තවත් සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් පිරිසකට ‘ෆැමිලි සවාරි’ රන් තිලිණ

FS 14 - 3rd draw - Post event

 




 

ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ්, කැරට් 22 රන් ප‍්‍රභාවෙන් තවත් රක්ෂණ ඔප්පු හිමියන් 103 දෙනෙකුගේ දිවි ආලෝකමත් කිරීමට පසුගියදා සමත් විය. සමාගමේ 14 වන ‘ෆැමිලි සවාරි’ ප‍්‍රවර්ධන වැඩසටහනේ 3 වන දිනුම් ඇදීමේ ජයග‍්‍රාහකයන් සඳහා පිරිනමන ලද රන් තිලිණවල සමස්ත වටිනාකම රුපියල් මිලියන 5 ක් විය. ප‍්‍රධාන ත්‍යාගය වූ රුපියල් මිලියනයක් වටිනා රත්තරන් මාතර ප‍්‍රදේශයේ වාසනාවන්තයකු විසින් හිමිකරගත් අතර රුපියල් 250,000 බැගින් රන් තිළිණ මොරටුව සහ පිළියන්දල ප‍්‍රදේශ වල ඔප්පුහිමියන් දිනාගත්හ. මීට අමතරව බද්දේගම, බණ්ඩාරවෙල, මඩකලපුව, කොටහේන සහ වැල්ලවත්ත යන ප‍්‍රදේශයන්හී ජයග‍්‍රාහකයන් 5 දෙනෙකුට රුපියල් ලක්ෂයක් වටිනා රත්තරන් බැගින් හිමි විය.

තවත් රක්ෂණ ඔප්පු හිමියන් 25 දෙනෙකු සඳහා රුපියල් 50,000 බැගින් වටිනා රන් තිළිණ සහ තවත් වාසනාවන්තයින් 70 දෙනෙකුට රුපියල් 25,000 බැගින් වටිනා රන් තිළිණ පිරිනමන ලදි. මෙම වසරේ තවත් දිනුම් ඇදීම් 3ක් පැවැත්වීමට නියමිත අතර සමස්ත වශයෙන් රක්ෂණ ඔප්පු හිමි 618 දෙනෙක් මිලියන 30 ක් වටිනා රන් තිළණ හිමිකර ගැනීමට සමත් වනු ඇත. මීට පෙර ෆැමිලි සවාරි ප‍්‍රවර්ධන වැඩසටහන තුළින් පිරිනමන ලද විදෙස් රටවල සහ ශ‍්‍රී ලංකාව තුළ විදේශීය සහ දේශීය සංචාර වෙනුවට රන් තිළිණ පිරිනැමීමට පියවර ගන්නා ලද්දේ කොවිඞ්-19 වසංගත රෝගී තත්වය හේතුවෙන් පැන නැගුණු සංචාරක සීමාවන් සහ සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කිරීම සැලකිල්ලට ගනිමිනි.

 

 

 




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen + fourteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව