ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් සමාගම SLIA විශිෂ්ටතා සම්මාන දිනයි

THREE SINHA - SLIA (LBN)

ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනය (SLIA) සංවිධානය කළ වාර්ෂික නිෂ්පාදන සම්මාන උළෙලේදී (Annual Product Awards) දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරමින් ආරක්ෂාව පිළිබඳ ඉහළ ප්‍රමිතිවලට අනුකූලව නිපදවන, ගිනි ගැනීම්වලට ඔරොත්තු දෙන දොරවල් සඳහා විශිෂ්ටතා සම්මානයක් දිනා ගත්තේය. කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා වෙත එම සම්මානය පිරිනමන ලදී. කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස ඇරැඹුණු ත්‍රී සිංහ සමාගම වර්තමානයේදී මෙරට ඉදි කිරීම් ක්ෂේත්‍රයේ විශ්වාසනීය සන්නාමයක් බවට පත් වී තිබේ. ගුණාත්මකභාවය, නව්‍යකරණය සහ විශ්වාසනීයභාවය පිළිබඳව ප්‍රමුඛ අවධානය යොමු කරන එම සමාගම දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද විශාල කීර්තියක් දිනා ඇත. ඉහළ ප්‍රමිති අනුගමනය කිරීම වෙනුවෙන් තත්ත්ව සහතික රැසක් ලබා ඇති එම සමාගම දෙස් විදෙස් සම්මාන රැසක්ද දිනා තිබේ.

ත්‍රී සිංහ සමාගම පුළුල් පරාසයක විහිදී ඇති නිෂ්පාදන සහ සේවා සපයයි. ඒ අතර රෝලර් ඩෝ, ෂටර් සහ ගිනි ගැනීම්වලට ඔරොත්තු දෙන දොරවල් ප්‍රධාන වේ. උපරිම ආරක්ෂාවක් ලැබෙන පරිදි ඉහළ ප්‍රමිතිවලට අනුව එම දොරවල් නිපදවා ඇත. ඇලුමිනියම් සැකැසුම්, සංවේදක දොරවල් සහ ස්වයංක්‍රීය බාධක එම සමාගමේ අනෙකුත් නිෂ්පාදන අතර වේ. බල ශක්ති ක්ෂේත්‍රයේ වර්තමාන අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් තිරසාර බල ශක්තිය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇති එම සමාගම ඔන්-ග්‍රිඩ්, ඕෆ්-ග්‍රිඩ්, හයිබ්‍රිඩ් යන වර්ග තුනට අයත් සූර්ය බල ශක්ති පද්ධති ස්ථාපනය කිරීමේ සේවාද සපයයි. ත්‍රී සිංහ සමාගමට අනුබද්ධ IKLO Industries සමාගම වානේ ඉදි කිරීම් සහ ඒ ආශ්‍රිත සේවා සපයයි. උසස් තාක්ෂණය යොදා ගනිමින් සිදු කරන එම ඉදි කිරීම් ඉහළ ප්‍රමිතියකින් යුක්ත වේ. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දියුණුව සඳහාද දායක වන එම සමාගම වගා කටයුතු සඳහා අවශ්‍ය වන නව ට්‍රැක්ටර් ට්‍රේලර් මාදිලි පෙළක් හඳුන්වා දී ඇත. ත්‍රී සිංහ සමාගම ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC) සහ ලංකා ඉන්දීය ඛණිජ තෙල් සංස්ථාවට (IOC) ඩීසල් ගබඩා ටැංකිද නිපදවයි.

  



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව