තවත් රෝහල් 04 කට උපකරණ පරිත්‍යාගයක් සමඟ කොවිඞ්-19 මර්ධනය සඳහා කොමර්ෂල් බැංකුවෙන් ආධාර ලද රෝහල් සංඛ්‍යාව 24 ක් වෙයි

Hospital donations

 




 

 

කොමර්ෂල් බැංකුව විසින් දියත් කර තිබෙන කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කරන රෝහල් වලට අවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහන යටතේ රජයේ රෝහල් හතරක් සඳහා පසුගියදා වෛද්‍ය උපකරණ බැංකුව විසින් පරිත්‍යාග කරන ලදී. මේ අනුව, මෙම වැඩසටහන යටතේ මේ දක්වා කොමර්ෂල් බැංකුව විසින් සමස්තයක් ලෙස රට පුරා විහිදුණු රජයේ රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල 24 ක් සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සහ පුද්ගලික සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ පරිත්‍යාග කර තිබේ.

බැංකුවේ ආයතනික සමාජ වගකීම් භාරය විසින් සිදුකළ මෙම නවතම පරිත්‍යාගයට Coagulation Analyser එකක්, Blood Gas & Electrolyte Analyser එකක්, Continuous Renal Replacement Therapy (CRRT) යන්ත‍්‍රයක්, ශ්වසනාධාර උපකරණ තුනක්, රෝහල් ඇඳන් 06 ක් සහ Multiparameter Monitor හතරක් ඇතුළත් වේ. මෙම පරිත්‍යාග බැංකුව විසින් පසුගියදා කයිට්ස් මූලික රෝහලට, රත්නපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට, යාපනය ශික්ෂණ රෝහලට සහ අනුරාධපුර ශික්ෂණ රෝහලට පරිත්‍යාග කරන ලදී.

මෙම පරිත්‍යාග වලට අමතරව කොවිඞ්-19 වසංගත තත්ත්වයේදී මෙරට සෞඛ්‍ය සේවාවන්ගේ ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීම සඳහා රජය විසින් පසුගිය වසරේදී ආරම්භ කළ ජාතික කොවිඞ්-19 සෞඛ්‍යය සහ සමාජ ආරක්ෂණ අරමුදලට මුදල් පරිත්‍යාගයක්ද බැංකුව විසින් සිදු කළේය. වසංගතයටත් පෙර සිටම මෙරට සෞඛ්‍යය යටිතල පහසුකම් නැංවීමට කොමර්ෂල් බැංකුව කැපවී ක‍්‍රියාකළ අතර මේ දක්වා රජයට අයත් 50 කට අධික ළමා සහ මාතෘ රෝහල්වල යටිතල පහසුකම් සහ දැඩි සත්කාර උපකරණ නැංවීමට බැංකුව කටයුතු කර තිබේ.

පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම 11 වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 931 ක් ක‍්‍රියාත්මක කරයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 − eight =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව