දේශීය ව්‍යාපාර ගෝලීය වෙළෙඳපොළට සම්බන්ධ කිරීමට කොමර්ෂල් බැංකුව විශේෂ සේවා දෙකක් හඳුන්වා දෙයි

LEAP and Trade Club launch - Composite (LBN)

 



 

 

සිය ව්‍යාපාරික ගණුදෙනුකරුවන් සඳහා වෙළෙඳ අවස්ථා සැලකිය යුතු ලෙස පුළුල් කිරීමේ අරමුණින් කොමර්ෂල් බැංකුව නව සේවා දෙකක් දියත් කර ඇති අතර, එක් සේවාවක් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සමග සහයෝගයෙන් සහ අනෙක ස්වාධීනව හඳුන්වා දී ඇත.

මෙම සේවාවන් දෙකම දේශ සීමා හරහා සහ රට තුළ ජාලකරණ අවස්ථා ප‍්‍රවර්ධනය කරන පරිසර පද්ධති ලෙස නිර්මාණය කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සමග සහයෝගයෙන් සංවර්ධනය කරන ලද ‘කොමර්ෂල් බෑන්ක් ලීප්’ (Commercial Bank LEAP) ලෙස සන්නාමය කර ඇති වැඩසටහන ව්‍යවසාය ඩිජිටල්කරණය සහ ව්‍යාපාර නංවාලීම කෙරෙහි අවධානය යොමු කරන පුළුල් ව්‍යාපාරික පරිසර පද්ධතියකි. බැංකුවේම වේදිකාව වන ‘ටේ‍්‍රඞ් ක්ලබ්’ (Trade Club) වේදිකාව බැංකුවේ වෙළෙඳ ක්ෂේත‍්‍රයට අදාල සේවා වලට පහසු ප‍්‍රවේශයක් ලබා දීමෙන් ආනයනකරුවන් සහ අපනයනකරුවන් සවිබල ගැන්වීම සිදුකරණු ලබයි.

මෙම වේදිකාවල සංවර්ධනය පිළිබඳව කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා මෙසේ අදහස් ප‍්‍රකාශ කර සිටියේය. ‘ගෝලීය වෙළෙඳපොළ වර්ධනය කිරීම සහ ජය ගැනීම උදෙසා දේශීය ව්‍යාපාරවලට සහාය වීම සහ සවිබල ගැන්වීම, කොමර්ෂල් බැංකුවට ව්‍යාපාරික ඉලක්කයක් මෙන්ම, ජාතික යුතුකමක්, ජාත්‍යන්තර වෙළෙඳාම සහ විදේශ විනිමය ඉපැයීම් වර්ධනය කිරීම සඳහා නව්‍ය ඩිජිටල් ක‍්‍රමවේද යුගයේ අවශ්‍යතාවයක් බවට පත්වී තිබෙනවා. මෙම සේවා දෙක සමග කොමර්ෂල් බැංකුව විසින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහ ආයතනික ගණුදෙනුකරුවන්ට ගෝලීය ජාල වෙත ප‍්‍රවේශය ලබා දීම මගින්, නවීන තාක්‍ෂණය සහ පුළුල් පරාසයක ව්‍යාපාරික සේවාවන්ද ලබා දෙනවා. වේගයෙන් පරිණාමය වන ව්‍යාපාරික ක්ෂේත‍්‍රය තුළ තරගකාරීව සිටීමට ඔවුන්ට එය උපකාරී වෙනවා.’

‘කොමර්ෂල් බෑන්ක් ලීප්’ ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව ගොඩනගා ඇති අතර, ජාත්‍යන්තර ව්‍යාපාර සක‍්‍රීය කිරීමේ වේදිකාවක් වන ‘ග්ලෝබල් – ලින්කර්’ (Global Linker) විසින් බලගන්වනු ලබයි. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ආයතනික ගණුදෙනුකරුවන්ට ඔවුන්ගේ නිෂ්පාදන සහ සේවාවන් විකිණීම සඳහා නොමිලේ මාර්ගගත වෙළෙඳසැල් නිර්මාණය කිරීමටද මේ අනුව හැකිවෙයි.

තිරසාර ව්‍යාපෘති ආකෘතියක් ලෙස සංවර්ධනය කර ඇති ‘කොමර්ෂල් බෑන්ක් ලීප්’ මගින් නීතිමය, මූල්‍ය අලෙවිකරණය, සැපැයුම් සහ නැව් සේවා වැනි ව්‍යාපාරික සේවා රැසක් ලබා දෙන අතර, ව්‍යාපාරික බුද්ධි දත්ත වලට ප‍්‍රවේශයක්ද ලබා දෙයි.

මේ අතර කොමර්ෂල් බැංකුවේ ටේ‍්‍රඞ් ක්ලබ් වේදිකාව, ජාලකරණ අවස්ථා සහ දැනුම බෙදා ගැනීමේ සැසිවලට අමතරව, එහි සාමාජිකයින්ට ප‍්‍රතිලාභ රැසක්ද ලබා දෙයි. ප්ලැටිනම්, රන්, රිදී සහ සම්භාව්‍ය යන ස්ථර හතරකින් සමන්විත මෙම පුරෝගාමී වේදිකාව සමගින් තම වෙළෙඳ ගණුදෙනුකරුවන් සඳහා මෙවැනි සමාජයක් ස්ථාපිත කළ රටෙහි පළමු බැංකුව කොමර්ෂල් බැංකුවයි.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 270 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 950 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven + ten =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව