ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් COYLE ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී රන් සම්මාන දිනයි

THREE SINHA - COYLE (LBN)

ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම තරුණ ලාංකික ව්‍යවසායකත්ව මණ්ඩලය (COYLE) සංවිධානය කළ “I am the Sri Lankan Entrepreneur Awards” සම්මාන උළෙලේදී මහා පරිමාණ අංශයේ රන් සම්මානය දිනා ගත්තේය. සම්පත් බැංකුවේ අනුග්‍රහයෙන් ෂැංග්‍රිලා හෝටලයේදී පැවැති සම්මාන උළෙලේදී කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා වෙත සම්මානය පිරිනමන ලදී. ත්‍රී සිංහ සමාගම කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස ආරම්භ වූ අතර වර්තමානයේදී එය මෙරට ඉදි කිරීම් ක්ෂේත්‍රයේ විශ්වාසනීය සන්නාමයක් බවට පත් වී තිබේ. දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද විශාල කීර්තියක් දිනා ඇති එම සමාගම ගුණාත්මකභාවය, නව්‍යකරණය සහ විශ්වාසනීයභාවය පිළිබඳව ප්‍රමුඛ අවධානයක් යොමු කරයි. නිෂ්පාදන සහ සේවා සැපයීමේදී ඉහළ ප්‍රමිති අනුගමනය කරන එම සමාගම දේශීය මෙන්ම විදේශීය තත්ත්ව සහතික සහ සම්මාන රැසක් දිනා තිබේ.

එම සමාගම වර්තමාන අවශ්‍යතාවලට ගැළපෙන ආකාරයෙන් ඉදි කිරීම් ක්ෂේත්‍රයට අදාළ නිෂ්පාදන සහ සේවා රැසක් සපයයි. රෝලර් ඩෝ, ෂටර්, ගිනි ගැනීම්වලට ඔරොත්තු දෙන දොරවල් ඒ අතර ප්‍රධාන වේ. ඇලුමිනියම් සැකැසුම්, සංවේදක දොරවල් සහ ස්වයංක්‍රීය බාධක ඔවුන්ගේ අනෙකුත් නිෂ්පාදන අතර වේ. තිරසාර බල ශක්තිය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කර ඇති එම සමාගම ඔන්-ග්‍රිඩ්, ඕෆ්-ග්‍රිඩ්, හයිබ්‍රිඩ් යන වර්ග තුනට අයත් සූර්ය බල ශක්ති පද්ධති ස්ථාපනය කිරීමේ සේවාද සපයයි. ත්‍රී සිංහ සමාගමට අනුබද්ධ IKLO Industries සමාගම වානේ ඉදි කිරීම් සහ ඒ ආශ්‍රිත සේවා සපයයි. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දියුණුව සඳහාද දායක වන ත්‍රී සිංහ සමාගම කෘෂිකාර්මික අවශ්‍යතාවලට ගැළපෙන ට්‍රැක්ටර් ට්‍රේලර් මාදිලි පෙළක් හඳුන්වා දී ඇත. සිය නිෂ්පාදන සහ සේවා වපසරිය නිරන්තරයෙන් පුළුල් කරන ත්‍රී සිංහ සමාගම ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC) සහ ලංකා ඉන්දීය ඛණිජ තෙල් සංස්ථාවට (IOC) අවශ්‍ය ඩීසල් ගබඩා ටැංකි නිෂ්පාදනය කරන ප්‍රධාන සැපයුම්කරුවෙක්ද වේ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව