්ට්ෆෝන් තාක්ෂණයේ අනාගත හැකියාවන් ඉහළ නංවමින් නව මානයන් විවර කිරීමට Samsung කටයුතු කරමින් සිටියි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen + one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව