තිරසර වාර්තාකරණය සඳහා ACCA සමස්ත රන් සම්මානය සහ බැංකු ක්ෂේත‍්‍රයේ සම්මානය කොමර්ෂල් බැංකුවට

ACCA ComBank

 



 

 

 

ශ‍්‍රී ලංකා වරලත් සහතිකලත් ගණකාධිකාරීන්ගේ සංගමය (ACCA) විසින් සංවිධානය කළ ශ‍්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවේ 2020 වාර්ෂික වාර්තාව සමස්ත ජයග‍්‍රාහකයා සහ බැංකු අංශයේ හොඳම වාර්ෂික වාර්තාව ලෙසින් සම්මානයට පාත‍්‍ර විය.

ශ‍්‍රී ලංකාවේ වඩාත් විනිවිදභාවයකින්, වගවීමකින් සහ වගකීමකින් යුතු ආයතන අතුරින් එකක් වන බව යළිත් සනාථ කරමින් කොමර්ෂල් බැංකුවට මෙම සම්මාන ප‍්‍රදානය කරන ලදී. තිරසර වටිනාකම් නිර්මාණය කිරීමේ කොමර්ෂල් බැංකුවේ ව්‍යාපාරික ආකෘතිය ඉදිරිපත් කිරීම සඳහා කොමර්ෂල් බැංකුවේ 2020 වාර්ෂික වාර්තාවේ වෙනම කොටසක් වෙන්කර තිබීම මෙහිදී කැපී පෙනේ.

මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ සමූහ ප‍්‍රධාන විධායක නිළධාරී, එස්. රෙන්ගනාදන් මහතා ‘වගකීම් සහගත මූල්‍ය ආයතනයක් ලෙස තිරසාර ව්‍යාපාරික ක‍්‍රමවේදයන් සමග හදවතින්ම කැපවෙමින් අපගේ ව්‍යාපාරික කටයුතු සිදුකරන අතරම ඒවා අපගේ වාර්ෂික වාර්තාවල සවිස්තරාත්මකව වාර්තා කිරීමටද අපි බැඳී සිටිනවා. මේ තුළින් අපගේ ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු සඳහා තිරසාරත්වය යොදාගෙන තිබෙන ආකාරය පිළිබඳව නිවැරදි දැක්මකින් යුතුව අපගේ පාර්ශවකරුවන් සම්පූර්ණයෙන්ම දැනුවත් කරනවා,’ යැයි පැවසුවේය.

තිරසාරත්වය සැලකීමේදී කොමර්ෂල් බැංකුවේ මූල්‍යයන ව්‍යාපෘති පුනර්ජනනීය බලශක්තිය, බලශක්ති සහ සම්පත් කාර්යක්ෂමතාවය, අපද්‍රව්‍ය කළමනාකරණය, වායු දුෂණය අඩුකිරීම, සුහුරු කෘෂිකර්මය සහ හරිත ගොඩනැගිලි දෙසට යොමුවී තිබේ. මේ අතර, කොමර්ෂල් බැංකුවේ හරිත මූල්‍යන කටයුතු දේශගුණික වෙනස්වීම් වලට එරෙහි සටන සඳහා ද, එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක 7 සහ 12 සපුරාලීම, දැරියහැකි පිරිසිදු බලශක්තිය සහ වගකීම් සහගත පරිභෝජනය සහ නිෂ්පාදනය වෙනුවෙන් ඉලක්ක කර ඇත. මේ අතර, ගනුදෙනුකරුවන්ගෙන් පරිසරයට සිදුවන බලපෑම අවම කිරීම සඳහා බැංකුව විසින් සිය ඩිජිටල් බැංකුකරණ කටයුතු විප්ලවීය මාවතකට අවතීර්ණ කරමින් ‘ෆ්ලෑෂ්’ ජංගම අයදුමද හඳුන්වා දෙන ලදී.

මීට අමතරව, බැංකුව විසින් කොග්ගල කඩොලාන ප‍්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් සිදුකිරිම, සාගරයේ ජෛව විවිධත්වය ආරක්ෂා කරගැනීම සඳහා සමුද්‍රික කැස්බෑවන් සංරක්ෂණය කිරීමේ වැඩසටහනක් සිදුකිරීම සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලින් ස්වයංපෝෂිතවීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා යුධ හමුදාව විසින් ආරම්භ කළ ‘තුරු මිතුරු’ වැඩසටහන සඳහා සහයෝගය දැක්වීම ඇතුළු බොහෝ වැඩසටහන් සඳහා දායකත්වය දක්වා තිබේ.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 938 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 + nine =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව