ජොන් කීල්ස් ප්‍රොපර්ටීස්, කොමර්ෂල් බැංකුව සමඟ එක්ව සිය වටිනා ගනුදෙනුකරුවන් වෙත ‘FREEDOM MORTGAGE’ හඳුන්වා දෙයි.

1 (1) (LBN)

 



 

 

කොළඹ, ශ්‍රී ලංකාව, 2023 අගෝස්තු – ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමාගම, කොමර්ෂල් බැංකුව සමඟ සැලසුම්ගත සහයෝගීත්වයක් ඔස්සේ TRI-ZEN Apartments වෙනුවෙන් ‘Freedom Mortgage’ නැවතත් සක්‍රීය කරන ලදී. මෙම නිවාස මූල්‍ය විසඳුම්වල ප්‍රතිඵලයක් වශයෙන් ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් ගනුදෙනුකරුවන් හට මූලිකව 20%ක් ගෙවිය හැකි අතර, ඉදිරි මාස හයක කාලය තුළ කිසිදු ගෙවීමක් සිදු කිරීම අවශ්‍ය නැත. මෙම අවස්ථාව හරහා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට සුවිශේෂී අවස්ථාවක් ලබා දෙමින් නිවාස ගැනුම්කරුවන් සහ ආයෝජකයින් සදහා නව්‍ය බලාපොරොත්තු ඇති කරනු ඇත.

කලින් කලට සිදු කළ යුතු දේපළ ණය ආපසු ගෙවීමේ දුෂ්කරතාවලින් තොරව, මහල් නිවාසයක හිමිකාරීත්වය අත්වීඳීමට ගනුදෙනුකරුවන් වෙත ඉඩ සලසමින්, Freedom Mortgage මඟින් දේපළ හිමිකාරීත්වයට අදාළ මූල්‍ය අභියෝගයන් අවම කිරීම අරමුණු කරනු ලබයි. මෙම නව විසඳුම ඔස්සේ නේවාසික නිශ්චල දේපළ වෙළඳපොළ වෙනස් මගකට යොමු කිරීමටත්, සිය වටිනා සේවාලාභීන්ගේ අවශ්‍යතා සහ වුවමනා ප්‍රමුඛ කොට කටයුතු කිරීමටත් ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් දක්වන උත්සහය මනාව පිළිබිඹු කරනු ලබයි.

මෙම නව අවස්ථාවන් පිළිබඳ අදහස් දක්වමින් ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් හි විකුණුම් සහ අලෙවිකරණ ප්‍රධානී සහ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් හි උප සභාපති වන නදීම් ෂම්ස් මහතා පවසන ලද්දේ, “වසර කිහිපයකට පෙර හඳුන්වා දෙන ලද දේපළ ණය පහසුකම් නැවත හඳුන්වාදීමට ලැබීම පිළිබඳ අපි බෙහෙවින් සතුටු වන්නෙමු. පොලී අනුපාත පහත වැටීමත් සමඟ, ඉතා ඉහළ බදු අය කරනු ලබන ස්ථාවර ආදායම් විකල්ප වලට සාපේක්ෂව, නිශ්චල දේපළ ආයෝජන සැලසුම් විශේෂයෙන් යහපත් මට්ටමක පවතී. මේ හේතුවෙන් නිදහස් මනසකින් නව නිවස වෙත පියනඟන්නට පහසුකම් සලසමින් අපි අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට සහනශීලි හැඟීමක් මෙන්ම උසස් මූල්‍ය නම්‍යශීලිතාවයක් ලබා දීමට අදහස් කරන්නෙමු.” මෙම සීමිත කාලීන දීමනාවෙන් මඟින් Freedom Mortgage හි ප්‍රයෝජන ලබා ගැනීමට මෙන්ම ආකර්ෂණීය දේපළ ණය පහසුකම් ලබා ගැනීමට ඉඩ සලසනු ලබයි.”

“කොමර්ෂල් බැංකුවේ නිවාස ණයක් සමඟ TRI-ZEN මහල් නිවාසයක ආයෝජනය කරනු ලබන ගනුදෙනුකරුවන්ට සැලකිය යුතු ප්‍රතිලාභ පිරිනැමීමට දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු සමඟ හවුල් වීමට ලැබීම පිළිබඳ අපි සතුටු වන්නෙමු. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික අංශයේ බැංකුවක සහයෝගයෙන් මෙන්ම, මෙම ගිවිසුමේ ඉදිරිපත් කර ඇති මූල්‍ය ඉතුරුම් මඟින් ඕනෑම ගැනුම්කරුවෙකු වෙත ඔවුන්ගේ සිහිනය සැබෑවක් කරලන්නට විශ්වාසයක් ගොඩනඟනු ඇත.” යනුවෙන් කොමර්ෂල් බැංකුවේ සාමාන්‍ය බැංකුකරණය සහ අලෙවිකරණය – නියෝජ්‍ය සමාන්‍යාධිකාරී, හස්රත් මුණසිංහ මහතා පැවසුවේය.

Freedom Mortgage හි මූල්‍ය ප්‍රතිලාභ හැරුණු කොට, TRI-ZEN Apartments ඔස්සේ නාගරික ජීවන රටාවක විවිධාංග අවශ්‍යතා සහ අභිරුචියන්ට අනුව නිර්මාණය කරන ලද ආකර්ෂණීය තේරීම් වලින් යුතු නවීන නිවාස ඉදිරිපත් කරනු ලබයි. TRI-ZEN යනු ව්‍යාපාර සහ විනෝදාස්වාදය වෙනුවෙන්ම වූ කොළඹ පුරවරය තුළ පදිංචිකරුවන් වෙත පහසු ජීවන රටාවක් අත්විඳීමට ඉඩ සලසමින් ආරම්භයේ සිටම ස්මාර්ට් තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කරන ලද්දකි. කොළඹ ප්‍රධාන පොදු ප්‍රවාහන පර්යන්ත, ව්‍යාපාරික මධ්‍යස්ථාන, අධ්‍යාපන ආයතන, සෞඛ්‍ය සේවා පහසුකම්, ප්‍රසිද්ධ පූජනීය ස්ථාන, හෝටල් සහ විනෝදස්වාද අවස්ථා රාශියකට ඇසුරු සැනකින් හෝ කෙටි දුරකින් ළඟාවිය හැකි කේන්ද්‍රීය පිහිටීම හේතුවෙන් මෙම මහල් නිවාස සංකිර්ණය සුවිශේෂී වන අතර, ඉදිරියේදී නිවාස හිමියන් තවතවත් ආකර්ෂණය කර ගනු ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three + twenty =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව