තුන්වැනි වරටත් SLT-MOBITEL අනුග්‍රහයෙන් බලගැන්වූ ‘මහගස්තොට Festival of Speed 2021’ සාර්ථකව නිමාවට පත්වේ

14 (1)

 




 

 

නුවරඑළිය, මහගස්තොට කේන්ද්‍ර කරගනිමින් මෙවර 87 වැනි වරටත් සංවිධානය කෙරුණු SLT-MOBITEL මහගස්තොට Festival of Speed 2021’ කඳු තරණය අප්‍රේල් 04 වන දා සාර්ථකව නිමාවට පත්විය.

SLT-MOBITEL, මෙම තරගාවලියට අඛණ්ඩව අනුග්‍රහය ලබාදුන්නේ තුන්වැනි වරටය. මෙවර  කඳු තරණය ආරම්භ වූ අප්‍රේල් 03 වන දින පැරණි මෝටර් රථ පෙළපාලියක් සහ යතුරුපැදි ධාවන තරගයක් පැවැත්වුණු අතර, අප්‍රේල් 04 වනදා මෝටර් රථ ධාවන තරග සඳහා වෙන් කර තිබිණ.  මොබිටෙල් ප්‍රධාන විධායක නිලධාරී, චන්දික විතාරණ මහතා ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූයේය.

මේ අතර SLT-MOBITEL, සන්නාම තානාපති අශාන් සිල්වා තත්පර 31.6ක නව තරග වට වාර්තාවක් තැබීමට සමත්වීම, මෙවර තරගාවලියේ කැපීපෙනෙන සිදුවීමක් විය.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව