නවතම LMD 100 ශ්‍රේණිගත කිරීමෙහි දෙවන ස්ථානය කොමර්ෂල් බැංකුව අත්කර ගනී

ComBank Logo

ශ‍්‍රී ලංකාවේ ශක්තිමත්ම ව්‍යාපාරික ආයතනයක් බව යළිත් තහවුරු කරමින් 2019-20 මූල්‍ය වසරේදී ලබාගත් ඉහළ පිරිවැටුම සහ ලාභය පදනම් කරගනිමින් නවතම ‘LMD 100’ ශ්‍රේණිගත කිරීමෙහි දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට කොමර්ෂල් බැංකුව සමත්ව තිබේ.

ආයතනික දැවැන්තයින් කාර්ය සාධනය අනුව ශ්‍රේණිගත කරන මෙම ගෞරවණීය ලයිස්තුවේ පළමු සමාගම් 10 අතුරින් යළිත් වතාවක් ඉහළින්ම සිටින බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්වී තිබෙන අතර බොහෝ විවිධාංගීකරණය වූ සමාගම් අභිබවා යෑමට බැංකුව සමත්ව ඇත. එසේම, මෙම ශ්‍රේණිගත කිරීම් මුල්වරට ප‍්‍රකාශයට පත්කරන ලද 1993-94 වකවානුවේ සිටම කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ ශ්‍රේණිගත ඉහළම සමාගම් 10 අතර සිටීම විශේෂත්වයකි.

මූලික වශයෙන් LMD ශ්‍රේණිගත කිරීම් සිදුකරන්නේ සමාගම්වල පිරිවැටුම පදනම් කරගෙන වුවද සඟරාව මගින් සමස්ත වත්කම්, බදු පසු ලාභය, කොටස්කරුවන්ගේ අරමුදල්, වෙළඳ පොළ ප‍්‍රාග්ධනායනය, කොටසක් සඳහා ඉපැයීම, කොටසක් සඳහා ලාභාංශ ඇතුළු කාර්ය සාධනයට අදාළ තවත් බොහෝ දර්ශක සැලකිල්ලට ලක් කරමින් අංශ වශයෙන්ද ශ්‍රේණිගත කිරීම් කරනු ලබයි.

‘LMD 100’ වර්ගීකරණයේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීම පිළිබඳව කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘මෙම වර්ගීකරණය සඳහා තක්සේරු කළ මූල්‍ය වසරෙහි කාර්ය සාධනයට කොවිඞ්-19 වසංගතයෙන් බලපෑමක් නොතිබුණ ද එය අසීරු වසරක් බව කිව යුතුයි. එම වසරේදී අපට හානි පූරණ ගාස්තු වැඩි ප‍්‍රමාණයක් වෙන් කිරීමට සිදුවුණා. ඒ වගේම, පාස්කු බෝම්බ ප‍්‍රහාරය ඇතුළු බොහෝ සාධක නිසා ව්‍යාපාරික ක්ෂේත‍්‍රය දුර්වල වුණා. මේ අනුව, බලනවිට සමස්තයක් ලෙස ශ‍්‍රී ලංකාවේ හොඳම පුද්ගලික ආයතන අතරින් දෙවන ස්ථානය බවට පත්වෙමින් ලැබූ අසාමාන්‍ය ජයග‍්‍රහණය මගින් පෙන්නුම් කරන්නේ කොමර්ෂල් බැංකුව සහ එහි කණ්ඩායම සතුව පවතින ශක්තියයි.’

 




 

 

LMD හි නවතම ශ්‍රේණිගත කිරීම මෙරට සියලූ ලැයිස්තුගත බැංකු වලට අමතරව මුල්පෙළේ සමූහ ව්‍යාපාර, විදුලි සංදේශ ආයතන, මහා පරිමාණ අලෙවිසැල් ජාල, රක්ෂණ සමාගම් ඇතුළු බොහෝ ආයතන ආවරණය කළේය.

මෙරට පුද්ගලික අංශයේ විශාලතම වාණිජ බැංකුව මෙන්ම මෙරට තුන්වැනියට විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකු සමූහය 2019 වසරේදී පළමු වරට රුපියල් බිලියන 150 ක දළ ආදායමක්, බදු වලට පෙර රුපියල් බිලියන 22.339 ක ලාභයක් සහ බදු වලට පසුව රුපියල් බිලියන 17.025 ක ලාභයක් වාර්තා කළේය.

ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 880 ක් පවත්වාගෙන යයි.

බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව