ඩයලොග්, ආසිආටා සමූහය සහ භාරතී එයාර්ටෙල් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ඒකාබද්ධ කිරීමේ මූලික එකඟතාවකට

dialog-axiata-1-logo

 



 

 

ඩයලොග් ආසිආටා පී.එල්.සී (ඩයලොග්),  ආසිආටා බර්හාඩ් සමූහය (“ආසිආටා”) සහ භාරතී එයාර්ටෙල් ලිමිටඩ් (භාරතී එයාර්ටෙල්) (සාමුහිකව ‘එම පාර්ශ්වයන්’) ශ්‍රී ලංකාවේ සිය අනුබද්ධිත සමාගම්වල මෙහෙයුම් ඒකාබද්ධ කිරීමේ මූලික එකඟතාවකට එළඹෙන ලදි.  එසේ ඒකාබද්ධවනු ලබන්නේ භාරතී එයාර්ටෙල් පූර්ණ හිමිකාරීත්වය දරන අනුබද්ධිත ආයතනයක් වන භාරතී එයාර්ටෙල් ලංකා (පුද්ගලික) සමාගම සහ ආසිආටා බර්හාඩ් සමූහය  අනුබද්ධිත සමාගමක් වන ඩයලොග් සමාගමයි. යෝජිත ගනුදෙනුවට අනුව එයාර්ටෙල් ලංකා හී සාධාරණ වටිනාකමට අදාළව ඩයලොග් හී කොටස් ප්‍රමාණයක් භාරතී එයාර්ටෙල් ලිමිටඩ් වෙත පිරිනැමෙනු ඇත. ඒ අනුව ගනුදෙනුව සම්පූර්ණ වීමෙන් පසු එයාර්ටෙල් වෙත ඩයලොග්හී නව කොටස් නිකුත් කෙරෙනු ඇත.

යෝජිත ගනුදෙනුව සම්බන්ධයෙන් අදාළ නීති සහ රෙගුලාසිවලට අනුව මෙකී පාර්ශ්වයන් අතර සහ අදාළ නියාමන අධිකාරීන් අතර මේ වන විට සාකච්ඡා සිදුවෙමින් පවතී.  අදාළ නියාමනයන් සහ කොටස් හිමිකාරීත්වයේ අනුමැතීන් ඇතුළත්වන සේ යෝජිත ගනුදෙනුව සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට අත්සන් තැබීමට නියමිතය.

ඉදිරියේදී මෙයට අදාළව තවදුරටත් වර්ධනයක්  සිදුවුවහොත් උක්ත පාර්ශ්වයන් එකතුවෙන් ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරනු ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven + 11 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව