ජෝන් කීල්ස් ප්‍රොපටීස් විසින් VIMAN Ja-Ela ව්‍යාපෘතියේ 3 වැනි අදියර ආරම්භ කරයි!

2 (LBN)

ජෝන් කීල්ස් ප්‍රොපටීස් විසින් සැවොම විමසිල්ලෙන් යුතුව බලා සිටින අර්ධ නාගරික නිවාස ව්‍යාපෘතිය වන VIMAN Ja-Ela ව්‍යාපෘතියේ 3 වැනි අදියර ආරම්භ කරන බව පසුගිය දා නිවේදනය කරන ලදි. ව්‍යාපෘතියට අදාළ අක්කර හයක භූමි භාගයෙන් 60% ක් පමණම විවෘතව සහ පරිසරය සමග ඒකාත්මිකව තැබීම මගින් VIMAN Ja-Ela ව්‍යාපෘතිය පරිසරය හා බැඳුණු නවීන ජීවන විලාසිතාවක් එහි පදිංචිකරුවන් වෙත පිරි නැමීමට සූදානමින් සිටියි.

 



 
3 වැනි අදියර සඳහා කාමර දෙකකින් සහ තුනකින් සමන්විත වන ලෙස තැනූ නිවාස ඇතුළත් නව නිවාස සංකීර්ණ ද්විත්වයක් ඉදිකිරීමට නියමිත අතර, එහි ජීවත් වන්නන් හට සංකීර්ණයේ මධ්‍යම උද්‍යානය මෙන්ම සුන්දර ජා ඇල නගරයේ අපූර්වත්වය විඳ ගැනීමට අවස්ථාව හිමි වනු ඇත. ජෝන් කීල්ස් ප්‍රොපටීස් හි වඩාත් සාර්ථකම ව්‍යාපෘතියක් ලෙස නම් ලබා ඇති මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජෝන් කීල්ස් ප්‍රොපටීස් හි අංශ ප්‍රධානි සහ ජෝන් කීල්ස් සමූහයේ උප සභාපති වන ඉනෝක පෙරේරා මහතා පවසා සිටියේ.

අප VIMAN Ja-Ela ව්‍යාපෘතියේ අදියර 1 හා 2 හි සාර්ථකත්වය පිළිබඳව ඉතා සතුටට පත් වන්නෙමු. අප මෙම ව්‍යාපෘතියේ 3 වැනි අදියර ආරම්භ කරන්නේත් එම සතුටම පෙරදැරි කරගෙනයි. 2024 අගෝස්තු මස බිම සකසා අවසන් කොට මාස හයකට පසු මෙලෙස 3 වැනි අදියර ආරම්භ කිරීමට ලැබීම ගැන අප ආඩම්බර වන්නෙමු. ජා ඇල නගරයේ හදවතෙහි පිහිටා ඇති මෙම ව්‍යාපෘතිය මගින් ජනතාවට සාමකාමී උසස් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලබා දෙන අතර කොළඹ නගරය වෙත ඉක්මනින් ගමන් කිරීමට ඇති හැකියාව මගින් VIMAN Ja-Ela ව්‍යාපෘතිය වෙළඳපළ තුළ අති විශාල ඉල්ලුමක් ඇති කර තිබේ. එම නිසා මෙම ව්‍යාපෘතිය, හොඳ ආයෝජන අවස්ථාවක් ලෙස ජනතාව අතර ගොස් ඇත. අපගේ අරමුණ අර්ධ නාගරික ජීවන විලාසිතාව ඊළඟ පියවරට ගෙන යෑම වේ.”

මේ වන විටත් VIMAN ජා ඇල ව්‍යාපෘතියේ 3 වැනි අදියර වෙන් කරවා ගැනීම් සඳහා විවෘත කර ඇත. මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පාරිභෝගිකයින් හට කොළඹ පිහිටි ආකෘති නිවාසය වෙත ගොස් පරීක්ෂා කර බලා, එහි සිටින කණ්ඩායමේ සහයත් සමග තම මිලදී ගැනීම සිදු කිරීමට හැකි ය. ඔවුන් ඔබට අවශ්‍ය සියලු සහයක්ම ලබා දී, ඔබව එම ක්‍රියාවලිය ඔස්සේ රැගෙන යනු ඇත.

VIMAN Ja-Ela ගැන වැඩි විස්තර සඳහා,

පිවිසෙන්න: www.viman.lk

නැතිනම් ජෝන් කීල්ස් ප්‍රොපටීස් සම්බන්ධ කර ගන්න: 0706 068 068

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව