තොරතුරු ආරක්ෂණ ප්‍රමිතීන් යළි වතාවක් තහවුරු කරමින් අමානා බැංකුව සිය ISO/IEC 27001:2013 සහතිකය අත් කර ගනී.

Chief Information Officer - Mohamed Kiyasudeen (LBN)

 



 

 

අමානා බැංකුව යළිත් වරක් ISO/IEC 27001:2013 සහතිකකරණය තහවුරු කරගැනීමට පසුගියදා සමත් විය. ලොව පිළිගත් සහතිකකරණයක් වන මෙය පිරිනමනු ලබන්නේ තොරතුරුවල ආරක්ෂාව සම්බන්ධ ඇගයීමක් වශයෙනි. United Kingdom Accreditation Service (UKAS) නියෝජනය කරමින් මෙරටදී ISO සහතිකරණයන් පිරිනමන Bureau Veritas Sri Lanka විසින් සිදුකරන ලද ස්වාධීන හා පරිපූර්ණ විශ්ලේෂණයකින් අනතුරුව, අමානා බැංකුව වෙත හිමි වී ඇති ISO/IEC 27001:2013 සහතිකකරණය නැවත වරක් තහවුරු කරන ලදි. අමානා බැංකුවේ තොරතුරු තාක්ෂණ අංශය සහ ආපදා ප්‍රතිසාධන අඩවිය (Disaster Recovery Site) මගින් සපයනු ලබන තොරතුරු තාක්ෂණ සේවා සහ යටිතල පහසුකම්වලට අදාළ තොරතුරු ආරක්ෂණ කළමනාකරණය වෙනුවෙන් මෙම සහතිකකරණය හිමි වී තිබේ.

මේ සම්බන්ධයෙන් අමානා බැංකුවේ ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී මොහොමඩ් කියාසුදීන් මහතා මෙසේ අදහස් පළකළේ ය. “අමානා බැංකුවට යළි වතාවක් ISO/IEC 27001:2013 සහතිකකරණය අත් කරගෙන ඇති බව අප ප්‍රකාශ කරන්නේ ඉතාමත් සතුටින්. මෙමගින් අප ගනුදෙනුකරුවන්ට සුරක්ෂිත ලෙස බැංකු සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීම සඳහා අප දරන උත්සාහය යළිත් වරක් පිළිබිඹු වේ. Bureau Veritas හි විගණන ප්‍රතිඵල මගින් තහවුරු වූ මෙම ජයග්‍රහණය, ශක්තිමත් තොරතුරු ආරක්ෂණ ක්‍රමවේදයන් පවත්වාගෙන යාමට මෙන්ම ගනුදෙනුකරුවන්ගේ තොරතුරුවල සුරක්ෂිතභාවය හා රහස්‍යභාවය අඛණ්ඩව සුරක්ෂිත කිරීමට අප දරන උත්සාහයන්ට මනා සාක්ෂියක්. මේ ආකාරයට ඉහළම තලයේ ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීම මගින්, විශේෂයෙන්ම නවීන තාක්ෂණය මත බොහෝ දේ රඳා පවතින වර්තමාන ලෝකය තුළ අපගේ ගනුදෙනුකරුවන්ට උපරිම ආරක්ෂාවක් සහතික කිරීමට අපට හැකියාව ලැබෙනවා.”

ISO/IEC 27001:2013 යනු තොරතුරු ආරක්ෂණ කළමනාකරණය සම්බන්ධ ලොව ඉහළම ප්‍රමිති සහතිකය ලෙස සැලකේ. මීට අදාළව Bureau Veritas මගින් සිදුකරන ලද සමීක්ෂණය තුළදී අමානා බැංකුවේ අවදානම් කළමනාකරණ රාමු, මෙහෙයුම් ක්‍රියාවලි සහ ආරක්ෂක පාලනයන් පිළිබඳව දීර්ඝ සමාලෝචනයක් සිදුකරන ලදි. මෙමගින් ගනුදෙනුකරුවන්ගේ තොරතුරුවල පැවැත්ම, ආරක්ෂාව හා රහස්‍යභාවය සහතික කිරීම සඳහා අමානා බැංකුව ඵලදායී තොරතුරු ආරක්ෂණ විධිවිධාන ක්‍රියාත්මක කර ඇති බව තහවුරු කරගැනීමට ගනුදෙනුකරුවන්, කොටස් හිමියන් සහ නියාමන බලධාරීන් ඇතුළු සියලුම පාර්ශ්වවලට අවස්ථාව ලැබී තිබේ.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත. අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව