දිවයිනේ හොඳම CTC තේ නිෂ්පාදකයා ලෙස Tea Small Holder Factories PLC සම්මානයෙන් පිදුම් ලබයි

ctc

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්හි පුර්ණ අනුබද්ධිත ආයතනයක් වන Tea Small Holder Factories PLC සමාගම  දිවයිනේ හොඳම CTC තේ නිපැයුම්කරුවා ලෙස පසුගියදා සම්මානයට පාත්‍ර විය. තේ අපනයකරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ මෙම සම්මාන උළෙලේදී  අදාළ සම්මානයට උරුමකම් කීමට හීන්ගල්ගොඩ තේ කර්මාන්ත ශාලාවට අවස්ථාව උදා විය.  තේ අපනයනකරුවන්ගේ සංගමයේ මගින් පත් කළ විශේෂ තේරීම් කමිටුවක් මගින්  ඇගයුම් නිර්ණායක රැසක් පාදක කර කර ගනිමින් මෙම සම්මානයට සුදුස්සන් තොර පත් කරගැනීම සිදු කරන ලදී.  නිරතුරුවම තේ වල උසස්  ගුණත්වය පවත්වා ගැනීම, තේ වර්ගීකරණ නාමාවලියට අනුගත වීම හා තේ වල තත්ත්වය හා ගුණාත්මකභාවය පිළිබඳ පැමිණිලි නොතිබීම යනාදී සුදුසුකම් ඒ අතර සුවිශේෂී විය.  හින්ගල්ගොඩ තේ කර්මාන්ත ශාලාව වසර ගණනක් පුරාවට ඉහළ ගුණාත්මකභාවයකින් යුත්  CTC තේ වෙළඳපලට නිපදවමින් සිටින අතර එම ගුණාත්මකභාවය හේතුවෙන්ම ඔවුන්ට සති අන්ත තේ වෙන්දේසිවලදීද තේ සඳහා වූ  ඉහළම මිලක්ද හිමි වේ. හින්ගල්ගොඩ CTC  තේ සඳහා කොළඹ තේ වෙළෙඳපොළේ සාඩම්භර අතරමැදි විකුණුම්කරු වනුයේ ජෝන් කීල්ස් පී. එල්. සී සමාගමයි.

Tea Smallholder Factories PLC සමාගම මගින් මෙහෙයවනු ලබන තේ කර්මාන්ත ශාලා හතක් පමණ ගාල්ල, රත්නපුර, ගිනිගත්හේන යන ප්‍රදේශ වල මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යයි. සුළු තේ වතු හිමියන්ගෙන් හා දළු තේ එකතු කරන්නන්ගෙන් ලබා ගන්නා තේ දළු, කර්මාන්ත ශාලා ක්‍රියාවලියක් හරහා තේ බවට පත් කර, කොළඹ තේ වෙන්දේසියට අලෙවි කිරීම සමාගමේ ප්‍රධාන ව්‍යාපාර කාර්යයයි. 500 කට වැඩි සේවක පිරිසක් හා සුළු තේ වතු හිමියන්ගෙන් සියයට 5.8 ක් තරම් වන, 17,600 කට අධික දළු තේ සැපයුම්කරුවන් පිරිසක් සමාගම වටා එක්ව සිටී.

Tea Small Holder Factories PLC යනු ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සීහි පරිපාලිත සමාගමක් වන අතර විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 70කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබන කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමූහ සමාගම ද වේ. 13,000 කට අධික පිරිසකට රැකියාවක් ලබා දෙන JKH ආයතනය වසර 13 ක් පුරා ශ්‍රී  ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස ශ්‍රේණිගත  කර ඇත. ජෝන් කීල්ස් පදනම ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු හා එක්සත් ජාතීන්ගේ ගෝලීය සුසංහිතයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතරම ජෝන් කීල්ස් පදනම හරහා “හෙට දිනය සඳහා ජාතිය බලගැන්වීමේ” ස්වකීය දැක්ම ද ඉදිරියට ගෙනයයි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව